10. 3. 4. 2.
අරියධම්ම සූත්‍රය
මහණෙනි, තොපට ආර්‍ය්‍ය ධර්‍මය හා අනාර්‍ය්‍ය ධර්‍මය හා දෙසන්නෙමි. එ අසවු මොනොවට මෙනෙහි කරවු ... මහණෙනි, අනාර්‍ය්‍යධර්‍මය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අනාර්‍ය්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, ආර්‍ය්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ආර්‍ය්‍යධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 4. 3.
කුශල සූත්‍රය
මහණෙනි, තොපට කුශල හා අකුශල හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අකුශල කවර යත්: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අකුශල යි කියනු ලැබේ. මහණෙනි, කුශල කවර යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ කුශල යි කියනු ලැබේ.
10. 3. 4. 4.
අත්‍ථ සූත්‍රය
මහණෙනි, තොපට අර්‍ත්‍ථය හා අනර්‍ත්‍ථය දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අනර්‍ත්‍ථය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අනර්‍ත්‍ථයි කියනු ලැබේ. මහණෙනි, අර්‍ත්‍ථය කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්තිය යි. මහණෙනි, මේ අර්‍ත්‍ථය යි කියනු ලැබේ.
10. 3. 4. 5.
ධම්ම සූත්‍රය
මහණෙනි, තොපට ධර්‍මය හා අධර්‍මය හා දෙසමි. එ අසවු ... මහණෙනි, අධර්‍මය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, ධර්‍මය කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 4. 6.
සාසව සූත්‍රය
මහණෙනි, තොපට සාස්‍රව ධර්‍මය හා අනාස්‍රවධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, සාස්‍රවධර්‍ම කවර යත්: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ සාස්‍රවධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අනාස්‍රවධර්‍ම කවර යත්: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අනාස්‍රව ධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 4. 7.
සාවජ්ජ සූත්‍රය
මහණෙනි, සාවද්‍යධර්‍මය හා අනවද්‍යධර්‍ම හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, සාවද්‍යධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ සාවද්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අනවද්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අනවද්‍යධර්‍ම ය යි කියනු ලැබේ.