10. 3. 1. 11.
අසේඛ සූත්‍රය
එකල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කීය:
වහන්ස, අසේඛයා, අසේඛයා යි කියනු ලැබේ. වහන්ස, මහණ කෙතෙක් කරුණින් අසේඛ වේ දැ යි?
මහණ, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂ සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යක්සංකල්පයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යග්වචනයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යක්කර්‍මාන්තයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යගාජීවයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යක්ව්‍යායාමයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යක්ස්මෘතියෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යග්ඥානයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ්‍ය සම්‍යග්විමුක්තියෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මහණ මෙසේ අසේඛ වේ යයි.
10. 3. 1. 12.
අසේඛියධම්ම සූත්‍රය
මහණෙනි, මෙ අසෙඛියධර්‍ම දස දෙනෙකි. කවර දස දෙනෙක යත්:
අසේඛ සම්මාදිට්ඨි ය, අසේඛ සම්මාසඞ්කප්ප ය, අසේඛ සම්මාවාචා ය, අසේඛ සම්මාකම්මන්ත ය, අසේඛ සම්මාආජීව ය, අසේඛ සම්මාවායාම ය, අසේඛ සම්මාසතිය ය, අසේඛ සම්මාසමාධිය ය, අසේඛ සම්මාඤාණය ය, අසේඛ සම්මාවිමුක්ති යයි. මහණෙනි, මොහු දස අසේඛිය ධර්‍මයෝ යි.
පළමුවැනි සමණසඤ්ඤා වර්‍ග යි.
එහි උද්දානය:
සඤ්ඤා ය, බොජ්ඣඞ්ග ය, මිච්ඡත්ත ය, බීජය, විජ්ජා ය, නිජ්ජරා ය, ධෝවන ය, තිකිච්ඡා දෙකය, නිද්ධමන ය, අසේඛ සූත්‍ර දෙකදැයි දොළොසෙකි.