10. 2. 1. 4.
සමථ සූත්රය
[සැවැත්]
මහණෙනි, ඉදින් මහණ පරචිත්තපරියායකුසල නො වේ නම් එකල සචිත්තපරියායකුසල වෙමි යි, මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
මහණෙනි, මහණ කෙසේ නම් මහණ සචිත්තපරියායකුසල වේ ය යත්: “මහණෙනි, යම් සේ දහර වූ තරුණ වූ සදන සැහැවි ඇති ස්ත්රියක් වේව යි පුරුෂයෙක් වේ වයි පරිශුද්ධ පර්ය්යවදාත ආදර්ශයෙක වේවයි පහන් දියබඳුනෙක වේව යි තම මුව නිමිති පිරික්සා දක්නේ ඉදින් එහි රජසක් වේව යි තල කැලලක් වේවයි දක්නේ නම් එම රජස හෝ තල කැලල දුරලීමට ව්යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් වේවයි තල කැලලක් වේවයි නො දක්නේ නම් පිරිපුන් මනදොළ ඇතියේ එකැතින් මට ලාභයෙක, එකැතින් මා මුව පිරිසිදු යයි එයින් ම තුටු සිත් ඇතියේ වෙයි. මහණෙනි, එ පරිදි ම මහණහට කුසල් දහම්හි ප්රත්යවේක්ෂණාව බහූපකාර වෙයි. “අධ්යාත්මයෙහි චිත්තසමථය ලබන සුලු වෙම් දෝ යි අධ්යාත්මයෙහි චිත්තසමථය නො ලබන සුලුයෙම්දෝයි අධිප්රඥා ධර්මවිදර්ශනාව ලබන සුල්ලෙම් දෝයි අධිප්රඥාධර්ම විදර්ශනාව නො ලබන සුල්ලෙම් දෝ” යි.
මහණෙනි, ඉදින් මහණ ප්රත්යවේක්ෂා කරනුයේ මෙසේ දන්නේ නම් “අධ්යාත්මයෙහි චිත්තසමථය ලබන සුල්ලෙම්, අධිප්රඥා ධර්මවිදර්ශනාව නො ලබන සුල්ලෙමි”යි. මහණෙනි, එ මහණහු විසින් අධ්යාත්මයෙහි චිත්තසමථයෙහි පිහිටා අධිප්රඥාධර්මවිදර්ශනාව පිණිස යෝග කටයුතු යි. හේ පසුකල්හි අධ්යාත්මයෙහි චිත්තසමථය ලබන සුල්ලේත් අධිප්රඥාධර්මවිදර්ශනාව ලබන සුල්ලේත් වෙයි.
මහණෙනි, ඉදින් මහණ ප්රත්යවේක්ෂා කරනුයේ මෙසේ දන්නේ නම් අධිප්රඥාධර්මවිදර්ශනාව ලබන සුල්ලෙම් වෙමි. අධ්යාත්මයෙහි චිත්ත සමථය නො ලබන සුල්ලෙම් වෙමි”යි. මහණෙනි, ඒ මහණහු විසින් අධිප්රඥාධර්මවිදර්ශනාවෙහි පිහිටා අධ්යාත්මයෙහි චිත්ත සමථය පිණිස යෝග කටයුතු යි. හේ පසු කල්හි අධිප්රඥාධර්මවිදර්ශනාව ලබන සුල්ලේත් අධ්යාත්මයෙහි චිත්ත සමථය ලබන සුල්ලේත් වෙයි.
මහණෙනි, ඉදින් මහණ ප්රත්යවේක්ෂා කරනුයේ මෙසේ දන්නේ නම් අධ්යාත්මයෙහි චිත්ත සමථය නො ලබන සුල්ලෙම්, අධිප්රඥාධර්ම විදර්ශනාව නො ලබන සුල්ලෙමි”යි, මහණෙනි, ඒ මහණහු විසින් එ කුසල් දහම් ලබනු පිණිස අධිමාත්ර ඡන්දයෙක් හා ව්යායාමයෙක් හා උත්සාහයෙක් හා මහාවීර්ය්යයෙක් හා නො පසුබැස්මෙක් හා සතියෙක් හා සම්ප්රජන්යයෙක් හා කටයුතු.
මහණෙනි, යම් පරිදි ඇවිළගත් පිළි ඇතියේ වේවයි ඇවිළගත් හිස් ඇතියේ වේවයි එම පිළිය හෝ හිස නිවීමට අධිමාත්ර ඡන්දය හා ව්යායාමය හා උත්සාහය හා උස්සෝළහිය හා අප්පටිවානිය හා සතිය හා සම්පජඤ්ඤය හා කෙරෙයි. මහණෙනි, එ පරිදිම එ මහණහු විසින් එම කුසල් දහම් ලබනු වස් අධිමාත්ර ඡන්දය හා ව්යායාමය හා උත්සාහය හා උස්සෝළහිය හා අප්පටිවානිය හා සතිය හා සම්පජඤ්ඤය හා කටයුතු. හේ පසුකල්හි අධ්යාත්මයෙහි චිත්තසමථය ලබන සුල්ලේත් අධිප්රඥාධර්මවිදර්ශනාව ලබන සුල්ලේත් වෙයි.
මහණෙනි, ඉදින් මහණ ප්රත්යවේක්ෂා කරන්නේ මෙසේ දන්නේ නම්: “අධ්යාත්මයෙහි චිත්තසමථය ලබන සුල්ලෙම් වෙමි. අධිප්රඥාධර්ම විදර්ශනාව ලබන සුල්ලෙම් වෙමි” යි. මහණෙනි, ඒ මහණහු විසින් එම කුසල් දහම්හි පිහිටා මත්තෙහි ආස්රවක්ෂයට යෝග කටයුතු යි.