10. 3. 2. 3.
තතිය අධම්ම සූත්‍රය
මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මය ද ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන ධර්‍මය යම් පරිදි නම්, අර්‍ත්‍ථය යම් පරිදි නම්, එපරිද්දෙන් පිළිපැදිය යුතු යයි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟි විහාරයට වැඩි සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ බැහැර වැඩි නො බෝ කල් වත් ම එ මහණුන්ට තෙල සිත විය: ඇවැත්නි, අපහට භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මය ද ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන, ධර්‍මය යම් පරිදි නම්, අර්‍ත්‍ථය යම් පරිදි වේ නම්, එසෙයින් පිළිපැදිය යුතු යි” යන මෙ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟි විහාරයට වැඩියහ. කවරෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විභාග කරන්නේ දැ”යි.
එකල්හි එ මහණුන්හට තෙල සිත විය: “මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විතර විසින් බෙදා දක්වන්නට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පොහොසත් ද වන්නාහ.
“ඉදින් අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹමෝ නම්, එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තෙල අරුත් පුළුවුස්නමෝ නම්, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ යම් පරිද්දෙකින් අපට ව්‍යාකරණ කරත් ද එ පරිද්දෙන් එය දරන්නමෝ නම් යෙහෙකැ”යි.
ඉක්බිති එ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ මහණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කීහ:
ඇවැත් ආනන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේ අපට ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මය ද ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන, ධර්‍මය යම් පරිදි වේ නම් අර්‍ත්‍ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතු’යි යන මේ උද්දේශය සැකෙවින් උදෙසා විතර විසින් අර්‍ත්‍ථය නො බෙදා හුනස්නෙන් නැඟ විහාරයට වන්හ. ඇවැත්නි, එ අපට භාග්‍යවතුන් වහන්සේ බැහැර වැඩි නොබෝ කල්වත් ම තෙල සිත විය: ‘ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු ය, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු ය, අධර්‍මය ද ධර්‍මය ද දැන, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දැන, ධර්‍මය යම් පරිදි වේ නම්, අර්‍ත්‍ථය යම් පරිදි වේ නම්, එ පරිදි පිළිපැදිය යුතු ය’ යන මේ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟ විහාරයට වන්හ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය කවරෙක් විතර විසින් අර්‍ත්‍ථය බෙදා දක්වන්නේ දැ’යි. ඇවැත්නි, එ අපට තෙල සිත විය: “මෙ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ වනාහි ශාස්තෘන් වහන්සේ විසින් ද සංවර්ණිතයහ. විඥ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් අරුත් බෙදනට පොහොසත් ද වෙත්. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹමෝ නම්, එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තෙල කරුණ පුළුවුස්නමෝ නම්, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ යම් පරිදි ව්‍යාකරණ කරන්නහු ද එ පරිදි දරන්නමෝ නම් යෙහෙකැ’යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බෙදා දක්වත්වා යි.