3. 2. 4. 7.
37. මහණෙනි, තමනට වැඩ කැමැති කුලපුත්රයෝ යමෙක්හි හික්මෙත් නම් මේ එබඳු සාධිකයෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, මේ හැම සිකපද යමෙක සංග්රහයට යේ නම් එබඳු මේ ශික්ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්ෂාය, අධිචිත්තශික්ෂාය, අධිප්රඥාශික්ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්රහයට යේ නම් මේ එබඳු ශික්ෂාවෝ තුන් දෙනහ.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ සිකපද අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්යභාවයෙක් නොකියන ලදී. බ්රහ්මචර්ය්යයට නිසි වූ යම් ඒ ආදිබ්රහ්මචර්ය්යක ශික්ෂාපදයෝ ඇත් ද, එහි ලා නිබඳ සිල් ඇතියේත් වෙයි. පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපෙදෙහි හික්මෙයි.
හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ ක්ෂයහේතුයෙන් සත්තක්ඛත්තුපරම වෙයි. සත් වටක් පරම කොට දෙවියන් කෙරෙහි ද මිනිසුන් කෙරෙහි ද දිවැ සැරිසරා දුක් කෙළවර කෙරෙයි.
හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ පරික්ෂය හේතුයෙන් කොලංකොල (=භවයෙන් භවයට යනුවෙක්) වෙයි. භවයන් දෙකක් හෝ තුණක් හෝ දිවැ සැරැ දුක් කෙළවර කෙරෙයි.
හේ තුන් වැදෑරුම් වූ සංයෝජනයන්ගේ පරික්ෂය හේතුයෙන් ඒකබීජී (=එක් භවයකට ම බීජ ඇතියේ) වෙයි. එක් ම මනුෂ්යභවයක් නිපයා දුක් කෙළවර කෙරෙයි.
හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ පරික්ෂය හේතුයෙන් රාග ද්වේෂ මෝහයන්ගේ තානවයෙන් (තුනී බැවින්) සෙදගැමි වෙයි. වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැඟී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්? මහණෙනි, මෙහි ලා මා විසින් අභව්යභාවයෙක් නොකියන ලදී. බ්රහ්මචර්ය්යයට නිසි වූ යම් ඒ ආදිබ්රහ්මචර්ය්යක ශික්ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපෙදෙහි හික්මෙයි.
හේ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්ෂය හේතුයෙන් උද්ධංසෝත අකනිට්ඨගාමී වෙයි.
හේ පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්ෂය හේතුයෙන් සංසඞ්ඛාර පරිනිබ්බායී වෙයි.
හේ පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්ෂය හේතුයෙන් අසඞ්ඛාර පරිනිබ්බායී වෙයි.
හේ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්ෂය හේතුයෙන් උපහච්චපරිනිබ්බායී වෙයි.
හේ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්ෂය හේතුයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්රඥායෙහි පරිපූරකාරී වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්? මහණෙනි, මෙහි ලා මා විසින් අභව්යභාවයෙක් නොකියන ලදී. බ්රහ්මචර්ය්යයට නිසි වූ යම් ඒ ආදිබ්රහ්මචර්ය්යක ශික්ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදයෙහි හික්මෙයි. හේ ආස්රවයන් ක්ෂය කිරීමෙන් අනාස්රව වූ චේතෝවිමුක්තිය හා ප්රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්රත්යක්ෂ කොට එයට එළඹ වෙසෙයි.
මහණෙනි, මෙසේ ප්රදේශකාරී පුද්ගල ප්රදේශය සපයයි. පරිපූරකාරී පුද්ගල පරිපූර්ණාර්ත්ථය සපයයි. මහණෙනි, මම “සිකපදහු නොවඳහ” යි වදාරමි යි.