10. 5. 2. 2.
දෙවැනි සූත්රය
මහණෙනි, විසි කරුණෙකින් සමන්වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම්, එසේ නිරයෙහි වෙයි. කවර විස්සෙකින යත්:
තෙමේ ද ප්රාණඝාතී වෙයි මෙරමා ද ප්රාණඝාතයෙහි සමාදන් කරවයි. තෙමේ ද නුදුන් දැ ගන්නා සුලුයේ වෙයි. මෙරමා ද අයිනාදනින් සමාදන් කරවයි.
තෙමේ ද කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. මෙරමා ද කාමයන්හි මිස හසරයෙහි සමාදන් කරවයි. තෙමේ ද මුසවා ඇතියේ වෙයි. මෙරමා ද මුසවායෙහි සමාදන් කරවයි. තෙමේ ද පිසුනු බස් ඇතියේ වෙයි. මෙරමා ද පිසුනු බස්හි සමාදන් කරවයි. තෙමේ ද පරොස් බස් ඇතියේ වෙයි. මෙරමා ද පරොස් බස්හි සමාදන් කරවයි. තෙමේ ද සම්ඵප්රලාප ඇතියේ වෙයි. මෙරමා ද සම්ඵප්රලාපයෙහි සමාදන් කරවයි. තෙමේ ද අභිධ්යාලූ වෙයි. මෙරමා ද අභිධ්යායෙහි සමාදන් කරවයි. තෙමේ ද ව්යාපාදයට පත් සිතැතියේ වෙයි. මෙරමා ද ව්යාපාදයෙහි සමාදන් කරවයි. තෙමේ ද මිථ්යා දෘෂ්ටික වෙයි. මෙරමා ද මිථ්යාදෘෂ්ටිකයෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ විසි කරුණිකින් සමන්වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම්, එසේ නිරයෙහි වෙයි.
මහණෙනි, විසි කරුණෙකින් සමන්වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේ වේ නම්, එසේ ස්වර්ගයෙහි වෙයි. කවර විස්සෙකින යත්:
තෙමේ ද පණිවායෙන් වැළැකියේ වෙයි. මෙරමා ද පණිවායෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද අයිනාදනින් වැළැකියේ වෙයි. මෙරමා ද අයිනාදනින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද කාමයෙහි මිස හසරින් වැළැකියේ වෙයි. මෙරමා ද කාමයන්හි මිස හසරින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද මුසාවායෙන් වැළැකියේ වෙයි. මෙරමා ද මුසාවායෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද පිසුනු බසින් වැළැකියේ වෙයි. මෙරමා ද පිසුනු බසින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද පරොස් බසින් වැළැකියේ වෙයි. මෙරමා ද පරොස් බසින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද සම්ඵප්රලපායෙන් වැළැකියේ වෙයි. මෙරමා ද සම්ඵප්රලාපයෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේ ද අනභිධ්යාලූ වෙයි. මෙරමා ද අනභිධ්යායෙහි සමාදන් කරවයි. තෙමේ ද අව්යාපාදයට සිතැතියේ වෙයි. මෙරමා ද අව්යාපාදායෙහි සමාදන් කරවයි. තෙමේ ද සම්යක්දෘෂ්ටික වෙයි. මෙරමා ද සම්යක්දෘෂ්ටිකයෙහි සමාදන් කරවයි.
මහණෙනි, මේ විසි කරුණින් සමන්වාගත වූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේ නම් එසේ ස්වර්ගයෙහි වෙයි.