10. 4. 2. 11.
ජාණුස්සෝණි සූත්රය
ඉක්බිති ජාණුස්සෝණී බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්හි හින, එකත්පස්හි හුන් ජාණුස්සෝණී බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය.
පින්වත් ගෞතමයන් වහන්ස බ්රාහ්මණ නම් වූ අපි “මේ දානය පරලොව ගිය ඥාතිසාලෝහිතයනට පැමිණේවා. මෙ දානය පරලොව ගිය ඥාතිසාලොහිතයෝ පරිභෝග කරත්වා”යි දන්දෙම්හ, ශ්රාද්ධ කරම්හ. කිමෙක භවත් ගෞතමයන් වහන්ස, එ දානය ප්රේතඥාතිසාලෝහිතයනට පැමිණේද? කිමෙක, ඒ ප්රේතඥාතිසාලෝහිතයෝ එ දන් පරිභෝග කරත් දැයි?
බ්රාහ්මණය, ස්ථානයෙහි පැමිණෙයි, අස්ථානයෙහි නො පැමිණේයයි.
භවත් ගෞතමයන් වහන්ස, ස්ථානය කවරේය? අස්ථානය කවරේය?
බ්රාහ්මණය, මෙ ලොව්හි ඇතැමෙක් ප්රාණඝාතී වෙයි. අයිනාදන් කරනේ වෙයි. කාමයන්හි මිසහසර ඇතියේ වෙයි. මුසවා කියන සැහැවියේ වෙයි, පිසුනු බස් ඇතියේ වෙයි, පරොස් බස් ඇතියේ වෙයි, පලප් තෙපලන්නේ වෙයි, අභිධ්යා බහුල වෙයි, ව්යාපාදයට වන් සිතැත්තේ වෙයි, මිථ්යාදෘෂ්ටික වෙයි. හේ කාබුන් මරණින් පසු නිරයට එළඹෙයි. නිරිසතුන්ගේ යම් ආහාරයෙක් වේ නම් එයින් හේ එහි යැපෙයි. එයින් හේ එහි සිටුනේ ය. බ්රාහ්මණය, යම් තැනෙක සිටියහුට එ දානය නො පැමිණේ නම්, මෙ ද (එබඳු) අස්ථානයෙකි.
බ්රාහ්මණය, මෙ ලොව්හි ඇතැමෙක් ප්රාණඝාතී වෙයි -පෙ- මිථ්යාදෘෂ්ටික වෙයි. හේ කාබුන් මරණින් මතු තිරශ්චීන යෝනියට එළඹෙයි. තිරිසන් යොන් සත්නට යම් ආහාරයෙක් වේ නම් හේ, එහි එයින් යැපෙයි එයින් හේ එහි සිටුනේය. බ්රාහ්මණය, යම් තැනෙක සිටුන හට එ දානය නොපැමිණේ නම්, මේද අස්ථානයෙකි.
බ්රාහ්මණය, මෙ ලොව්හි ඇතැමෙක් පණිවායෙන් වැළැකියේ වෙයි. අයිනාදනින් වැළැකියේ වෙයි. කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි. මුසවායෙන් වැළැකියේ වෙයි. පිසුනුබසින් වැළැකියේ වෙයි. පරොස්බසින් වැළැකියේ වෙයි. සම්ඵප්රලාපයෙන් වැළැකියේ වෙයි. අභිධ්යා බහුලකොට නැතියේ වෙයි. ව්යාපාද නැතියේ වෙයි. සම්දිටු ඇතියේ වෙයි. හෙ කාබුන් මරණින් මතු මනුෂ්යයන්ගේ සහභාවයට එළැඹෙයි. මිනිසුන්ගේ යම් අහරෙක් වේ නම්, හෙ එහි එයින් යැපෙන්නේ ය. ඉන් හෙ එහි සිටුනේය. බ්රාහ්මණය, යම් තැනෙක සිටියහුට එ දානය නොලැබේ නම්, මෙ ද එබඳු අස්ථානයෙකි.