4. සාධු වර්ගය
10. 3. 4. 1.
සාධු සූත්රය
මහණෙනි, තොපට සාධුධර්මය හා අසාධු ධර්මය හා දෙසන්නෙමි. එ අසවු, මොනොවට මෙනෙහි කරවු කියන්නෙමි යි. එසේය වහන්සැයි ඒ මහණහු භාග්යවත්නට පිළිවදන් ඇස් වූහ. භාග්යවත්හු තෙල වදාළ හ.
මහණෙනි, අසාධු ධර්මය කවර: මිච්ඡාදිට්ඨි ය, මිච්ඡාසඞ්කප්ප ය, මිච්ඡාවාචා ය, මිච්ඡාකම්මන්ත ය, මිච්ඡාආජීව ය, මිච්ඡාවායාම ය, මිච්ඡාසති ය, මිච්ඡාසමාධි ය, මිච්ඡාඤාණ ය, මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අසාධු ධර්මය යි කියනු ලැබේ.
මහණෙනි, සාධුධර්මය කවර: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්පය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සාධුධර්ම යි කියනු ලැබේ.
10. 3. 4. 2.
අරියධම්ම සූත්රය
මහණෙනි, තොපට ආර්ය්ය ධර්මය හා අනාර්ය්ය ධර්මය හා දෙසන්නෙමි. එ අසවු මොනොවට මෙනෙහි කරවු ... මහණෙනි, අනාර්ය්යධර්මය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අනාර්ය්යධර්ම යි කියනු ලැබේ. මහණෙනි, ආර්ය්යධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ආර්ය්යධර්ම යි කියනු ලැබේ.
10. 3. 4. 3.
කුශල සූත්රය
මහණෙනි, තොපට කුශල හා අකුශල හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අකුශල කවර යත්: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අකුශල යි කියනු ලැබේ. මහණෙනි, කුශල කවර යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ කුශල යි කියනු ලැබේ.
10. 3. 4. 4.
අත්ථ සූත්රය
මහණෙනි, තොපට අර්ත්ථය හා අනර්ත්ථය දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අනර්ත්ථය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අනර්ත්ථයි කියනු ලැබේ. මහණෙනි, අර්ත්ථය කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්තිය යි. මහණෙනි, මේ අර්ත්ථය යි කියනු ලැබේ.
10. 3. 4. 5.
ධම්ම සූත්රය
මහණෙනි, තොපට ධර්මය හා අධර්මය හා දෙසමි. එ අසවු ... මහණෙනි, අධර්මය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අධර්ම යි කියනු ලැබේ. මහණෙනි, ධර්මය කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ධර්ම යි කියනු ලැබේ.
10. 3. 4. 6.
සාසව සූත්රය
මහණෙනි, තොපට සාස්රව ධර්මය හා අනාස්රවධර්ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, සාස්රවධර්ම කවර යත්: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ සාස්රවධර්ම යි කියනු ලැබේ. මහණෙනි, අනාස්රවධර්ම කවර යත්: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අනාස්රව ධර්ම යි කියනු ලැබේ.
10. 3. 4. 7.
සාවජ්ජ සූත්රය
මහණෙනි, සාවද්යධර්මය හා අනවද්යධර්ම හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, සාවද්යධර්ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ සාවද්යධර්ම යි කියනු ලැබේ. මහණෙනි, අනවද්යධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අනවද්යධර්ම ය යි කියනු ලැබේ.