4. 4. 2. 3.
[තෙවැනි ප්රතිපදා සූත්රය]
13. මහණෙනි, මේ ප්රතිපත් සතරෙකි. කවර සතරෙක යත්:
දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යි.
මහණෙනි, දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා කවර? මහණෙනි, මෙසස්නෙහි මහණ තමාගේ කරජකායයෙහි අශුභානුදර්ශී වූයේ කවලීකාරාහාරයෙහි පිළිකුළැ යි යන සංඥා ඇත්තේ, මුළුලොව්හි උකටලී සංඥා ඇත්තේ, සියලු සංස්කාරයන් විෂයයෙහි අනිත්යානුදර්ශී වූයේ වෙසෙයි. ඔහුගේ සිත්හි මරණසංඥාව මැනවින් එළඹ සිටියේ වෙයි. හේ ශ්රද්ධාබල ය, හ්රීබල ය, අපත්රපාබල ය, වීර්ය්යබලය, ප්රඥාබල ය දැ යි මේ පඤ්ච ශෛක්ෂබලයන් ඇසුරු කොට වෙසෙයි. ඔහුට මේ ශ්රද්ධේන්ද්රිය ය, වීර්ය්යෙන්ද්රිය ය, ස්මෘතීන්ද්රිය ය, සමාධීන්ද්රිය ය, ප්රඥේන්ද්රිය ය යන මේ පඤ්චේන්ද්රියයෝ මෘදු වූවාහු පහළ වෙති. හේ මේ පඤ්චේන්ද්රියයන්ගේ මෘදු බැවින් ආස්රවක්ෂය පිණිස ආනන්තරික මාර්ග සමාධියට ලැසි ව පැමිණේ. මහණෙනි, මේ දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා යී කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි අශුභයන් නුවණින් දක්නාසුලු වූයේ, අහරෙහි පිළිකුල් සංඥා ඇත්තේ, සව්ලොව්හි උකටලී සංඥා ඇත්තේ, සර්වසංස්කාරයන් විෂයයෙහි අනිත්යය නුවණින් බලනසුලු වූයේ වෙසෙයි. ඔහුගේ සිත්හි මරණසංඥාව මොනොවට එළඹ සිටියේ වෙයි. හේ ශ්රද්ධාබල ය, හ්රීබල ය, අපත්රපාබල ය, වීර්ය්යබලය, ප්රඥාබල ය දැ යි මේ පඤ්ච ශෛක්ෂබලයන් ඇසුරු කොට වෙසෙයි. ඔහුට ශ්රද්ධේන්ද්රිය ය, වීර්ය්යෙන්ද්රිය ය, ස්මෘතීන්ද්රිය ය, සමාධීන්ද්රිය ය, ප්රඥේන්ද්රිය ය යන මේ පඤ්චේන්ද්රියයෝ අධිමාත්ර වූවාහු පහළ වෙති. හේ මේ පඤ්චේන්ද්රියයන්ගේ අධිමාත්රතායෙන් ආස්රවක්ෂය පිණිස ආනන්තරිකමාර්ගසමාධියට ශීඝ්ර ව පැමිණේ. මහණෙනි, මේ දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යී කියනු ලැබේ.
මහණෙනි, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා කවර? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමින් වෙන්ව ම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්රීති හා සුඛ ඇති ප්රථමධ්යානයට පැමිණ වෙසේ. විතර්කවිචාරයන්ගේ ව්යපශමයෙන් ආධ්යාත්මයෙහි පැහැදීම ඇති සිතෙහි එකඟබව ඇති විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්රීතිසුඛ ඇති ද්විතීයධ්යානයට පැමිණ වෙසේ. ප්රීතියගේ ද විරාගයෙන් උපේක්ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සම්යක් ප්රඥා ඇත්තේ වෙසෙයි. කයින් සුව ද විඳියි. ‘උපේක්ෂා ඇතියේ ස්මෘතිමත් වූයේ සුඛවිහාරියෙකි’යි ආර්ය්යයෝ යම් ඒ පුඟුලකු පවසත් ද, ඒ තෘතීයධ්යානයට පැමිණ වෙසෙයි. සුඛයාගේ ප්රහාණයෙන් ද, දුඃඛයාගේ ප්රහාණයෙන් ද කැල ම සොම්නස්දොම්නස් දෙක නැතිවී යාමෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්ෂා විසින් කළ ස්මෘතිපාරිසුද්ධි ඇති චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ. හේ මේ ශ්රද්ධාබල, හ්රීබල, අපත්රපාබල, වීර්ය්යබල, ප්රඥාබල දැයි පඤ්ච ශෛක්ෂබලයන් ඇසුරු කොට වෙසෙයි. ඔහුට ශ්රද්ධේන්ද්රිය ය, වීර්ය්යෙන්ද්රිය ය, ස්මෘතීන්ද්රිය ය, සමාධීන්ද්රිය ය, ප්රඥේන්ද්රිය ය යන මේ පඤ්චේන්ද්රියයෝ මෘදු වූවාහු පහළ වෙත්. හේ මේ පඤ්චේන්ද්රියයන්ගේ මෘදුත්වයෙන් ආස්රවක්ෂය පිණිස ආනන්තරික මාර්ගසමාධියට ලැසි ව පැමිණේ. මහණෙනි, මේ සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා යී කියනු ලැබේ.
මහණෙනි, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමින් වෙන්ව ම සවිතර්ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්රීති හා සුඛ ඇති ප්රථමධ්යානයට පැමිණ වෙසේ. ද්විතීයධ්යානයට ... තෘතීයධ්යානයට ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ. හේ සද්ධාබල, හිරිබල, ඔත්තප්පබල, විරියබල, පඤ්ඤාබල යන මේ පඤ්ච ශෛක්ෂබලයන් ඇසුරු කොට වෙසේ. ඔහුට සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධීන්ද්රිය, පඤ්ඤින්ද්රිය ය යන මේ පඤ්චේන්ද්රියයෝ අධිමාත්රව පහළ වෙත්. හේ මේ පඤ්චේන්ද්රියයන්ගේ අධිමාත්රතායෙන් ආස්රවක්ෂය පිණිස ආනන්තරික මාර්ගසමාධියට ශීඝ්ර ව පැමිණේ. මහණෙනි, මේ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යී කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්රතිපදාවෝ වෙති.