3. 2. 4. 6.
36. මහණෙනි, තමනට වැඩ කැමැති කුලපුත්‍රයෝ යමෙක්හි හික්මෙත් නම් එබඳු මේ සාධික යෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, යමෙක මේ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනහ.
මහණෙනි, මෙ සස්නෙහි මහණ, ශීලයෙහි පරිපූරකාරී වෙයි, සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි, හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ සිකපද අවදනේත් ඇවැතින් නැඟ සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ වෙත් ද, එහි ලා නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදෙහි හික්මෙයි. හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ ක්‍ෂයහේතුයෙන් අපායට නොහෙන සැහැවි ඇතියේ මාර්‍ගනියාමයෙන් නියත වූයේ උපරිමාර්‍ගත්‍රය සඞ්ඛ්‍යාත සම්බෝධිය පරායණ කොට ඇතියේ සෝවන් වෙයි.
මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැඟී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදි බ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපෙදෙහි හික්මෙයි. හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් රාගද්වේෂ මෝහයන්ගේ තානවයෙන් සකෘදාගාමී වෙයි. එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි.
මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැග සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත්. පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදයෙහි හික්මෙයි. හේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නොඑන සැහැවි ඇත්තේ එහි ම පිරිනිවන් පානේය.
මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි පරිපූරකාරී වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි ලා නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදයෙහි හික්මෙයි. හේ ආස්‍රවයන්ගේ ක්‍ෂයහේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළඹ වෙසෙයි.
මහණෙනි, මෙසේ ප්‍රදේශකාරී ආර්‍ය පුද්ගල (=සෝවන් සෙදගැමි, අනගැමි පුඟුල්) ප්‍රදේශයක් සපයයි. පරිපූරකාරී පුද්ගල (=රහත් තෙමේ) පරිපූර්‍ණාර්‍ත්‍ථය (=රහත්ඵලය) සපයයි. මහණෙනි, මම සිකපදහු නොවඳහ යි කියමියි.
3. 2. 4. 7.
37. මහණෙනි, තමනට වැඩ කැමැති කුලපුත්‍රයෝ යමෙක්හි හික්මෙත් නම් මේ එබඳු සාධිකයෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, මේ හැම සිකපද යමෙක සංග්‍රහයට යේ නම් එබඳු මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනහ.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ සිකපද අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි ලා නිබඳ සිල් ඇතියේත් වෙයි. පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපෙදෙහි හික්මෙයි.
හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ ක්‍ෂයහේතුයෙන් සත්තක්ඛත්තුපරම වෙයි. සත් වටක් පරම කොට දෙවියන් කෙරෙහි ද මිනිසුන් කෙරෙහි ද දිවැ සැරිසරා දුක් කෙළවර කෙරෙයි.