10. 4. 3. 2.
අරියධම්ම සූත්රය
මහණෙනි, තොපට ආර්ය්යධර්මය ද අනාර්ය්යධර්මය ද දෙසන්නෙමි. එ අසව …
මහණෙනි, අනාර්ය්යධර්ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්යාදෘෂ්ටියි. මහණෙනි, මේ අනාර්ය්යධර්මයයි කියනු ලැබේ.
මහණෙනි, ආර්ය්ය ධර්ම කවරේය යත්:
ප්රාණඝාතයෙන් විරමණය ... සම්යග්දෘෂ්ටියයි.
මහණෙනි, මේ ආර්ය්යධර්මයයි කියනු ලැබේ.
10. 4. 3. 3.
කුසල සූත්රය
මහණෙනි, තොපට කුසල් ද අකුසල් ද දෙසමි. එ අසවු ...
මහණෙනි, අකුසල කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්යාදෘෂ්ටියි. මහණෙනි, මේ අකුසලයි කියනු ලැබේ.
මහණෙනි, කුසල කවරේය යත්:
ප්රාණඝාතයෙන් විරමණය ... සම්යග්දෘෂ්ටියයි.
මහණෙනි, මේ කුසලයි කියනු ලැබේ.
10. 4. 3. 4.
අර්ත්ථ සූත්රය
මහණෙනි, තොපට අර්ත්ථ හා අනර්ත්ථ හා දෙසමි. එ අසවු ...
මහණෙනි, අනර්ත්ථ කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්යාදෘෂ්ටියි. මහණෙනි, මේ අනර්ත්ථයි කියනු ලැබේ.
මහණෙනි, අර්ත්ථය කවරේය යත්:
පණිවායෙන් විරමණය ... සම්යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ අර්ත්ථයි කියනු ලැබේ.
10. 4. 3. 5.
ධර්ම සූත්රය
මහණෙනි, තොපට ධර්ම හා අධර්ම හා දෙසමි. එ අසවු ...
මහණෙනි, අධර්ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්යාදෘෂ්ටියි. මහණෙනි, මේ අධර්මයි කියනු ලැබේ.
මහණෙනි, ධර්ම කවරේය යත්:
ප්රාණඝාතයෙන් විරමණය ... සම්යක් දෘෂ්ටියයි.
මහණෙනි, මේ ධර්මයි කියනු ලැබේ.