10. 3. 4. 9.
ආචයගාමී සූත්රය
මහණෙනි, තොපට ආචයගාමීධර්ම හා අපචයගාමීධර්ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, ආචයගාමීධර්ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ ආචයගාමීධර්ම යි කියනු ලැබේ. මහණෙනි, අපචයගාමී ධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අපචයගාමී ධර්ම යි කියනු ලැබේ.
10. 3. 4. 10.
දුක්ඛුද්රය සූත්රය
මහණෙනි, තොපට දුක් උදාකරන ධර්ම හා සුව උදාකරන ධර්ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, දුක් උදාකරන ධර්ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ දුක් උදාකරන ධර්මයි කියනු ලැබේ. මහණෙනි, සුව උදාකරන ධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සුව උදාකරන ධර්ම යි කියනු ලැබේ.
10. 3. 4. 11.
දුක්ඛවිපාක සූත්රය
මහණෙනි, දුක්ඛවිපාකධර්මය හා සුඛවිපාක ධර්මය දෙසමි. එ අසවු ... මහණෙනි, දුක්ඛවිපාකධර්මය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ දුක්ඛවිපාකධර්ම යි කියනු ලැබේ. මහණෙනි, සුඛ විපාකධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සුඛ විපාක ධර්ම යි කියනු ලැබේ.
සතරවැනි සාධුවර්ග යි.
5. අරිය වර්ගය
10. 3. 5. 1.
අරියමග්ග සූත්රය
මහණෙනි, තොපට ආර්ය්යමාර්ගය හා අනාර්ය්යමාර්ගය දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අනාර්ය්යමාර්ග කවර: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අනාර්ය්යමාර්ග යි කියනු ලැබේ. මහණෙනි, ආර්ය්යමාර්ගය කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ආර්ය්යමාර්ග යි කියනු ලැබේ.
10. 3. 5. 2.
සුක්කමග්ග සූත්රය
මහණෙනි, තොපට ශුක්ලමාර්ගය හා කෘෂ්ණමාර්ගය දෙසන්නෙම්. එ අසවු ... මහණෙනි, කෘෂ්ණමාර්ගය කවර: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ කෘෂ්ණමාර්ග යි කියනු ලැබේ. මහණෙනි, ශුක්ලමාර්ගය කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ශුක්ලමාර්ග යි කියනු ලැබේ.
10. 3. 5. 3.
සද්ධම්ම සූත්රය
මහණෙනි, තොපට සද්ධර්මය හා අසද්ධර්මය දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අසද්ධර්ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අසද්ධර්ම යි කියනු ලැබේ. මහණෙනි, සද්ධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සද්ධර්ම යි කියනු ලැබේ.