10. 5. 1. 7.
පඨම සඤ්චේතනික සූත්රය
මහණෙනි, මම දැන දැන කළ වැඩූ කර්මයන්ගේ විපාක නො විඳ විගතාන්ත භාවයක් නොකියමි. හෙ ද වනාහි දිටුදැමියෙහි ම හෝ උපපද්යයෙහි හෝ අපරපරියායෙහි හෝ වෙයි. මහණෙනි, මම දැන දැන කළ වැඩූ කර්මයන්ගේ විපාක නො විඳ දුඃඛයාගේ කෙළවර කිරීමක් නො කියම් මැයි.
මහණෙනි, එහි අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති කායකර්ම සඞ්ඛ්යාත ස්වකීය විපත් ත්රිවිධ වේ. අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති වාක්කර්ම සඞ්ඛ්යාත ස්වදෝෂ විපත් චතුර්විධ වෙයි. අකුශලසඤ්චේතනා ඇති දුඃඛ විපාක ඇති දුක් උපදවන මනඃකර්ම සඞ්ඛ්යාත ස්වදෝෂ විපත් ත්රිවිධ වේ.
මහණෙනි, කෙසේ නම් අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුඃඛවිපාක ඇති කාය කර්ම සඞ්ඛ්යාත ස්වදෝෂ විපත් ත්රිවිධ වේය යත්:
1. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් රුදුරු කම් ඇත්තේ ලෙහෙ වැකි අත් ඇත්තේ නැසුම් - වොලො ගැණුම්හි බටුයේ සර්වප්රාණී භූතයන් කෙරෙහි දයාරහිත වූයේ ප්රාණඝාතී වෙයි.
2. නුදුන් දෑ ගන්නා සුලු වෙයි, ග්රාමගත වේවයි අරණ්යගත වේවයි මෙරමාගේ යම් එ පරචිත්තෝපකරණයෙක් වේ නම් ස්තෙය සඞ්ඛ්යාත ඒ නුදුන් දෑ ගන්නේ වෙයි.
3. කාමයන්හි මිසහසර ඇතියේ වෙයි, මාතෘරක්ෂිතාය ... යටත් පිරිසෙයින් මල්ගුලායෙනුදු පරික්ෂිප්ත වූ, යම් ඒ මාගම්හු වෙත් නම් එබඳු මාගමුන් කෙරෙහි හැසිරීමට පැමිණියේ වෙයි.
මහණෙනි, මෙසේ අකුශලසඤ්චේතනා ඇති දුක් උපදවන දුන් විපාක ඇති කායකර්ම සඞ්ඛ්යාත ස්වදෝෂ විපත් ත්රිවිධ වෙයි.
මහණෙනි, කෙසේ නම් අකුසල සඤ්චේතනා ඇති දුක් උපදවන දුක් විපාක ඇති වාක්කර්ම සඞ්ඛ්යාත ස්වදෝෂ විපත් චතුර්විධ වේය යත්:
4. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් මුසවා කියන්නේ වෙයි: සභාවට ගියේ වේවයි පිරිසකට ගියේ වේවයි නෑයන් මැදට ගියේ වේවයි ගණමැදට ගියේ වේවයි රාජකුල මධ්යයට ගියේ වේවයි ඉදිරියට කැඳවන ලදුයේ එම්බා පුරුෂය, එව, යමක් දන්හි නම් එ කියවයි සාක්ෂි පුළුවුස්නා ලදුයේ හෙ නො දන්නේ හෝ දන්මියි කියයි. දන්නේ හෝ නො දන්මි යි කියයි. නො දක්නේ හෝ දක්මියි කියයි. දක්නේ හෝ නො දක්මියි කියයි. මෙසේ තමා හේතුකොට වේවයි, මෙරමා හේතු කොට වේවායි කිසි ආමිසයක් හේතුකොට වේවයි දැන දැන මුසවා කියන්නේ වෙයි.