10. 3. 4. 7.
සාවජ්ජ සූත්රය
මහණෙනි, සාවද්යධර්මය හා අනවද්යධර්ම හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, සාවද්යධර්ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ සාවද්යධර්ම යි කියනු ලැබේ. මහණෙනි, අනවද්යධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අනවද්යධර්ම ය යි කියනු ලැබේ.
10. 3. 4. 8.
තපනීය සූත්රය
මහණෙනි, තොපට තපනීයධර්ම හා අතපනීයධර්ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, තපනීයධර්ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ තපනීයධර්ම යි කියනු ලැබේ. මහණෙනි, අතපනීයධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අතපනීයධර්ම යි කියනු ලැබේ.
10. 3. 4. 9.
ආචයගාමී සූත්රය
මහණෙනි, තොපට ආචයගාමීධර්ම හා අපචයගාමීධර්ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, ආචයගාමීධර්ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ ආචයගාමීධර්ම යි කියනු ලැබේ. මහණෙනි, අපචයගාමී ධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අපචයගාමී ධර්ම යි කියනු ලැබේ.
10. 3. 4. 10.
දුක්ඛුද්රය සූත්රය
මහණෙනි, තොපට දුක් උදාකරන ධර්ම හා සුව උදාකරන ධර්ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, දුක් උදාකරන ධර්ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ දුක් උදාකරන ධර්මයි කියනු ලැබේ. මහණෙනි, සුව උදාකරන ධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සුව උදාකරන ධර්ම යි කියනු ලැබේ.
10. 3. 4. 11.
දුක්ඛවිපාක සූත්රය
මහණෙනි, දුක්ඛවිපාකධර්මය හා සුඛවිපාක ධර්මය දෙසමි. එ අසවු ... මහණෙනි, දුක්ඛවිපාකධර්මය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ දුක්ඛවිපාකධර්ම යි කියනු ලැබේ. මහණෙනි, සුඛ විපාකධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සුඛ විපාක ධර්ම යි කියනු ලැබේ.
සතරවැනි සාධුවර්ග යි.