3. 1. 4. 8.
38. මහණෙනි, වූ විරීයෙකි: සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් ඇලුම් කරවමින් ඒ වෙලායෙහි මේ ගය කීය:
32. ‘ඉදින් යම් මිනිසෙක් මා’ බඳු වන්නේ නම්, ඒ මිනිස් පක්ෂයෙහි තුදුස්වක්හි ද, පසළොස්වක්හි ද, අටවක්හි ද, ප්රාතිහාර්ය්ය පක්ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේ ය.
මහණෙනි, සක්දෙවිඳු විසින් ඒ ගාථා වරදවා ගයන ලදු. මැනැවින් නො ගයන ලදු. වරදවා කියන ලදු. මැනැවින් නො කියන ලදු. ඒ කවරහෙයින යත්: සක්දෙවිඳු වනාහි පහ නො කළ රාග ඇත්තෙක. පහ නො කළ ද්වේෂ ඇත්තෙක. පහ නො කළ මෝහ ඇත්තෙක. මහණෙනි, ක්ෂය කළ ආස්රව ඇති, වැස නිම වූ මඟබඹසර ඇති, කරණ ලද සිවුමග කටයුතු ඇති, බහා තබන ලද කෙලෙස්බර ඇති, පැමිණි ස්වාර්ත්ථ ඇති, ක්ෂය කළ සසර බැඳුම් ඇති, මනාසේ දැන කෙලෙසුන් කෙරෙන් මිදුනු යම් රහත් මහණෙක් වේ ද, ඒ මහණහු විසින් මෙය කියන්නට නිසි ය.
33. ‘ඉදින් යම් මිනිසෙක් මා බඳු වන්නේ ද, ඒ මිනිස් පක්ෂ පිළිබඳ තුදුස්වක්හි ද, පසළොස්වක් හි ද, අටවක්හි ද, ප්රාතිහාර්ය්ය පක්ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේ ය.
කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් ඒ මහණ පහ වූ රාග ඇත්තේ වේ ද, පහ වූ ද්වේෂ ඇත්තේ වේ ද, පහ වූ මෝහ ඇත්තේ වේ ද, එහෙයිනි.
මහණෙනි, වූ විරීයෙකි: සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් ඇලුම් කරවමින් ඒ වෙලායෙහි මේ ගය කීය:
34. ඉදින් යම් මිනිසෙක් මා බඳු වන්නේ නම්, ඒ මිනිස් පක්ෂ පිළිබඳ තුදුස්වක්හි ද, පසළොස්වක් හි ද, අටවක්හි ද, ප්රාතිහාර්ය්යපක්ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේය’යි.
මහණෙනි, සක්දෙවිඳු විසින් ඒ ගාථාව වරදවා ගයන ලදු. මැනැවින් නො ගයන ලදු, වරදවා කියන ලදු, මැනැවින් නො කියන ලදු. ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් සක්දෙවිඳු ජාතියෙන් ද, ජරායෙන් හා මරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීමෙන් ද, දුක්දොම්නසින් ද, දැඩි ආයාසයෙන් ද, හාත්පසින් නො මිදුනේ ද, එහෙයිනි. (හෙ තෙමේ) දුකින් නොමිදුනේ ය යි කියමි.
මහණෙනි, ක්ෂය කළ ආස්රව ඇති, වැස නිම වූ මඟබඹසර ඇති, කරණ ලද සිවුමග කටයුතු ඇති, බහා තැබූ කෙලෙස්බර ඇති, පැමිණි ස්වාර්ත්ථ ඇති, ක්ෂය කළ සසර බැඳුම් ඇති මනාසේ දැන කෙලෙසුන් ගෙන් මිදුනු යම් රහත් මහණෙක් වේ ද, ඒ මහණහු විසින් මෙය කියන්නට නිසි ය.
35. ‘ඉදින් යම් මිනිසෙක් මා බඳු වන්නේ ද, ඒ මිනිස් පක්ෂය පිළිබඳ තුදුස්වක්හි ද, පසළොස්වක් හි ද, අටවක්හි ද, ප්රාතිහාර්ය්යපක්ෂයෙහි ද, අටඟින් යුත් පෙහෙවස් වසනේ ය.
ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් ඒ මහණ ජාතියෙන් ද, ජරාමරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීමෙන් ද, කායිකදුකින් ද, දොම්නසින් ද, දැඩි ආයාසයෙන් ද, මිදුනේ ද, එහෙයිනි. (හෙ තෙමේ) දුකින් මිදුනේය යි කියමි.
