3. 2. 5. 6.
47. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත වූ රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට ද යේ:
කවර කරුණු තුණෙකින යත්:
මහණෙනි, මෙලොව රජුගේ භද්‍ර ආජානේය අශ්ව වර්‍ණසම්පන්න ද වෙයි. කායබල සම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. මහණෙනි, මේ කරුණු තුණින් සමන්‍වාගත රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යේ.
මහණෙනි, එපරිදි ම ධර්‍ම තුණෙකින් සමන්‍වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි. ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
කවර තුණෙකින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ගුණවර්‍ණයෙන් යුක්ත වූයේ ද වෙයි. වීර්‍ය්‍යබලයෙන් යුක්ත වූයේ ද වෙයි. ඥානජවයෙන් යුක්ත වූයේ ද වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ගුණවර්‍ණයෙන් යුක්ත වූයේ වේ ද:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ... ශික්‍ෂාපද විෂයෙහි සමාදන්ව හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ වීර්‍ය්‍යබලයෙන් යුක්ත වූයේ වේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත්තිය පිණිස පටන් ගත් වැර ඇතියේ වෙයි. ඥානස්ථාමයෙන් යුක්ත වූයේ වෙයි. දෘඪපරාක්‍රම ඇතියේ වෙයි. කුසල් දහම්හි නොතැබූ ධුර ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ඥානජවයෙන් යුක්ත වූයේ වේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ සුදවැසි ලොවින් පෙරළා නොඑන සුලු වූයෙ ඕපපාතික වෙයි. මහණෙනි, මෙසේ මහණ ඥානජවයෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
3. 2. 5. 7.
48. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත වූ රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය ද වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට ද යේ:
කවර තුණෙකින යත්:
මහණෙනි, මෙලොව රජුගේ භද්‍ර ආජානේය අශ්ව වර්‍ණසම්පන්න ද වෙයි. කායබලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. මහණෙනි, මේ කරුණු තුණින් සමන්‍වාගත රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යේ.
මහණෙනි, එපරිදි ම ධර්‍ම තුණෙකින් සමන්‍වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි. ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
කවර තුණෙකින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි.
මහණෙනි, මහණ කෙසේ නම් වර්‍ණසම්පන්න වේ ද:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සිකපද සමාදන්ව හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි:
මහණෙනි, කෙසේ මහණ බලසම්පන්න වේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ ඇරඹූ වැර ඇතියේ ... ඥානස්ථාමයෙන් යුක්ත වූයේ දෘඪපරාක්‍රම ඇත්තේ කුසල්දහම්හි නොබහා තැබූ ධුර ඇතියේ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.
මහණෙනි, මහණ කෙසේ ජවසම්පන්න වේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ ජවසම්පන්න වෙයි.
මහණෙනි, මේ කරුණු තුණින් සමන්‍වාගත වූ මහණ ආහුතිසඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
3. 2. 5. 8.
49. මහණෙනි, නව්‍ය වූත් වාකමය වස්ත්‍රය දුර්වර්‍ණ ද වේ. දුඃඛස්පර්‍ශ ද වේ. අල්පාර්‍ඝ ද වේ. මහණෙනි, මධ්‍යම වූත් වාකමය වස්ත්‍රය දුර්වර්‍ණ ද වේ. දුඃඛස්පර්‍ශ ද වේ. අල්පාර්‍ඝ ද වේ. මහණෙනි, ජීර්‍ණවූත් වාකමය වස්ත්‍රය දුර්වර්‍ණ ද වේ. දුඃඛස්පර්‍ශ ද වේ. අල්පාර්‍ඝ ද වේ.
මහණෙනි, ජීර්‍ණ වූත් වාකමය වස්ත්‍රය ඉකිලි පිස්නක් හෝ කෙරෙත්. එය කසළගොඩෙහි හෝ බහත්.