10. 4. 5. 1-12.
සේවිතබ්බාදි ද්වාදශ සූත්‍රයෝ
1. මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගලයා නො සෙවිය යුත්තේ ය. කවර දසයෙකින යත්:
පණිවා කරණුයේ වෙයි, නුදුන් දෑ ගන්නා සුලුයේ වෙයි, කාමයන්හි මිස හසර ඇතියේ වෙයි. මුසවා කියන සුලුයේ වෙයි. පිසුනු බස් ඇතියේ වෙයි. පරොස් බස් ඇතියේ වෙයි. සම්ඵප්‍රලාප ඇතියේ වෙයි, අභිධ්‍යාලූ වෙයි, ව්‍යාපාදයට වන් සිතැතියේ වෙයි. මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල නො සෙවිය යුත්තේය.
මහණෙනි, දස කරුණකින් සමන්‍වාගත පුද්ගල සෙවිය යුත්තේ ය, කවර දසයෙකින යත්:
පණිවායෙන් වැළැකියේ වෙයි, අයිනාදනින් වැළැකියේ වෙයි. කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි. මුසවායෙන් වැළැකියේ වෙයි. පිසුනුබසින් වැළැකියේ වෙයි. පරොස් බසින් වැළැකියේ වෙයි. සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. අනභිධ්‍යාලූ වෙයි, ව්‍යාපාදයට නො වන් සිතැත්තේ වෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල සෙවිය යුත්තේය යි.
2. මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගල නො බිජිය යුත්තේ ය ... බිජිය යුත්තේ ය යි.
3. පර්‍ය්‍යුපාසනා නො කොට යුත්තේ ය. -පෙ- පර්‍ය්‍යුපාසනා කොට කටයුත්තේය යි.
4. පූජ්‍ය නො වේ -පෙ- පූජ්‍ය වේ යයි.
5. ප්‍රශංසාර්‍හ නො වේ -පෙ- ප්‍රශංසාහ වේ යයි.
6. ගෞරව නැතියේ වෙයි -පෙ- ගෞරව සහිත වේ යයි.
7. ප්‍රතිශ්‍රය නැතියේ වෙයි -පෙ- ප්‍රතිශ්‍රය සහිත වේ යයි.
8. ආරාධක නො වේ -පෙ- ආරාධක වේ යයි.
9. විශුද්ධ නො වේ -පෙ- විශුද්ධ වේ යයි.
10. මානය නො මඩනේ ය -පෙ- මානය මඩනේ සයි.
11. ප්‍රඥායෙන් නො වඩනේ ය. -පෙ- ප්‍රඥායෙන් වැඩෙන්නේ ය.
12. බොහෝ අපුණ්‍යය රැස් කෙරෙයි ... බොහෝ පින් රැස්කෙරෙයි. කවර දසකරුණින යත්:
පණිවායෙන් වැළැකියේ වෙයි, අයිනාදනින් වැළැකියේ වෙයි, කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි, මුසවායෙන් වැළැකියේ වෙයි, පිසුනු බසින් වැළැකියේ වෙයි, පරොස් බසින් වැළැකියේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි, අභිධ්‍යා බහුල කොට නැතියේ වෙයි, ව්‍යාපාදයට වන් සිත් නැතියේ වෙයි. සම්දිටු ඇතියේ වෙයි.
මහණෙනි, මේ දස කරුණින් සමන්‍වාගත පුද්ගල බොහෝ පින් රැස් කරන්නේය යි.
පස්වැනි පුද්ගල වර්‍ග යි.
සතරවන පණ්ණාසකය යි.