3. 1. 4. 9.
39. මහණෙනි, මම නිදුක්මි. අතිශයින් නිදුක්මි. සතතයෙන් නිදුක්මි. මහණෙනි, මාගේ පියනිවෙස්නෙහි පොකුණු කරවන ලද. එකෙක වනාහි නිලුපුල් පිපෙයි. එකෙක හෙළපියුම් පිපෙයි. එකෙක රත්පියුම් පිපෙයි. ඒ වනාහි හුදෙක් මා පිණිස ම ය. මහණෙනි, මම වනාහි නො සියුම් සඳුනක් නම් නො දරමි. මහණෙනි, මා හිස්වෙළුම ද සියුම් ම වෙයි. මාගේ පොරෝනා කස්ස ද සියුම් ම ය. හඳනා ද සියුම් වෙයි. උතුරුසළුව ද සියුම් වේ. මහණෙනි, රෑ දෙවෙහි ශීතය හෝ උෂ්ණය හෝ රජස හෝ තෘණ හෝ පිනි හෝ මුහු නහමක් පෙළාවා යි මට සේසතෙක් දරණු ලැබේ.
මහණෙනි, ඒ මට තුන් පහයෙක් වීය. එකෙක් හේමන්තයට හිත ය, එකෙක් ගිම්හානයට හිත ය, එකෙක් වර්ෂාඍතුවට හිත ය. මහණෙනි, ඒ මම වැසිකලට නිසි පහයෙහි පිරිමින් නැති (ස්ත්රීන් කරණ) පසඟතුරුයෙන් පිනවනු ලබන්නෙම් යට පහයට නො බස්මි. මහණෙනි, යම්සේ අන්යයන්ගේ නිවෙස්හි දස්කම්කරු අතැවැසි පුරුෂයනට කාඩි දෙවන කොට ඇති නිවුඩුසාලේ බත දෙනු ලැබේ ද, මහණෙනි, එලෙසින් මාගේ පිය නිවෙස්නෙහි දස්කම්කරු යටත් පුරුෂයනට මස් සහිත ඇල්සහලේ බත් දෙනු ලැබේ.
මහණෙනි, මෙබඳු ඉදුහයෙන් ද මෙබඳු සියුමැලියෙන් ද යුත් ඒ මට මේ සිත විය: අශ්රැතවත් පෘථග්ජන ජරාව ස්වභාව කොට ඇත්තේ ම ජරාව නො ඉක්ම වූයේ ම ජරාවට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි. ලජ්ජිතවෙයි, පිළිකුල් උපදවයි. වැලි මම ද ජරාව ස්වභාව කොට ඇත්තෙම්. ජරාව නො ඉක්ම වූයෙම් වෙමි. මම ද ජරාව ස්වභාව කොට ඇත්තෙම් ජරාව නො ඉක්ම වූයෙම් ම ජරාවට පත් අනෙකකු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, එය මට නිසි නො වන්නේ ම ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ යොවුන් විය නිමිති කොට යම් යෞවනමදයෙක් වී ද, එය සර්වප්රකාරයෙන් ප්රහත විය.
අශ්රැතවත් පෘථග්ජනයා තෙමේ ව්යාධිය ස්වභාව කොට ඇත්තේ ම ව්යාධිය නො ඉක්ම වූයේ ම ව්යාධියට පත් අනෙකකු දැක තමා තබා පීඩිත වෙයි, ලජ්ජිත වෙයි, පිළිකුල් උපදවයි. මම වැලිත් ව්යාධිය ස්වභාව කොට ඇත්තෙම්, ව්යාධිය නො ඉක්ම වූයෙම් වෙමි. මම ද ව්යාධිය ස්වභාව කොට ඇත්තෙම්, ව්යාධිය නො ඉක්ම වූයෙම් ම ව්යාධියට පත් අනෙකකු දැක පීඩිත වන්නෙම් නම්, ලජ්ජිත වන්නෙම් නම්, පිළිකුල් උපදවන්නෙම් නම්, ඒ මට තරම් නො වන්නේ ම ය’. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලන්නා වූ ඒ මාගේ ආරෝග්යය නිමිති කොට යම් ආරෝග්යමදයෙක් වී නම්, එය සර්වප්රකාරයෙන් ප්රහත විය.