3. 2. 1. 3.
3. එකල්හි එක්තරා බමුණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. ... එකත්පස්ව හුන් ඒ බමුණු භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ‘ධර්මය සාංදෘෂ්ටිකය, ධර්මය සාංදෘෂ්ටිකය’ යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණෙකින් ධර්මය සාංදෘෂ්ටික වේ ද? අකාලික වේ ද? ‘එව, බලව’ යන විධියට සුදුසු වේ ද? උපනයනාර්හ වේ ද? නුවණැත්තන් විසින් තමා සතන්හි ලා දතයුතු වේ දැ? යි.
බ්රාහ්මණය, රාගයෙන් ඇලුණේ රාගයෙන් මැඩුනේ රාගයෙන් ගත් සිත් ඇත්තේ, තමාට පීඩා පිණිස ද සිතයි, මෙරමාහට පීඩා පිණිස ද සිතයි, දෙපසට ම පීඩා පිණිස ද සිතයි. චෛතසික වූ දුක්දොම්නස් විඳියි. රාගය ප්රහත වූ කල්හි ආත්ම පීඩාව පිණිස නොම සිතයි. මෙරමාහට පීඩා පිණිස නොම සිතයි. දෙපසට ම පීඩා පිණිස නොම සිතයි. චෛතසික දුක්දොම්නස් නොවිඳියි. බ්රාහ්මණය, මෙසේත් ධර්මය සාංදෘෂ්ටික වේ. ... බ්රාහ්මණය, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මපීඩා පිණිස ද සිතයි ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි, මානසික දුක්දොම්නස් විඳියි. ද්වේෂය ප්රහත වත් ම ආත්මපීඩාව පිණිස නො සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස නො සිතයි. මානසික දුක් දොම්නස් නොවිඳියි. ... බ්රාහ්මණය, මෙසේත් ධර්මය සාංදෘෂ්ටික වේ. බ්රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මපීඩාව පිණිස ද සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. මානසික දුක්දොම්නස් ද විඳියි. මෝහය ප්රහතවත් ම ආත්මපීඩාව පිණිස ද නො සිතයි. මෙරමාහට ... පීඩා පිණිස ද ... දෙපසට ම පීඩා පිණිස ද නො සිතයි. මානසික වූ දුක්දොම්නස් නො විඳියි. බමුණ, මෙසේ වනාහි ධර්මය සාංදෘෂ්ටික වෙයි. කල් නොයවා විපාක දෙන්නේ වේ. ‘එව බලව’ යන විධියට සුදුසු වේ. උපනයනාර්හ වේ. නුවණැත්තන් විසින් තමා සතන්හි එළවා දතයුතු වේ යයි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දරණසේක්වා යි.
3. 2. 1. 4.
4. එකල්හි එක්තරා බමුණු පිරිවැජියෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. ... එකත්පස්ව හුන් ඒ බමුණු පිරිවැජි භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘භවත් ගෞතමයන් වහන්ස, ‘ධර්මය සාංදෘෂ්ටිකය, ධර්මය සාංදෘෂ්ටිකය’ යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණෙකින් ධර්මය සාංදෘෂ්ටික වේ ද, අකාලික වේ ද, ඒහිපස්සික වේ ද, ඕපනයික වේ ද, නුවණැත්තන් විසින් සියසතන්හි ලා දතයුතු වේ දැ?’ යි.
බ්රාහ්මණය, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ තමහට පීඩා පිණිස ද සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. මානසික දුක් දොම්නස් විඳියි. රාගය ප්රහීණ වත් ම තමහට පීඩා පිණිස ද නොම සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද නොම සිතයි. මානසික දුක්දොම්නස් නො ම විඳියි.
බ්රාහ්මණය, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් කරයි. රාගය ප්රහීණ වත් ම කයින් දුසිරිත් නො ම කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් නො ම කරයි.
බමුණ, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මාර්ත්ථය ද තත්වූ පරිද්දෙන් නො දනියි. පරාර්ත්ථය ද ... උභයාර්ත්ථය ද තත් වූ පරිද්දෙන් නො දනියි. රාගය ප්රහීණ වත්ම ආත්මාර්ත්ථය ද තත් වූ පරිද්දෙන් දැනගණීයි. පරාර්ත්ථය ද ... උභයාර්ත්ථය ද තත්වූ පරිද්දෙන් දැනගණීයි. බ්රාහ්මණය, මෙසේ ද ධර්මය සාංදෘෂ්ටික වෙයි. ...

බ්රාහ්මණය, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ ... බ්රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ තමහට පීඩා පිණිස ද සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. මානසික දුක් දොම්නස් විඳියි. මෝහය ප්රහීණවත් ම තමහට පීඩා පිණිස ද නො සිතයි. මෙරමාහට පීඩා පිණිස ද නොසිතයි. දෙපසට ම පීඩා පිණිස ද නො සිතයි. මානසික දුක් දොම්නස් නොම විඳියි.
බ්රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් දුසිරිත් කරයි. සිතින් දුසිරිත් කරයි. මෝහය ප්රහීණ වත් ම කයින් දුසිරිත් නො ම කරයි. වචනයෙන් ... මනසින් දුසිරිත් නො ම කරයි.
බමුණ, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මාර්ත්ථය ද තත්වූ පරිද්දෙන් නො දනියි. පරාර්ත්ථය ද ... උභයාර්ත්ථය ද තත් වූ පරිද්දෙන් නො දනියි. මෝහය ප්රහීණ වත්ම ආත්මාර්ත්ථය ද තත් වූ පරිද්දෙන් දැනගණීයි. පරාර්ත්ථය ද ... උභයාර්ත්ථය ද තත්වූ පරිද්දෙන් දැනගණීයි. බ්රාහ්මණය, මෙසේ වනාහි ධර්මය සාංදෘෂ්ටික ද අකාලික ද ඒහිපස්සික ද ඕපනයික ද නුවණැත්තන් විසින් තමන් සතන්හි ලා දතයුත්තේ ද වේ.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවියෙන් සරණ ගිය උවසුවකු කොට දරණ සේක්වා යි.