4. 2. 5. 2.
[පඨම සමාධි සූත්රය]
42. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තමා සතන්හි අර්පණාචිත්තසමාධිය ලබන සුලු වෙයි. සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය නො ලබන සුලු වෙයි.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ලබන සුලු වෙයි. තමා සතන්හි අර්පණාචිත්තසමාධිය නො ලබන සුලු වෙයි.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්පණාචිත්තසමාධිය නොම ලබන සුලු වෙයි. සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ද නො ලබන සුලු වෙයි.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්පණාචිත්තසමාධිය ද ලබන සුලු වෙයි. සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ද ලබන සුලු වෙයි.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්යමානයහ.
4. 2. 5. 3.
[දුතිය සමාධි සූත්රය]
43. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්පණාචිත්ත සමාධිය ලබන සුලු වෙයි. සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය නො ලබන සුලු වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ලබන සුලු වෙයි. තමා කෙරෙහි අර්පණාචිත්තසමාධිය නො ලබන සුලු වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්පණාචිත්ත සමාධිය නො ම ලබන සුලු වෙයි. සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය ද නො ලබන සුලු වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්පණාචිත්තසමාධිය ද ලබන සුලු ම වේ. සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානයත් ලබන සුලු වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ අර්පණාචිත්තසමාධිය ලබනුයේ සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය නො ලබනුයේ වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් තමා තුළ චිත්තසමථයෙහි පිහිටා සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානයෙහි යුක්තප්රයුක්තතා සඞ්ඛ්යාත යෝගය කටයුතුයි හේ පසුකලෙක තමා තුළ චිත්තසමථය ලබන සුලු වූයේත් සංස්කාරපරිග්රාහකවිදර්ශනාඥානය ලබන සුලු වූයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ලබනුයේ, තමා තුළ චිත්තසමථය නො ලබනුයේ වේද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානයෙහි පිහිටා තමා තුළ චිත්තසමථයෙහි යෝගය කළ යුතු ය. හේ පසුකාලයෙක සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය ලබනුයේත්, තමා තුළ චිත්තසමථය ලබනුයේත් වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්තසමථය නොම ලබනුයේත් සංස්කාරපරිග්රාහක විදර්ශනාඥානය නො ලබනුයේත් වේ ද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් එ කුසල් දහමුන් ම ලබනු පිණිස අධිමාත්ර ඡන්දය ද ව්යායාමය ද උත්සාහය ද අධිකොත්සාහය ද නො නවත්නා වැර ද සිහිය ද සම්ප්රඥානය ද කළ යුතු ය.