10. 5. 1. 3.
මාතුගාම සූත්‍රය
මහණෙනි, දසකරුණෙකින් සමන්‍වාගත මාගම් ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම් සේ වේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:
ප්‍රාණඝාතී වෙයි, නුදුන් දැ ගන්නේ වෙයි, කාමයන්හි මිසහසර ඇතියේ වෙයි, මුසවා කියන්නේ වෙයි, පිසුනු බස් ඇතියේ වෙයි, පරොස් බස් ඇතියේ වෙයි, සම්ප්‍රඵලාප ඇතියේ වෙයි, අභිධ්‍යා බහුලකොට ඇත්තේ වෙයි, ව්‍යාපාදයට වන් සිතැත්තේ වෙයි, මිථ්‍යාදෘෂ්ටික වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත මාගම ගෙන එන ලද දැයක් බහා තැබූයේ යම් සේ නම්, එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි.
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත මාගම ගෙන එන ලද දැයක් බහා තැබූයේ යම්සේ නම්, එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දශයෙකින යත්:
පණිවායෙන් වැළැකියේ වෙයි. අයිනාදනින් වැළැකියේ වෙයි. කාමයෙහි මිසහසරින් වැළැකියේ වෙයි. මුසවායෙන් වැළැකියේ වෙයි. පිසිනු බසින් වැළැකියේ වෙයි. පරොස්බසින් වැළැකියේ වෙයි. සම්ප්‍රඵලාපයෙන් වැළැකියේ වෙයි. අභිධ්‍යා බහුල කොට නැතියේ වෙයි. ව්‍යාපාදයට පත් සිත් නැතියේ වෙයි. සම්‍යග් දෘෂ්ටික වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත මාගම ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම්සේ නම්, එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි.
10. 5. 1. 4.
උපාසිකා සූත්‍රය
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත උවැසි ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම් සේ නම් එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:
පණිවා කරන්නී වෙයි. නුදුන් දෑ ගන්නී වෙයි. කාමයන්හි මිස හසර ඇත්තී වෙයි. මුසවා කියන්නී වෙයි. පිසුනු බස් ඇත්තී වෙයි. පරොස් බස් ඇත්තී වෙයි. සම්ප්‍රඵලාප ඇත්තී වෙයි. අභිධ්‍යා බහුල කොට ඇත්තී වෙයි, ව්‍යාපාදයට අවන් සිත් ඇත්තී වෙයි. මිසදිටු ඇත්තී වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත උවැසි ගෙන එන ලද දැයක් බහා තැබූයේ යම්සේ ද, එසේ නිරයෙහි නික්‍ෂිප්ත වෙයි.
මහණෙනි, දසකරුණෙකින් සමන්‍වාගත උවැසි ගෙන එන ලද දැයක් බහා තැබුයේ යම්සේ වේ ද එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වෙයි. කවර දසයෙකින යත්:
පණිවායෙන් වැළැකියා වෙයි .... සම්දිටු ඇත්තී වෙයි.
මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත උවැසි ගෙන එන ලද දෙයක් බහාතැබුයේ යම්සේ වේද, එසේ ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත වේ යයි.