11. 2. 9.
දුතිය සමාධි සූත්රය
[සැවැත්]
එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
මහණෙනි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම්, අප්හි අප්සංඥා නැතියේ වේ නම්, තේජස්හි තේජස්සංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නැතියේ වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නැතියේ වේ නම්, යම් මේ ප්රාප්ත, පර්ය්යෙෂිත, මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් නම් එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්රතිලාභයෙක් වන්නේ දැ යි?
වහන්ස, අපගේ ධර්මයෝ භගවද්මූලකයහ, භගවද්නේතෘකයහ, භගවත්ප්රතිසරණයහ. වහන්ස, තෙල භාෂිතයාගේ අර්ත්ථය භාග්යවතුන් වහන්සේට ම වැටහේ නම්, ඒකාන්තයෙන් මැනෑ මය. භාග්යවතුන් වහන්සේ හමුයෙහි අසා භික්ෂූහු ධරන්නාහයි.
මහණෙනි, එකරුණින් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමියි. ‘වහන්ස, එසේය’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වූහ, භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම් ... යම්බඳු මේ මනසින් ප්රාප්ත, පර්ය්යෙෂිත, සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේ ද වේ නම් මහණහට එබඳු සමාධිප්රතිලාභයෙක් වන්නේය.
වහන්ස, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැතියේ වේ නම් ... යම්බඳු මේ මනසින් ප්රාප්ත, පර්ය්යෙෂිත, සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේ ද වේ නම් කෙසේ නම් මහණහට එබඳු සමාධිප්රතිලාභයෙක් වේ දැයි?
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙබඳු සංඥා ඇතියේ වෙයි. ‘යම්බඳු මේ සර්වසංස්කාරයන්ගේ ශමථයෙක්, සර්වොපධීන්ගේ ප්රතිනිඃසර්ගයෙක්, තෘෂ්ණාක්ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්වාණයෙක් වේ නම්, තෙල ශාන්තය, තෙල ප්රණීතය’යි. මහණෙනි, මෙසේ වනාහි යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම් ... යම්බඳු මේ මනසින් ප්රාප්ත, පර්ය්යෙෂිත, සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, එබඳු සමාධිප්රතිලාභයෙක් භික්ෂුහට වන්නේ යයි.
11. 2. 10.
තතිය සමාධි සූත්රය
[සැවැත්]
එකල්හි බොහෝ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවන් කරා එළඹියහ, එළඹ ආයුෂ්මත් ශාරීපුත්ර තෙරුන් හා සමග සතුටුවූහ. සම්මෝදනයට නිසි සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවන්ට තෙල කීහ: