10. 3. 1. 3.
මිච්ඡත්ත සූත්‍රය
මහණෙනි, මිථ්‍යාත්‍වයට විරාධනා වෙයි. ආරාධනායෙක් නොවෙයි. මහණෙනි, කෙසේ නම් මිථ්‍යාත්‍වයට පැමිණීමෙන් විරාධන වේ යැ ආරාධනා නො වේය යත්:
මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිකහට මිථ්‍යාසංකල්පය පොහෝනේය, මිථ්‍යාසංකල්ප ඇතියහට මිථ්‍යාවාක් පොහෝනේය. මිථ්‍යාවාක් ඇතියහට මිථ්‍යා කර්‍මාන්ත පොහෝනේය. මිථ්‍යා කර්‍මාන්ත ඇතියහට මිථ්‍යා ආජීවය පොහෝනේය. මිථ්‍යා ආජීව ඇත්තාහට මිථ්‍යා ව්‍යායාමය පොහෝනේය. මිථ්‍යා ව්‍යායාමය ඇත්තාහට මිථ්‍යා ස්මෘතිය පොහෝනේය. මිථ්‍යා ස්මෘතිය ඇත්තාහට මිථ්‍යා සමාධිය පොහෝනේය. මිථ්‍යා සමාධි ඇත්තාහට මිථ්‍යා ඥානය පොහෝනේය. මිථ්‍යා ඥානය ඇත්තාහට මිථ්‍යා විමුක්ති පොහෝනේය. මහණෙනි, මෙ සෙයින් ම මිථ්‍යාත්‍වයට පැමිණීමෙන් විරාධනා වෙයි. ආරාධනා නො වෙයි.
මහණෙනි, සම්‍යක්ත්‍වයට පැමිණීමෙන් ස්වර්‍ග - මාර්‍ගාරාධනා වෙයි. විරාධනා නො වෙයි. මහණෙනි, කෙසේ නම් සම්‍යක්ත්‍වයට පැමිණීමෙන් ආරාධනා වේයැ, විරාධනා නොවේය යත්:
මහණෙනි, සම්‍යක්දෘෂ්ටිකයාහට සම්‍යක් සංකල්පට පොහෝනේය. සම්‍යක් සංකල්ප ඇතිහට සම්‍යග් වචනය පොහෝනේය. සම්‍යග් වචනය ඇතියහට සම්‍යක්කර්‍මාන්තය පොහෝනේය. සම්‍යක් කර්‍මාන්ත ඇතියහට සම්‍යගාජීවය පොහෝනේය. සම්‍යගාජීවය ඇතියහට සම්‍යග් ව්‍යායාමය පොහෝනේය. සම්‍යග් ව්‍යායාමය ඇත්තහුට සම්‍යක් ස්මෘතිය පොහෝනේය. සම්‍යක් ස්මෘතිය ඇත්තහුට සම්‍යක් සමාධිය පොහෝනේය. සම්‍යක් සමාධිය ඇත්තහුට සම්‍යග් ඥානය පොහෝනේය. සම්‍යග් ඥාන ඇත්තහුට සම්‍යග් විමුක්තිය පොහෝනේයි. මහණෙනි, මෙ සෙයින් ම සම්‍යක්ත්‍වයට පැමිණීමෙන් ආරාධනා වේ. විරාධනා නො වෙයි.
10. 3. 1. 4.
බීජ සූත්‍රය
මහණෙනි, මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් - මිථ්‍යා සංකල්ප ඇති - මිථ්‍යා වාක් ඇති - මිථ්‍යා කර්‍මාන්ත ඇති - මිථ්‍යා ආජීව ඇති - මිථ්‍යා ව්‍යායාම ඇති - මිථ්‍යා ස්මෘති ඇති - මිථ්‍යා සමාධි ඇති - මිථ්‍යා ඥාන ඇති - මිථ්‍යා විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් කාය කර්‍මයක් හා - යම් වාග් කර්‍මයක් හා දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් මනඃ කර්‍මයක් හා යම් චේතනාවක් හා යම් ප්‍රාර්‍ත්‍ථනාවක් හා යම් ප්‍රණිධියක් හා යම් සංස්කාර හා වෙත් නම්, ඒ හැම ධර්‍මයෝ අනිටු වූ අකාන්ත වූ අමනාප වූ අහිත වූ දුක් පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය ලමු වේ මැයි.
මහණෙනි, යම් සේ කොසඹ බිජුවටෙක් වේවයි වැටකොලු බිජුවටෙක් වේවයි තික්ත ලබු බිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි නික්‍ෂිප්ත වූයේ යම් ම පොළෝරසයක් හා අල්වාගනී නම්, යම් ම ආපෝරසයක් හා අල්වාගනී නම්, එහැම තික්ත භාවය පිණිස, කුළුබව් පිණිස, අශාතභාවය පිණිස වැටෙයි. එ කවරහෙයින යත්: මහණෙනි, බිජුවට ලමුමැයි. (එහෙයිනි)
මහණෙනි, එපරිද්දෙන් ම මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් - මිථ්‍යාසංකල්ප ඇති - මිථ්‍යාවාක් ඇති - මිථ්‍යා කර්‍මාන්ත ඇති - මිථ්‍යා ආජීව ඇති - මිථ්‍යා ව්‍යායාම ඇති - මිථ්‍යා ස්මෘති ඇති - මිථ්‍යා සමාධි ඇති - මිථ්‍යා ඥාන ඇති - මිථ්‍යා විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි වූ පරිද්දෙන් ගන්නා ලද සමාදන්වන ලද යම් කායකර්‍මයක් හා - යම් ම වාක්කර්‍මයක් හා දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් ම මනඃකර්‍මයක් හා - යම් ම චේතනාවක් හා යම් ම ප්‍රාර්‍ත්‍ථනාවක් හා යම් ම ප්‍රණිධියක් හා යම් ම සංස්කාර කෙනෙක් හා වෙත් ද එ හැම දහම්හු අනිටු බව පිණිස, අකාන්තය පිණිස දුක් පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය ලමු මැයි. (එහෙයිනි)
මහණෙනි, සම්‍යක්දෘෂ්ටික පුරුෂපුද්ගලයා විසින් - සම්‍යක් සංකල්ප ඇති - සම්‍යක් වාක් ඇති - සම්‍යක් කර්‍මාන්ත ඇති - සම්‍යක් ආජීව ඇති - සම්‍යක් ව්‍යායාම ඇති - සම්‍යක් ස්මෘති ඇති - සම්‍යක් සමාධි ඇති - සම්‍යක් ඥාන ඇති - සම්‍යක් විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් ම කායකර්‍මයක් වේවයි, දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන්වන ලද යම් ම වාක්කර්‍මයක් වේවයි, දෘෂ්ටි වූ පරිදි ගන්නා ලද සමාදන්වන ලද යම් ම මනඃකර්‍මයක් වේවයි, යම් ම චේතනාවක් වේවයි, යම් ම ප්‍රාර්‍ත්‍ථනාවක් වේවයි, යම් ම ප්‍රණිධියක් වේවයි, යම් ම සංස්කාර වෙත්වයි, එ හැම ධර්‍මයෝ ඉටු වූ කාන්ත වූ මනාප වූ හිත වූ සැප පිණිස වැටෙත්. එ කවරහෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය භද්‍ර මැයි. (එහෙයිනි)