3. 2. 1. 4.
4. එකල්හි එක්තරා බමුණු පිරිවැජියෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. ... එකත්පස්ව හුන් ඒ බමුණු පිරිවැජි භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘භවත් ගෞතමයන් වහන්ස, ‘ධර්මය සාංදෘෂ්ටිකය, ධර්මය සාංදෘෂ්ටිකය’ යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණෙකින් ධර්මය සාංදෘෂ්ටික වේ ද, අකාලික වේ ද, ඒහිපස්සික වේ ද, ඕපනයික වේ ද, නුවණැත්තන් විසින් සියසතන්හි ලා දතයුතු වේ දැ?’ යි.
බ්රාහ්මණය, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ තමහට පීඩා පිණිස ද සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. මානසික දුක් දොම්නස් විඳියි. රාගය ප්රහීණ වත් ම තමහට පීඩා පිණිස ද නොම සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද නොම සිතයි. මානසික දුක්දොම්නස් නො ම විඳියි.
බ්රාහ්මණය, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් කරයි. රාගය ප්රහීණ වත් ම කයින් දුසිරිත් නො ම කරයි. වචනයෙන් ... සිතින් දුසිරිත් නො ම කරයි.
බමුණ, රාගයෙන් අනුරක්ත වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මාර්ත්ථය ද තත්වූ පරිද්දෙන් නො දනියි. පරාර්ත්ථය ද ... උභයාර්ත්ථය ද තත් වූ පරිද්දෙන් නො දනියි. රාගය ප්රහීණ වත්ම ආත්මාර්ත්ථය ද තත් වූ පරිද්දෙන් දැනගණීයි. පරාර්ත්ථය ද ... උභයාර්ත්ථය ද තත්වූ පරිද්දෙන් දැනගණීයි. බ්රාහ්මණය, මෙසේ ද ධර්මය සාංදෘෂ්ටික වෙයි. ...

බ්රාහ්මණය, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ ... බ්රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ තමහට පීඩා පිණිස ද සිතයි. මෙරමාහට ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. මානසික දුක් දොම්නස් විඳියි. මෝහය ප්රහීණවත් ම තමහට පීඩා පිණිස ද නො සිතයි. මෙරමාහට පීඩා පිණිස ද නොසිතයි. දෙපසට ම පීඩා පිණිස ද නො සිතයි. මානසික දුක් දොම්නස් නොම විඳියි.
බ්රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් දුසිරිත් කරයි. සිතින් දුසිරිත් කරයි. මෝහය ප්රහීණ වත් ම කයින් දුසිරිත් නො ම කරයි. වචනයෙන් ... මනසින් දුසිරිත් නො ම කරයි.
බමුණ, මෝහයෙන් මූඪ වූයේ මඩනා ලද්දේ ගත් සිත් ඇත්තේ ආත්මාර්ත්ථය ද තත්වූ පරිද්දෙන් නො දනියි. පරාර්ත්ථය ද ... උභයාර්ත්ථය ද තත් වූ පරිද්දෙන් නො දනියි. මෝහය ප්රහීණ වත්ම ආත්මාර්ත්ථය ද තත් වූ පරිද්දෙන් දැනගණීයි. පරාර්ත්ථය ද ... උභයාර්ත්ථය ද තත්වූ පරිද්දෙන් දැනගණීයි. බ්රාහ්මණය, මෙසේ වනාහි ධර්මය සාංදෘෂ්ටික ද අකාලික ද ඒහිපස්සික ද ඕපනයික ද නුවණැත්තන් විසින් තමන් සතන්හි ලා දතයුත්තේ ද වේ.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවියෙන් සරණ ගිය උවසුවකු කොට දරණ සේක්වා යි.
3. 2. 1. 5.
5. එකල්හි ජානුස්සෝණි බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. ... එකත්පස්ව හුන් ජානුස්සෝණි බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: භවත් ගෞතමයන් වහන්ස, ‘නිර්වාණය සාංදෘෂ්ටිකය, නිර්වාණය සාංදෘෂ්ටිකය’ යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණෙකින් නිර්වාණය සාංදෘෂ්ටික වේ ද අකාලික වේ ද ඒහිපස්සික වේ ද ඕපනයික වේ ද නුවණැත්තන් විසින් තමන් සතන්හි ලා දතයුතු වේ දැ?’ යි.
