4. 2. 5. 4.
[තතිය සමාධි සූත්රය]
44. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේ, සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය නො ලබන සුලු වූයේ වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ලබන සුලු වූයේ, තමා තුළ චිත්තසමථය නො ලබන සුලු වූයේ වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය නො ම ලබන සුලු වූයේ, සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානයත් නො ලබන සුලු වූයේ වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේ සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය නො ලබන සුලු වූයේ වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ලබන සුලු වී නම්, වෙත පැමිණ හේ මෙසේ කිය යුතු වෙයි: “ඇවත, කෙසේ නම් සංස්කාරයෝ දතයුතු වෙත් ද? කෙසේ සංස්කාරයෝ සිමිදිය යුතු වෙත් ද? කෙසේ සංස්කාරයෝ වෙසෙසින් බැලිය යුතු වෙත් ද?” උහුට හේ දුටුසැටිය දත් සැටිය පවසයි: “ඇවත, සංස්කාරයෝ මෙසේ දතයුත්තාහ. සංස්කාරයෝ මෙසේ සිමිදිය යුත්තාහ. සංස්කාරයෝ මෙසේ වෙසෙසින් බැලිය යුත්තාහ” යි.
හේ පසු කලෙක තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ලබන සුලු වූයේ, තමා තුළ චිත්තසමථය නො ලබන සුලු වූයේ වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වී නම්, ලංව සිට හේ මෙසේ කිය යුතු වෙයි. “ඇවත, කෙසේ නම් සිත සකසා තැබිය යුතු වේ ද? කෙසේ නම් සිත සංහිඳුවා ලිය යුතු ද? කෙසේ නම් සිත එකඟ කළ යුතු ද? කෙසේ සිත අරමුණෙහි නගා ලිය යුතු දැයි” කියා යි. ඔහුට හේ දුටු සැටිය දත් සැටිය පවසයි. “ඇවත, මෙසේ සිත මොනොවට පිහිටුවිය යුතුය. මෙසේ සිත සංහිඳවිය යුතුය. මෙසේ සිත එකඟ කළ යුතුය. මෙසේ සිත අරමුණෙහි නගා ලිය යුතු ය” කියා යි.
හේ පසු කලෙක සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය ලබන සුලු වූයේත් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය නො ම ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය නො ලබන සුලු වූයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය ලබන සුලු වූයේත් වී නම්, ලං ව ගෙණ හේ මෙසේ කිය යුතු වෙයි. “ඇවැත්නි, කෙසේ නම් සිත මොනොවට පිහිටුවිය යුතු ද? කෙසේ නම් සිත සංහිඳුවා ලිය යුතු ද? කෙසේ නම් සිත එකඟ කළ යුතු ද? කෙසේ නම් සිත අරමුණෙහි නඟා ලිය යුතු ද? කෙසේ නම් සංස්කාරයෝ දත යුතු වෙත් ද? කෙසේ නම් සංස්කාරයෝ සිමිදිය යුතු වෙත් ද? කෙසේ නම් සංස්කාරයෝ වෙසෙසින් බැලිය යුතු වෙත්දැ” යි කියා යි. ඔහුට හේ දුටු සැටිය දත්සැටිය පවසයි: “ඇවත, මෙසේ සිත මොනොවට පිහිටුවිය යුතුය. මෙසේ සිත සංහිඳුවාලිය යුතුය. මෙසේ සිත එකඟ කළ යුතුය. මෙසේ සිත අරමුණෙහි නගා ලිය යුතුය. මෙසේ සංස්කාරයෝ දතයුතු වෙති. මෙසේ සංස්කාරයෝ සිමිදිය යුතු වෙති. මෙසේ සංස්කාරයෝ වෙසෙසින් බැලිය යුතු වෙති” යි කියා යි.
හේ පසුකලෙක චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය ලබන සුලු වූයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් ඒ කුසල්දහම්හි ම පිහිටා මතුයෙහි ආස්රවක්ෂය පිණිස යෝගය කළ යුතුය.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්යමානයහ.
4. 2. 5. 5.
[ඡවාලාත සූත්රය]
45. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
තමාහට හිත පිණිස වේ වයි, මෙරමාහට හිත පිණිස වේ වයි, නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාහට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය.