4. 2. 5. 3.
[දුතිය සමාධි සූත්රය]
43. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්පණාචිත්ත සමාධිය ලබන සුලු වෙයි. සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය නො ලබන සුලු වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ලබන සුලු වෙයි. තමා කෙරෙහි අර්පණාචිත්තසමාධිය නො ලබන සුලු වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්පණාචිත්ත සමාධිය නො ම ලබන සුලු වෙයි. සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය ද නො ලබන සුලු වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්පණාචිත්තසමාධිය ද ලබන සුලු ම වේ. සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානයත් ලබන සුලු වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ අර්පණාචිත්තසමාධිය ලබනුයේ සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය නො ලබනුයේ වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් තමා තුළ චිත්තසමථයෙහි පිහිටා සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානයෙහි යුක්තප්රයුක්තතා සඞ්ඛ්යාත යෝගය කටයුතුයි හේ පසුකලෙක තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ලබනුයේ, තමා තුළ චිත්තසමථය නො ලබනුයේ වේද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානයෙහි පිහිටා තමා තුළ චිත්තසමථයෙහි යෝගය කළ යුතු ය. හේ පසුකාලයෙක සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ලබනුයේත්, තමා තුළ චිත්තසමථය ලබනුයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය නොම ලබනුයේත් සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය නො ලබනුයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් එ කුසල් දහමුන් ම ලබනු පිණිස අධිමාත්ර ඡන්දය ද ව්යායාමය ද උත්සාහය ද අධිකොත්සාහය ද නො නවත්නා වැර ද සිහිය ද සම්ප්රඥානය ද කළ යුතු ය.
මහණෙනි, යම් පරිදි ඇවිළ දැවෙන පිළි ඇතියෙක් වේ වයි, ඇවිළ දැවෙන හිසැතියෙක් වේ වයි, ඒ ඒ පිළිය හෝ හිස හෝ නිවාලනු පිණිස අධිමාත්ර ඡන්දය ද ව්යායාමය ද උත්සාහය ද අධික වීර්ය්යය ද නො පසුබස්නා වැර ද සිහිය ද සම්ප්රඥානය ද කරන්නේ වේ ද, මහණෙනි, එපරිදි ම ඒ පුද්ගලයා විසින් එ කුසල් දහමුන් ම ලබනු පිණිස අධිමාත්ර වූ ඡන්දය ද ව්යායාමය ද උත්සාහය ද අධිකොත්සාහය ද නො පසුබස්නා වැර ද සිහිය ද සම්ප්රඥානය ද කළ යුතු ය. හේ පසු කලෙක තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාර පරිග්රාහක විදර්ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාර පරිග්රාහක විදර්ශනාඥානය ලබන සුලු වූයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් ඒ කුසල් දහමුන් කෙරෙහි පිහිටා මතුයෙහි ආස්රවයන් ක්ෂය කරණු පිණිස යෝගය කළ යුතු ය.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්යමානයහ.
4. 2. 5. 4.
[තතිය සමාධි සූත්රය]
44. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේ, සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය නො ලබන සුලු වූයේ වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ලබන සුලු වූයේ, තමා තුළ චිත්තසමථය නො ලබන සුලු වූයේ වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය නො ම ලබන සුලු වූයේ, සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානයත් නො ලබන සුලු වූයේ වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේ සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය නො ලබන සුලු වූයේ වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ලබන සුලු වී නම්, වෙත පැමිණ හේ මෙසේ කිය යුතු වෙයි: “ඇවත, කෙසේ නම් සංස්කාරයෝ දතයුතු වෙත් ද? කෙසේ සංස්කාරයෝ සිමිදිය යුතු වෙත් ද? කෙසේ සංස්කාරයෝ වෙසෙසින් බැලිය යුතු වෙත් ද?” උහුට හේ දුටුසැටිය දත් සැටිය පවසයි: “ඇවත, සංස්කාරයෝ මෙසේ දතයුත්තාහ. සංස්කාරයෝ මෙසේ සිමිදිය යුත්තාහ. සංස්කාරයෝ මෙසේ වෙසෙසින් බැලිය යුත්තාහ” යි.
හේ පසු කලෙක තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත්, සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.