බමුණ, රාගයෙන් ඇලුනේ රාගයෙන් මැඩුනේ, රාගයෙන් ගත් සිත් ඇත්තේ තමාට පීඩා පිණිස ද සිතයි ... දෙපසට ම පීඩා පිණිස ද සිතයි. චෛතසික දුක් දොම්නස් ද විඳියි. රාගය ප්රහීණ වත් ම තමාට පීඩා පිණිස ද නො සිතයි, මෙරමාහට පීඩා පිණිස ද නො සිතයි, දෙපසට පීඩා පිණිස ද නො සිතයි. චෛතසික දුක් දොම්නස් ද නො විඳියි. බ්රාහ්මණය, මෙසේත් නිර්වාණය සාංදෘෂ්ටික වේ.
බමුණ, ද්වේෂයෙන් ද්විෂ්ට වූයේ ... බ්රාහ්මණය, මෝහයෙන් මූඪ වූයේ මෝහයෙන් මැඩුනේ මෝහයෙන් ගත් සිත් ඇත්තේ තමාට පීඩා පිණිස ද සිතයි. මෙරමාහට පීඩා පිණිස ද සිතයි. දෙපසට ම පීඩා පිණිස ද සිතයි. චෛතසික දුක් දොම්නස් ද විඳියි. බමුණ, ද්වේෂය ප්රහීණ වත් ම ... මෝහය ප්රහීණවත් ම තමාට පීඩා පිණිස නො සිතයි. මෙරමාහට පීඩා පිණිස නො සිතයි. දෙපසට ම පීඩා පිණිස නො සිතයි. චෛතසික වූ දුක් දොම්නස් නො විඳියි. බමුණ, මෙසේත් නිර්වාණය සාංදෘෂ්ටික වේ.
බමුණ, යම් තැනෙක පටන් කොට මෙ තෙමේ නිරවශේෂයෙන් රාගක්ෂය (සඞ්ඛ්යාත නිර්වාණය) ප්රත්යක්ෂ කෙරේ ද, නිරවශේෂයෙන් ද්වේෂක්ෂය ප්රත්යක්ෂ කෙරේ ද, නිරවශේෂයෙන් මෝහක්ෂය ප්රත්යක්ෂ කෙරේ ද, බ්රාහ්මණය, මෙසේ වනාහි නිර්වාණය සාංදෘෂ්ටික වෙයි, අකාලික වෙයි, ඒහිපස්සික වෙයි, ඕපනයික වෙයි, නුවණැත්තන් විසින් තමන් සතන්හි ලා දතයුතු වේ යි.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවියෙන් සරණ ගිය උවසුවකු කොට මා දරණ සේක්වා යි.
3. 2. 1. 6.
6. එකල්හි එක්තරා මහසල්කුල බමුණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පසෙක හුන් බමුණු මහසල් තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: ‘භවත් ගෞතමයන් වහන්ස, ‘පෙර වනාහි මේ ලෝකය මිනිසුන් විසින් අවීචිය සේ නිරතුරු පිරුණේ වෙයි. ගම් නියම්ගම් රජදහන්හු (කුකුළකු විසින් පියහසරින් යා හැකි පමණ නුදුරෙහි වූ පියසි ඇති බැවින්) කුක්කුට සමපාතික වූහ’ යි. පෙර විසූ වෘද්ධ වූ මහලු වූ ආචාර්ය්ය ප්රාචාර්ය්ය වූ බණන බමුණන් අතින් මවිසින් අසනලදී’ යි.
භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් දැන් මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනී බවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු නො නියම්ගම් වේ නම්, නුවර නො නුවර වේ නම්, දනවු නො දනවු වේ නම්, එයට හේතු කවර? එයට ප්රත්යය කවර’යි විචාළේ ය.