4. 4. 2. 2.
[දෙවැනි ප්රතිපදා සූත්රය]
12. මහණෙනි, මේ ප්රතිපත් සතරෙකි. කවර සතරෙක යත්:
දුක් වූ පිළිවෙත් ඇති ලැසි අභිඥා ඇති එකෙක. දුක් වූ පිළිවෙත් ඇති ශීඝ්ර අභිඥා ඇති එකෙක. සුව පිළිවෙත් ඇති ලැසි අභිඥා ඇති එකෙක. සුව පිළිවෙත් ඇති ශීඝ්රාභිඥා ඇති එකෙක.
මහණෙනි, දුක් පිළිවෙත් ඇති දන්ධාභිඥා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි ඇතැමෙක් සැහැවින් ම තීව්ර (තියුණු) රාග ඇති වෙයි. නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්ර ද්වේෂ ඇති වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්ර මෝහ ඇති වෙයි. නිතර මෝහයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. ඔහුට ශ්රද්ධේන්ද්රිය ය වීර්ය්යෙන්ද්රිය ය ස්මෘතීන්ද්රිය ය සමාධීන්ද්රිය ය ප්රඥේන්ද්රිය ය යන මේ පඤ්චේන්ද්රියයෝ මෘදු වූවාහු පහළ වෙත්. හෙ ද මේ පඤ්චේන්ද්රියයන්ගේ මෘදුත්වයෙන් ආස්රවක්ෂය පිණිස ආනන්තරික (අතර නැති ඒකක්ෂණික) මාර්ගසමාධියට ලැසි ව පැමිණේ. මහණෙනි, මේ දුක් වූ පිළිවෙත් ඇති ලැසි අභිඥා යී කියනු ලැබේ.
මහණෙනි, දුක් වූ පිළිවෙත් ඇති ශීඝ්ර අභිඥා නම් කවර? මහණෙනි, මෙ සස්නෙහි ඇතැමෙක් සැහැවින් ම තීව්ර රාගප්රකෘතික වෙයි. නිතර රාගයෙන් උපන් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්ර ද්වේෂප්රකෘතික වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්ර මෝහප්රකෘතික වෙයි. නිතර මෝහයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. ඔහුට ශ්රද්ධේන්ද්රිය ය, වීර්ය්යෙන්ද්රිය ය, ස්මෘතීන්ද්රිය ය, සමාධීන්ද්රිය ය, ප්රඥේන්ද්රිය ය යන මේ පඤ්චේන්ද්රියයෝ අධිමාත්ර වූවාහු පහළ වෙත්. හේ මේ පඤ්චේන්ද්රියයන්ගේ අධිමාත්රතායෙන් ආස්රවක්ෂය පිණිස ආනන්තරික මාර්ගසමාධියට ශීඝ්ර ව පැමිණේ. මහණෙනි, මේ දුක්පිළිවෙත් ඇති ක්ෂිප්රාභිඥා යී කියනු ලැබේ.
මහණෙනි, සුව පිළිවෙත් ඇති ලැසි අභිඥා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි ඇතැමෙක් සැහැවින් ම තීව්ර රාගප්රකෘතික නො වෙයි. නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. සැහැවින් ම තීව්ර ද්වේෂප්රකෘතික නො වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. සැහැවින් ම තීව්ර මෝහප්රකෘතික නො වෙයි. නිතර මෝහයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. ඔහුට ශ්රද්ධේන්ද්රිය ය ... ප්රඥේන්ද්රිය ය යන මේ පඤ්චේන්ද්රියයෝ මෘදු වූවාහු පහළ වෙති. හේ මේ පඤ්චේන්ද්රියයන්ගේ මෘදුතායෙන් ආස්රවක්ෂය පිණිස ආනන්තරික මාර්ගසමාධියට ලැසි ව පැමිණේ. මහණෙනි, මේ සුව පිළිවෙත් ඇති ලැසි අභිඥා යී කියනු ලැබේ.
මහණෙනි, සුව පිළිවෙත් ඇති ශීඝ්ර අභිඥා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලෙක් සැහැවින් ම තීව්ර රාගප්රකෘතික නො වෙයි. නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. සැහැවින් ම තීව්ර ද්වේෂප්රකෘතික නො වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. සැහැවින් ම තීව්ර මෝහප්රකෘතික නො වෙයි. නිතර මෝහයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. ඔහුට ශ්රද්ධේන්ද්රිය ය, වීර්ය්යෙන්ද්රිය ය, ස්මෘතීන්ද්රිය ය, සමාධීන්ද්රිය ය, ප්රඥේන්ද්රිය ය යන මේ පඤ්චේන්ද්රියයෝ අධිමාත්ර වූවාහු පහළ වෙත්. හේ මේ පඤ්චේන්ද්රියයන්ගේ අධිමාත්රතායෙන් ආස්රවක්ෂය පිණිස ආනන්තරික මාර්ගසමාධියට වහා පැමිණේ. මහණෙනි, මේ සුව පිළිවෙත් ඇති ශීඝ්ර අභිඥා යී කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්රතිපත් ය.
4. 4. 2. 3.
[තෙවැනි ප්රතිපදා සූත්රය]
13. මහණෙනි, මේ ප්රතිපත් සතරෙකි. කවර සතරෙක යත්:
දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යි.
මහණෙනි, දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා කවර? මහණෙනි, මෙසස්නෙහි මහණ තමාගේ කරජකායයෙහි අශුභානුදර්ශී වූයේ කවලීකාරාහාරයෙහි පිළිකුළැ යි යන සංඥා ඇත්තේ, මුළුලොව්හි උකටලී සංඥා ඇත්තේ, සියලු සංස්කාරයන් විෂයයෙහි අනිත්යානුදර්ශී වූයේ වෙසෙයි. ඔහුගේ සිත්හි මරණසංඥාව මැනවින් එළඹ සිටියේ වෙයි. හේ ශ්රද්ධාබල ය, හ්රීබල ය, අපත්රපාබල ය, වීර්ය්යබලය, ප්රඥාබල ය දැ යි මේ පඤ්ච ශෛක්ෂබලයන් ඇසුරු කොට වෙසෙයි. ඔහුට මේ ශ්රද්ධේන්ද්රිය ය, වීර්ය්යෙන්ද්රිය ය, ස්මෘතීන්ද්රිය ය, සමාධීන්ද්රිය ය, ප්රඥේන්ද්රිය ය යන මේ පඤ්චේන්ද්රියයෝ මෘදු වූවාහු පහළ වෙති. හේ මේ පඤ්චේන්ද්රියයන්ගේ මෘදු බැවින් ආස්රවක්ෂය පිණිස ආනන්තරික මාර්ග සමාධියට ලැසි ව පැමිණේ. මහණෙනි, මේ දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා යී කියනු ලැබේ.