10. 5. 1. 4.
උපාසිකා සූත්රය
මහණෙනි, දස කරුණෙකින් සමන්වාගත උවැසි ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම් සේ නම් එසේ නිරයෙහි නික්ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:
පණිවා කරන්නී වෙයි. නුදුන් දෑ ගන්නී වෙයි. කාමයන්හි මිස හසර ඇත්තී වෙයි. මුසවා කියන්නී වෙයි. පිසුනු බස් ඇත්තී වෙයි. පරොස් බස් ඇත්තී වෙයි. සම්ප්රඵලාප ඇත්තී වෙයි. අභිධ්යා බහුල කොට ඇත්තී වෙයි, ව්යාපාදයට අවන් සිත් ඇත්තී වෙයි. මිසදිටු ඇත්තී වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් සමන්වාගත උවැසි ගෙන එන ලද දැයක් බහා තැබූයේ යම්සේ ද, එසේ නිරයෙහි නික්ෂිප්ත වෙයි.
මහණෙනි, දසකරුණෙකින් සමන්වාගත උවැසි ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම්සේ වේ ද එසේ ස්වර්ගයෙහි නික්ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:
පණිවායෙන් වැළැකියා වෙයි .... සම්දිටු ඇත්තී වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් සමන්වාගත උවැසි ගෙන එන ලද දෙයක් බහාතැබුයේ යම්සේ වේද, එසේ ස්වර්ගයෙහි නික්ෂිප්ත වේ යයි.
10. 5. 1. 5.
විසාරද සූත්රය
මහණෙනි, දස කරුණෙකින් සමන්වාගත අවිශාරද උපාසිකා තොමෝ ගිහිගෙයි වසයි. කවර දසයෙකින යත්:
පණිවා කරන්නී වෙයි. නුදුන් දෑ ගන්නී වෙයි, කාමයන්හි මිසහසර ඇත්තී වෙයි, මුසවා කියන්නී වෙයි, පිසුනුබස් ඇත්තී වෙයි, පරොස්බස් ඇත්තී වෙයි, සම්ප්රඵලාප ඇත්තී වෙයි. අභිධ්යා බහුල කොට ඇත්තී වෙයි. ව්යාපාදයට අවන් සිතැත්තී වෙයි. මිසදිටු ඇත්තී වෙයි,
මහණෙනි, මෙ දස කරුණින් සමන්වාගත උපාසිකා තොමෝ අවිශාරද වූවා ගිහිගෙයි වසයි.
මහණෙනි, දස කරුණෙකින් සමන්වාගත විශාරද උපාසිකා තොමෝ ගිහිගෙයි වසයි. කවර දසයෙකින යත්:
පණිවායෙන් වැළැකියා වෙයි, අයිනාදනින් වැළැකියා වෙයි, කාමයන්හි මිස හසරින් වැළැකියා වෙයි, මුසවායෙන් වැළැකියා වෙයි, පිසුනුබසින් වැළැකියා වෙයි, පරොස් බසින් වැළැකියා වෙයි, සම්ප්රඵලාපයෙන් වැළැකියා වෙයි. අභිධ්යා බහුල කොට නැත්තී වෙයි. ව්යාපාදයට පත් සිත් නැත්තී වෙයි. සම්යග්දෘෂ්ටි ඇත්තී වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් යුත් උපාසිකා තොමෝ විශාරද වූවා ගිහිගෙයි වසයි.
10. 5. 1. 6.
සංසප්පනිය පරියාය සූත්රය
මහණෙනි, තොපට සංසර්පණීය පර්ය්යාය දෙසන්නෙමි. එ අසවු, මොනොවට මෙනෙහි කරවු. කියන්නෙමි යි. එසේ ය, වහන්සැයි එ මහණහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, සංසර්පණීය පර්ය්යාව නම් වූ එ ධර්මපර්ය්යාය කවරේය යත්:
මහණෙනි, සත්හු කර්මය දායාද්ය කොට ඇත්තාහු කර්මය කරණ කොට ඇත්තාහු කර්මය බන්ධු කොට ඇත්තාහු කර්මය පිළිසරණ කොට ඇත්තාහු කර්මස්වකයහ. කලණ වේවයි ලමු වේවයි යම් ම කර්මයක් කෙරෙත් නම් එයට දායාද වෙත්.