10. 3. 3. 11.
ඒකාදශ සූත්‍රය
මහණෙනි, මේ සම්‍යක්ත්‍ව දසයෙක. කවර දසයෙක යත්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ දස සම්‍යක්ත්‍ව යි.
තෙවැනි පරිසුද්ධවර්‍ග යි.
4. සාධු වර්‍ගය
10. 3. 4. 1.
සාධු සූත්‍රය
මහණෙනි, තොපට සාධුධර්‍මය හා අසාධු ධර්‍මය හා දෙසන්නෙමි. එ අසවු, මොනොවට මෙනෙහි කරවු කියන්නෙමි යි. එසේය වහන්සැයි ඒ මහණහු භාග්‍යවත්නට පිළිවදන් ඇස් වූහ. භාග්‍යවත්හු තෙල වදාළ හ.
මහණෙනි, අසාධු ධර්‍මය කවර: මිච්ඡාදිට්ඨි ය, මිච්ඡාසඞ්කප්ප ය, මිච්ඡාවාචා ය, මිච්ඡාකම්මන්ත ය, මිච්ඡාආජීව ය, මිච්ඡාවායාම ය, මිච්ඡාසති ය, මිච්ඡාසමාධි ය, මිච්ඡාඤාණ ය, මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අසාධු ධර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, සාධුධර්‍මය කවර: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්පය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සාධුධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 4. 2.
අරියධම්ම සූත්‍රය
මහණෙනි, තොපට ආර්‍ය්‍ය ධර්‍මය හා අනාර්‍ය්‍ය ධර්‍මය හා දෙසන්නෙමි. එ අසවු මොනොවට මෙනෙහි කරවු ... මහණෙනි, අනාර්‍ය්‍යධර්‍මය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අනාර්‍ය්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, ආර්‍ය්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ආර්‍ය්‍යධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 4. 3.
කුශල සූත්‍රය
මහණෙනි, තොපට කුශල හා අකුශල හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අකුශල කවර යත්: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අකුශල යි කියනු ලැබේ. මහණෙනි, කුශල කවර යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ කුශල යි කියනු ලැබේ.