4. 2. 5. 9.
[සික්ඛාපද සූත්රය]
49. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිසත් නො පිළිපන්නේ ය. තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ පණිවායෙන් දුරුවූයේ වෙයි. මෙරමා පණිවායෙන් වළකනු සඳහා සමාදන් නො කරවයි. තෙමේ අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමා අයිනාදනින් වළකනු සඳහා සමාදන් නො කරවයි. තෙමේ කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මෙරමා කාමයෙහි මිසහසරින් වළකනු සඳහා සමාදන් නො කරවයි. තෙමේ මුසවායෙන් දුරුවූයේ වෙයි. මෙරමා මුසවායෙන් වළකනු සඳහා සමාදන් නො කරවයි. තෙමේ මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මෙරමා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වළකනු සඳහා සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ පණිවායෙන් දුරු නො වූයේ වෙයි. මෙරමා පණිවායෙන් දුරුවනු පිණිස සමාදන් කරවයි. තෙමේ අයිනාදනින් දුරුවූයේ නො වෙයි. මෙරමා අයිනාදනින් දුරුවනු පිණිස සමාදන් කරවයි. තෙමේ කාමයෙහි මිසහසරින් දුරුවූයේ නො වෙයි. මෙරමා කාමයෙහි මිසහසරින් දුරුවනු පිණිස සමාදන් කරවයි. තෙමේ මුසවායෙන් දුරුවූයේ නො වෙයි. මෙරමා මුසවායෙන් දුරුවනු පිණිස සමාදන් කරවයි. තෙමේ මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ නො වෙයි. මෙරමා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවනු පිණිස සමාදන් කරවයි.
මහණෙනි, මෙසේ පුද්ගල මෙරමා හට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ පණිවායෙන් දුරු නො වූයේ වෙයි. මෙරමා පණිවායෙන් දුරුවනු පිණිස සමාදන් නො කරවයි. ... තෙමේ මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවූයේ නො වෙයි. මෙරමා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවනු පිණිස සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිසත් නො පිළිපන්නේ ය.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරුවනු පිණිස සමාදන් කරවයි. ... තෙමේත් මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මෙරමාත් මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරුවනු පිණිස සමාදන් කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි විද්යමානයහ.
4. 2. 5. 10.
[පෝතලිය සූත්රය]
50. එසඳ පෝතලිය පිරිවැජි භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. තුස්නට නිසි සිහිකරනුවට නිසි තෙපුල් කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් පෝතලිය පිරිවැජිහට භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ.
පෝතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
පෝතලිය, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් යුක්තප්රාප්ත කාලයෙහි අවර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ අවර්ණය කියන්නේ වේ. යුක්තප්රාප්ත කාලයෙහි වර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ වර්ණය නො කියන්නේ වෙයි.
පෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි වර්ණාර්හයාගේ භූත වූ තථ්ය වූ වර්ණය කියන්නේ වේ. නිසි කාලයෙහි අවර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ අයුණු නො කියන්නේ වෙයි.
පෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ අයුණු, නො කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ වර්ණය නො කියන්නේත් වෙයි.