10. 5. 1. 8.
දුතිය සඤ්චේතනික සූත්‍රය
මහණෙනි, මම කරන ලද රැස් කරන ලද සඤ්චේතනික කර්‍මයන්ගේ විපාක නො විඳ විගතාන්ත භාවයක් නො කියමි. හෙ ද වනාහි ඉහාත්මයෙහි ම හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ අපරජන්මයෙහි හෝ වේ. මහණෙනි, මම කරන ලද රැස් කරන ලද සඤ්චේතනික කර්‍මයන්ගේ විපාක නො විඳ දුක් කෙළවර කිරීමක් නො ම කියමි.
මහණෙනි, එහිලා අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති කායකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වෙයි. අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් චතුර්විධ වෙයි. අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති මනඃ කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් ත්‍රිවිධ වෙයි.
මහණෙනි, අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති ත්‍රිවිධ කායකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් කිසේය යත්: ... මහණෙනි, අකුසලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති ත්‍රිවිධ කාය කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් මෙසේ වෙයි.
මහණෙනි, අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති චතුර්විධ වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් කිසේය යත්: ... මහණෙනි, අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති චතුර්විධ වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් මෙසේ වෙයි.
මහණෙනි, අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති ත්‍රිවිධ මනඃකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් කිසේය යත්: ... මහණෙනි, අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛ විපාක ඇති ත්‍රිවිධ මනඃකර්‍ම සඞ්ඛ්‍යාත ස්වදෝෂ විපත් මෙසේ වෙයි.
මහණෙනි, ත්‍රිවිධ කායකර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය, දුර්‍ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයෙහි උපදනාහ. චතුර්විධ වාක්කර්‍ම ... මහණෙනි, ත්‍රිවිධ මනඃ කර්‍ම ස්වදෝෂ විපත් සඞ්ඛ්‍යාත අකුසල සඤ්චේතනා හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයෙහි උපදනාහ.
මහණෙනි, කරන ලද රැස් කරන ලද සඤ්චේතනික කර්‍මයන්ගේ විපාක නො විඳ විගතාන්ත භාවයක් මම නො කියමි. හෙ ද වනාහි ඉහාත්මයෙහි හෝ අනතුරු අත් බැව්හි හෝ අපර ජන්මයෙහි හෝ වෙයි. මහණෙනි, මම කරන ලද රැස් කරන ලද සඤ්චේතනික කර්‍මයන් නො විඳ දුක් කෙළවර කිරීමක් නො ම කියමි.
මහණෙනි, එහි ලා කුසල සඤ්චේතනා ඇති සුව එළවන සුඛ විපාක ඇති කාය කර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් ත්‍රිවිධ වෙයි. කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති වාක්කර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් චතුර්විධ වෙයි. කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති මනඃකර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් ත්‍රිවිධ වෙයි.
මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති ත්‍රිවිධකාය කර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් කිසේය යත් ... මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛවිපාක ඇති ත්‍රිවිධකායකර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් මෙසේ වෙයි.
මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති චතුර්විධ වාක්කර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් කිසේ වේය යත් … මහණෙනි, කුසල සඤ්චේතනා ඇති සුව උපදවන සුඛ විපාක ඇති චතුර්විධ වාක්කර්‍ම සඞ්ඛ්‍යාත සම්පත් මෙසේ වෙයි.