10. 4. 3. 1.
සාධු සූත්‍රය
මහණෙනි, තොපට සාධුත්‍වය හා අසාධුත්‍වය හා දේශනා කරන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස, එසේ යයි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
මහණෙනි, අසාධුත්‍වය කවර යත්:
ප්‍රාණඝාතය අදින්නාදානය කාමයන්හි මිථ්‍යාචාරය, මුසාවාදය, පිශුනාවාචාය, පරුෂවාග්ය, සම්ඵප්‍රලාපය, අභිධ්‍යාය, ව්‍යාපාදය, මිත්‍යාදෘෂ්ටියයි. මහණෙනි, මෙ අසාධුයයි කියනු ලැබේ.
මහණෙනි, සාධුත්‍වය කවර යත්:
පණිවායෙන් විරමණය, අයිනාදනින් විරමණය, කාමයන්හි මිථ්‍යාචාරයෙන් විරමණය, මුසාවාදයෙන් විරමණය, පිසුනුබසින් විරමණය, පරොස්බසින් විරමණය, සම්ඵප්‍රලාපයෙන් විරමණය, අනභිධ්‍යාය, අව්‍යාපාදය, සම්‍යග්දෘෂ්ටියයි.
මහණෙනි, මෙ සාධුත්‍වයයි කියනු ලැබේ.
10. 4. 3. 2.
අරියධම්ම සූත්‍රය
මහණෙනි, තොපට ආර්‍ය්‍යධර්‍මය ද අනාර්‍ය්‍යධර්‍මය ද දෙසන්නෙමි. එ අසව …
මහණෙනි, අනාර්‍ය්‍යධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අනාර්‍ය්‍යධර්‍මයයි කියනු ලැබේ.
මහණෙනි, ආර්‍ය්‍ය ධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යග්දෘෂ්ටියයි.
මහණෙනි, මේ ආර්‍ය්‍යධර්‍මයයි කියනු ලැබේ.
10. 4. 3. 3.
කුසල සූත්‍රය
මහණෙනි, තොපට කුසල් ද අකුසල් ද දෙසමි. එ අසවු ...
මහණෙනි, අකුසල කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අකුසලයි කියනු ලැබේ.
මහණෙනි, කුසල කවරේය යත්:
ප්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යග්දෘෂ්ටියයි.
මහණෙනි, මේ කුසලයි කියනු ලැබේ.
10. 4. 3. 4.
අර්‍ත්‍ථ සූත්‍රය
මහණෙනි, තොපට අර්‍ත්‍ථ හා අනර්‍ත්‍ථ හා දෙසමි. එ අසවු ...
මහණෙනි, අනර්‍ත්‍ථ කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අනර්‍ත්‍ථයි කියනු ලැබේ.
මහණෙනි, අර්‍ත්‍ථය කවරේය යත්:
පණිවායෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ අර්‍ත්‍ථයි කියනු ලැබේ.
10. 4. 3. 5.
ධර්‍ම සූත්‍රය
මහණෙනි, තොපට ධර්‍ම හා අධර්‍ම හා දෙසමි. එ අසවු ...
මහණෙනි, අධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, ධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියයි.
මහණෙනි, මේ ධර්‍මයි කියනු ලැබේ.