4. 2. 4. 3.
[වණ්ණ සූත්රය]
33. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත පුද්ගල ගෙණැර තැබුවක් සෙයින් නිරයෙහි නික්ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
නො විමසා නො බැස ගෙණ වර්ණනාර්හ නො වන්නහුගේ ගුණ කියයි. නො විමසා නො බැස ගෙණ වර්ණනාර්හයාගේ අගුණ කියයි. නො විමසා නො බැස ගෙණ නො පැහැදිය යුතු කරුණෙහි පහදියි. නො විමසා නො බැසගෙන පැහැදිය යුතු කරුණෙහි නො පහදියි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත පුද්ගල ගෙණ ඇර තැබුවක් මෙන් නිරයෙහි බැහුනේ ය.
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත පුද්ගල ගෙණ ඇරැ තැබුවක් සෙයින් ස්වර්ගයෙහි නික්ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
විමසා බැස ගෙණ අවර්ණනාර්හයාගේ අගුණ කියයි. විමසා බැස ගෙණ වර්ණනාර්හයාගේ ගුණ කියයි. විමසා බැස ගෙණ නො පැහැදිය යුතු තැන නොපහදී. විමසා බැසගෙන පැහැදිය යුතු තැන පහදී.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්වාගත පුද්ගල ගෙණැරැ තැබුවක් සෙයින් ස්වර්ගයෙහි නික්ෂිප්තය.
4. 2. 4. 4.
[කෝධගරු සූත්රය]
34. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත පුද්ගල ගෙණැරැ තබන ලද්දක් සෙයින් නිරයෙහි නික්ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
ක්රෝධගරුක වෙයි, සද්ධර්මගරුක නො වෙයි. ගුණමකුබව ගරු කොට ඇත්තේ වෙයි. සදහම් ගරු කොට නැත්තේ වෙයි. ලාභය ගරු කොට ඇත්තේ වෙයි. සද්ධර්මය ගරු කොට නැත්තේ වෙයි. සත්කාරය ගරු කොට ඇත්තේ වෙයි. සද්ධර්මය ගරු කොට නැත්තේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්වාගත පුද්ගල ගෙණ ඇරැ තැබුවක් සෙයින් නිරයෙහි නික්ෂිප්ත ය.
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත පුද්ගල ගෙණ ඇරැතැබුවක් සෙයින් ස්වර්ගයෙහි නික්ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
සදහම් ගරු කොට වසන්නේ ක්රෝධය ගරු කොට නොවසන්නේ වෙයි. සදහම් ගරු කොට වසන්නේ ගුණමකු බව ගරු කොට නො වසන්නේ වෙයි. සදහම් ගරු කොට වසන්නේ ලාභය ගරු කොට නො වසන්නේ වෙයි. සදහම් ගරු කොට වසන්නේ සත්කාරය ගරු කොට නො වසන්නේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත පුද්ගල ගෙණ ඇරැතැබුවක් සෙයින් ස්වර්ගයෙහි නික්ෂිප්තය.