4. 2. 5. 10.
[පෝතලිය සූත්රය]
50. එසඳ පෝතලිය පිරිවැජි භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. තුස්නට නිසි සිහිකරනුවට නිසි තෙපුල් කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් පෝතලිය පිරිවැජිහට භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ.
පෝතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
පෝතලිය, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් යුක්තප්රාප්ත කාලයෙහි අවර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ අවර්ණය කියන්නේ වේ. යුක්තප්රාප්ත කාලයෙහි වර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ වර්ණය නො කියන්නේ වෙයි.
පෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි වර්ණාර්හයාගේ භූත වූ තථ්ය වූ වර්ණය කියන්නේ වේ. නිසි කාලයෙහි අවර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ අයුණු නො කියන්නේ වෙයි.
පෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ අයුණු, නො කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ වර්ණය නො කියන්නේත් වෙයි.
පෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ අයුණු කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ වර්ණය කියන්නේ වෙයි.
පෝතලිය, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්යමානයහ.
පෝතලිය, මේ සතර පුද්ගලයන් අතුරෙන් කවර පුද්ගලයෙක් කල්යාණතරය යි, උත්තමතරය යි, තට රුස්නේ ද?
භවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර කෙනෙක යත්:
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ අයුණු කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ වර්ණය නො කියන්නේ වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි වර්ණාර්හයාගේ භූත වූ තථ්ය වූ වර්ණය කියන්නේ ය. නිසි කාලයෙහි අවර්ණාර්හයාගේ භූත වූ තථ්ය වූ අවර්ණය නො කියන්නේ වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්ණාර්හයාගේ භූත වූ තථ්ය වූ අවර්ණය නො කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්ණාර්හයාගේ භූත වූ තථ්ය වූ වර්ණය නො කියන්නේත් වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ අයුණු කියන්නේ වෙයි. නිසි කාලයෙහි වර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ වර්ණය කියන්නේත් වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ.
භවත් ගෞතමයන් වහන්ස, මේ සතර පුඟුලන් අතුරින් යම් පුද්ගලයෙක් යුක්තප්රාප්ත කාලයෙහි අවර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ අවර්ණය නො කියන්නේ වේද, නිසි කාලයෙහි වර්ණාර්හයාගේ භූත වූ තථ්ය වූ වර්ණය නො කියන්නේ වේ ද, මේ පුද්ගල මේ සතර පුඟුලන් අතුරින් කල්යාණතර යයි ද උත්තමතර යයි ද මට රුස්නේ ය. ඒ කවර හෙයින යත්: භවත් ගෞතමයන් වහන්ස, යම් මධ්යස්ථතායෙක් ඇද්ද, තෙල සුන්දරතර ය.
පෝතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
පෝතලිය, මෙලොව ඇතැම් පුද්ගලයෙක් යුක්තප්රාප්ත කාලයෙහි අවර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ අවර්ණය කියන්නේ වේ. ... යුක්තප්රාප්ත කාලයෙහි වර්ණාර්හයාගේ විද්යමාන වූ තථ්ය වූ වර්ණය කියන්නේ වේ. පෝතලිය, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්යමානයහ.
පෝතලිය, මේ සතර පුද්ගලයන් අතුරින් යම් පුද්ගලයෙක් නිසි කාලයෙහි අවර්ණාර්හයාගේ භූත වූ තථ්ය වූ අවර්ණය කියන්නේ වේ ද, නිසි කාලයෙහි වර්ණාර්හයාගේ විද්යමාන වූ සත්ය වූ වර්ණය කියන්නේ වේ ද, මෙ තෙම මේ සතර පුඟුලන් අතුරින් කල්යාණතර ද උත්තමතර ද වෙයි. ඒ කවර හෙයින යත්: පෝතලිය, ඒ ඒ කරුණෙහි කල් දන්නා බවෙක් ඇද්ද, තෙල කල්යාණතර වෙයි.