4. 3. 2. 3.
[අස්සාජානීය - පතෝද සූත්රය]
13. මහණෙනි, මේ භද්ර අශ්වාජානීයයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් භද්ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවේග (ජව) උපදවයි, වේගයට පැමිණෙයි: “දැන් අස්දම්සැරි මට කවර දඬුවමක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්ර අශ්වාජානීයයෙක් මෙලොව වෙයි. මහණෙනි, මේ පළමුවන භද්ර අශ්වාජානීය ලෝකයෙහි විද්යමාන වෙයි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවේග නොම උපදවයි, වේගයට නො පැමිණේ ම ය. වැළිත් ලෝමකූපයෙහි හීකැහිටින් විදුනා ලද්දේ වෙග උපදවයි, වේගයට පැමිණෙයි: “දැන් අස්දම්සැරි මට කිනම් දඬුවමක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්ර අශ්වාජානීයයෙක් මෙලොව ඇත. මහණෙනි, මේ දෙවන භද්ර අශ්වාජානීය ලෝකයෙහි විද්යමාන වෙයි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවේග නො ම උපදවයි, වේගයට නො ද පැමිණෙයි. ලෝමකූපයෙහි විත් පහරින් විදුනා ලද්දේත් සංවේග නූපදවයි, වේගයට නො ද පැමිණෙයි. වැළිත් සමෙහි විත්පහරින් විදුනා ලද්දේ සංවේග උපදවයි, වේගයට පැමිණෙයි: “දැන් අස්දම්සැරි මට කිනම් කාරණාවක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්ර අශ්වාජානීයයෙක් මෙලොව වෙයි. මහණෙනි, මේ තුන්වන භද්ර අශ්වාජානීය ලෝකයෙහි විද්යමාන වෙයි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවේග නො ම උපදවයි, වේගයට නො ද පැමිණෙයි. ලෝම කූපයෙහි විත් පහරින් විදුනා ලද්දේ සංවේග නො ම උපදවයි. වේගයට නො පැමිණෙයි. චර්මයෙහි විත් පහරින් විදුනනා ලද්දේ සංවේග නො උපදවයි, වේගයට නො පැමිණෙයි. වැළිත් ඇට බිඳුනා විත් පහරින් විදුනා ලද්දේ සංවේග උපදවයි, වේගයට පැමිණෙයි, “දැන් අස්දම්සැරි මට කිනම් කරුණක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්ර අශ්වාජානීයයෙක් මෙලොව විද්යමාන වෙයි. මහණෙනි, මේ සතරවන භද්ර අශ්වාජානීය ලෝකයෙහි විද්යමානය.
මහණෙනි, මේ භද්රඅශ්වාජානීයයෝ සතර දෙන ලෝකයෙහි විද්යමානය හ.
මහණෙනි, එපරිදි ම භද්ර වූ මේ පුරුෂාජානීයයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානය හ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් භද්ර පුරුෂාජානීයයෙක් අසෝ ගම්හි හෝ නියම්ගම්හි හෝ ස්ත්රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි අසා ද, හෙ එයින් සංවේග (මනාවීර්ය්ය) කෙරෙයි, සංවේගයට පැමිණෙයි. උපන් සංවේග ඇත්තේ, නිවන් කරා ගිය සිත් ඇත්තේ නුවණින් ප්රධන් වීර්ය්ය කෙරෙයි. නාමකයිනුත් නිවන් දක්නේ විදර්ශනා සහිත මාර්ග ප්රඥායෙන් ද විනිවිද දකියි. මහණෙනි, යම් පරිදි ඒ භද්ර ආශ්වාජානීය කැහිටිසෙය දැක සංවේග කෙරේ ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මේ භද්ර පුරුෂාජානීයයා එබඳුහ යි මම කියමි. මහණෙනි, මෙලොව මෙබඳු වූත් ඇතැම් භද්ර පුරුෂාජානීයයෙක් වෙයි. මහණෙනි, මේ පළමුවන භද්ර පුරුෂාජානීයයා ලෝකයෙහි විද්යමාන වේ.
තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්ර පුරුෂාජානීයයෙක් අසෝ ගමෙහි හෝ නියම්ගමෙහි හෝ ස්ත්රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි නො ම අසා ද, වැළිත් දුඃඛිත වූ හෝ කලුරිය කළා වූ හෝ ස්ත්රියක හෝ පුරුෂයකු හෝ තෙමේ දක්නේ ය. හේ එයින් සංවේග කෙරේ. සංවේගයට පැමිණේ. සංවේග ඇතියේ නිවන් කරා ගිය සිත් ඇත්තේ නුවණින් ප්රධන් වීර්ය්ය කෙරේ. නාමකයිනුත් නිර්වාණය පසක් කරන්නේ විදර්ශනා සහිත මාර්ග ප්රඥායෙන් ද විනිවිද දකී. මහණෙනි, යම් පරිදි ඒ භද්ර ආශ්වාජානීය ලෝමයෙහි විත් පහරින් විදුනා ලද්දේ වේග දනවා ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මම මේ භද්ර පුරුෂාජානීයයා එබඳුහ යි කියමි. මහණෙනි, මෙබඳු වූත් ඇතැම් භද්ර පුරුෂාජානීයයෙක් මෙලොව්හි වෙයි. මහණෙනි, මේ දෙවන භද්ර පුරුෂාජානීයයා ලෝකයෙහි විද්යමාන වේ.
තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්ර පුරුෂාජානීයයෙක් අසෝ ගමෙහි හෝ නියම්ගමෙහි හෝ ස්ත්රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි නො ම අසා ද, දුඃඛිත වූ හෝ කලුරිය කළා වූ හෝ ස්ත්රියක හෝ පුරුෂයකු හෝ තෙමේත් නො දකී ද, වැළිත් ඔහුගේ නෑයෙක් හෝ සහලේ නෑයෙක් හෝ දුඃඛිත වූයේ හෝ කලුරිය කෙළේ හෝ වේ ද, හෙ එයින් සංවේග කෙරෙයි. සංවේගයට පැමිණෙයි. සංවේගයට පැමිණියේ නිවනට ගිය සිතැත්තේ නුවණින් ප්රධන් වීර්ය්ය කෙරෙයි. නාමකයිනුත් නිවන් ප්රත්යක්ෂ කරණුයේ විදර්ශනා සහිත මාර්ගප්රඥායෙන් විනිවිද දකී. මහණෙනි, යම් පරිදි ඒ භද්ර ආශ්වාජානීය තෙමේ ලොමෙහි විත් පහරින් විදුනා ලදුයේ සංවේග දනවා ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මම මේ භද්ර පුරුෂාජානීයයා එබඳුහ යි කියමි. මහණෙනි, මෙබඳු වූත් ඇතැම් භද්ර පුරුෂාජානීයයෙක් මෙලොව්හි වෙයි. මහණෙනි, මේ තුන්වන භද්ර පුරුෂාජානීයයා ලෝකයෙහි විද්යමාන වෙයි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂාජානීයයෙක් අසෝ ගමෙහි හෝ නියම්ගමෙහි හෝ ස්ත්රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි නො ම අසා ද, දුඃඛිත වූ හෝ කලුරිය කළා වූ හෝ ස්ත්රියක හෝ පුරුෂයකු හෝ තෙමේත් නො දක්නේ ද, ඔහුගේ නෑයෙක් හෝ සහලේ නෑයෙක් දුඃඛිත වූයේ හෝ කලුරිය කෙළේ හෝ නො වේ ද, වැලිත් තෙමේ ම දුක් වූ තීව්ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනෝහර වූ ප්රාණහර වූ ශාරීරිකවේදනායෙන් පහස්නා ලද්දේ වෙයි. හේ එයින් සංවේග කෙරේ. සංවේගයට පැමිණේ. සංවේගයට පැමිණියේ නිවණට ගිය සිතැත්තේ නුවණින් ප්රධන් වීර්ය්යය කෙරේ. නාමකයිනුත් නිවන් ප්රත්යක්ෂ කරණුයේ විදර්ශනා සහිත ප්රඥායෙනුත් විනිවිද දකී. මහණෙනි, යම් පරිදි ඒ භද්ර ආශ්වාජානීය ඇට බිඳුනා විත් පහරින් විදුනා ලද්දේ සංවේග දනවා ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මම මේ භද්ර පුරුෂාජානීයයා එබඳු හ යි කියමි. මහණෙනි, මෙබඳු වූත් ඇතැම් භද්ර පුරුෂාජානීයයෙක් මෙලොව්හි වෙයි. මහණෙනි, මේ භද්ර වූ සතරවන පුරුෂාජානීයයා ලෝකයෙහි විද්යමාන වේ.
මහණෙනි, මේ සතර පුරුෂාජානීයයෝ ලෝකයෙහි විද්යමානයහ.