11. ඒකාදශ නිපාතය
ඒ භගවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. නිස්සය වර්ගය
11. 1. 1.
කිමත්ථිය සූත්රය
මා විසින් මෙසේ අසනලදි: එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක.
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
වහන්ස, කුශලශීලයෝ කවරක් අර්ත්ථ කොට කවරක් අනුසස් කොට ඇත් දැයි? ආනන්දයෙනි, කුශලශීලයෝ අවිප්රතිසාරය අර්ත්ථ කොට අවිප්රතිසාරය අනුසස් කොට ඇති.
වහන්ස, අවිප්රතිසාරය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්දයෙනි, අවිප්රතිසාරය ප්රමෝදය අර්ත්ථ කොට ප්රමෝදය අනුසස් කොට ඇත.
වහන්ස, ප්රමෝදය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැ යි? ආනන්දයෙනි, ප්රමෝදය ප්රීතිය අර්ත්ථ කොට ප්රීතිය අනුසස් කොට ඇත.
වහන්ස, ප්රීතිය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්දයෙනි, ප්රීතිය ප්රශ්රබ්ධිය අර්ත්ථ කොට ප්රශ්රබ්ධිය අනුසස් කොට ඇත.
වහන්ස, ප්රශ්රබ්ධිය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇත්දැයි? ආනන්දයෙනි, ප්රශ්රබ්ධිය සුඛය අර්ත්ථ කොට සුඛය අනුසස් කොට ඇත.
වහන්ස, සුඛය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්දයෙනි, සුඛය සමාධිය අර්ත්ථ කොට සමාධිය අනුසස් කොට ඇත.
වහන්ස, සමාධිය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැ යි? ආනන්දයෙනි, සමාධිය යථාභූතඥානදර්ශනය අර්ත්ථ කොට යථාභූතඥානදර්ශනය අනුසස් කොට ඇත.
වහන්ස, යථාභූතඥානදර්ශනය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්දයෙනි, යථාභූතඥානදර්ශනය නිර්වේදය අර්ත්ථ කොට නිර්වේදය අනුසස් කොට ඇත.
වහන්ස, නිර්වේදය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්දයෙනි, නිර්වේදය විරාගය අර්ත්ථ කොට විරාගය අනුසස් කොට ඇතැයි.
වහන්ස, විරාගය කුමක් අර්ත්ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්දයෙනි, විරාගය විමුක්තිඥානදර්ශනය අර්ත්ථ කොට විමුක්තිඥානදර්ශනය අනුසස් කොට ඇතැයි.
ආනන්දයෙනි, මෙසේ කුශලශීලයෝ අවිප්රතිසාරය අර්ත්ථ කොට අවිප්රතිසාරය අනුසස් කොට ඇත. අවිප්රතිසාරය ප්රමෝදය අර්ත්ථ කොට ප්රමෝදය අනුසස් කොට ඇත. ප්රමෝදය ප්රීතිය අර්ත්ථ කොට ප්රීතිය අනුසස් කොට ඇත. ප්රීතිය ප්රශ්රබ්ධිය අර්ත්ථ කොට ප්රශ්රබ්ධිය අනුසස් කොට ඇත. ප්රශ්රබ්ධිය සුඛය අර්ත්ථ කොට සුඛය අනුසස් කොට ඇත. සුඛය සමාධිය අර්ත්ථ කොට සමාධිය අනුසස් කොට ඇත. සමාධිය යථාභූතඥානදර්ශනය අර්ත්ථ කොට යථාභූතඥානදර්ශනය අනුසස් කොට ඇත. යථාභූතඥානදර්ශනය නිර්වේදය අර්ත්ථ කොට නිර්වේදය අනුසස් කොට ඇත. නිර්වේදය විරාගය අර්ත්ථ කොට විරාගය අනුසස් කොට ඇත. විරාගය විමුක්තිඥානදර්ශනය අර්ත්ථ කොට විමුක්තිඥානදර්ශනය අනුසස් කොට ඇත. ආනන්දයෙනි, මෙසේ කුශලශීලයෝ අනුක්රමයෙන් අර්හත්ත්වය සඳහා පිරිනැමෙති’යි.
11. 1. 2.
න චේතනාය කරණීය සූත්රය
මහණෙනි, සිල්සපන් සිල්වත්හට ‘මට අවිප්රතිසාරය උපදීවා’යි චේතනායෙන් කර්තව්යයෙක් නැත. මහණෙනි, සිල්පහන් සිල්වත්හට අවිප්රතිසාරය උපදනේය යන, තෙල ධර්මතාහෙයිනි.
මහණෙනි, අවිප්රතිසාරය අතියහුට ‘මට ප්රමෝදය උපදීවා’යි චේතනායෙන් කර්තව්යයෙක් නැත. මහණෙනි, අවිප්රතිසාරය ඇතියහුට ප්රමෝදය උපදනේය යන තෙල ධර්මතා හෙයිනි.