10. 2. 1. 3.
ඨිති සූත්රය
[සැවැත්]
මහණෙනි, මම් කුසල් දහම්හි ස්ථිතිය ද නො වනම්. පරිහානිය කැල මැ යි. මහණෙනි, මම් කුසල් දහම්හි වෘද්ධිය ද වනම්. ස්ථිය නො වනම්. පරිහානිය නො වනම්.
මහණෙනි, කෙසේ නම් කුසල් දහම්හි හානි වේ ද, ස්ථිති නො වේ ද, වෘද්ධි නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්රද්ධායෙන් ශීලයෙන් ශ්රැතයෙන් ත්යාගයෙන් ප්රඥායෙන් ප්රතිභානයෙන් යම් පමණ වේ ද, ඔහට එ දහම්හු නොම සිටුනාහ. නො වඩනා හ. මහණෙනි, තෙල කුසල් දහම්හි හානි යයි කියමි. ස්ථිතිය නො වෙයි. වෘද්ධි නො වෙයි.
මහණෙනි, කෙසේ නම් කුසල් දහම්හි ස්ථිතිය වේ ද, හානි නො වේ ද, වෘද්ධි නො වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්රද්ධායෙන්, ශීලයෙන්, ශ්රැතයෙන්, ත්යාගයෙන්, ප්රඥායෙන්, ප්රතිභානයෙන් යම් පමණ වේ නම් ඔහට එ දහම්හු නො ම පිරිහෙත්. නො වැඩෙත්. මහණෙනි, තෙල කුසල් දහම් හි ස්ථිතිය යි කියමි. හානිය යි නො කියමි. වෘද්ධිය යි නොකියමි. මහණෙනි, මෙසේ කුසල් දහම්හි ස්ථිතිය වෙයි. වෘද්ධි නො වේ. හානි නො වේ.
මහණෙනි, කෙසේ නම් කුසල් දහම් වෘද්ධි වේ ද, ස්ථිති නො වේ ද, හානි නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්රද්ධායෙන්, ශීලයෙන්, ශ්රැතයෙන්, ත්යාගයෙන්, ප්රඥායෙන්, ප්රතිභානයෙන් යම් පමණ වේ ද, ඔහට එ දහම්හු නො ම සිටුනාහ. නො ම පිරිහෙන්නාහ.
මහණෙනි, තෙල කුසල් දහම්හි වෘද්ධියයි කියමි. ස්ථිති යයි නො කියමි. හානිය යි නො කියමි. මහණෙනි, මෙසේ වනාහි කුසල් දහම්හි වෘද්ධි වේ. ස්ථිති නොවේ. හානි නො වේ.
මහණෙනි, ඉදින් මහණ පරචිත්තපරියාය කුසල නො වේ නම් එකල සචිත්තපරියාය කුසල වෙමියි, මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු.
මහණෙනි, කෙසේ නම් මහණ සචිත්තපරියාය කුසල වේ ය යත්: මහණෙනි, යම් පරිදි දහර වූ තරුණ වූ සරහන සැහැවි ඇති ස්ත්රියක් වේව යි, පුරුෂයෙක් වේවයි පිරිසිදු පර්ය්යවදාත ආදර්ශයෙක හෝ පහන් දියබඳුනෙක හෝ තම මුවනිමිති පිරික්සා බලනුයේ ඉදින් එහි රජසක් හෝ (තල කැලැල් ආදී) අඞ්ගණයක් හෝ දක්නේ හෝ එම රජස් හෝ අඞ්ගණය දුරලීමට ව්යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් හෝ අඞ්ගණයක් හෝ නො දක්නේ නම් එකැතින් මට ලාභය, එකැතින් මා මුව පිරිසිදුය යි පිරිපුන් මනදොළ ඇතියේ එයින් ම තුටු සිතැතියේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ සචිත්තපරියාය කුසල වේ ය යත්: මහණෙනි, යම් පරිදි දහර වූ තරුණ වූ සරහන සැහැවි ඇති ස්ත්රියක් වේව යි, පුරුෂයෙක් වේවයි පිරිසිදු පර්ය්යවදාත ආදර්ශයෙක හෝ පහන් දියබඳුනෙක හෝ තම මුවනිමිති පිරික්සා බලනුයේ ඉදින් එහි රජසක් හෝ (තල කැලැල් ආදී) අඞ්ගණයක් හෝ දක්නේ හෝ එම රජස් හෝ අඞ්ගණය දුරලීමට ව්යායාම කෙරෙයි. ඉදින් එහි රජසක් හෝ අඞ්ගණයක් හෝ නො දක්නේ නම් එකැතින් මට ලාභය, එකැතින් මා මුව පිරිසිදුය යි පිරිපුන් මනදොළ ඇතියේ එයින් ම තුටු සිතැතියේ වෙයි.
මහණෙනි, එපරිදි ම භික්ෂුහට කුසල් දහම්හි ප්රත්යවේක්ෂණාව බහූපකාර වේ. අභිධ්යාලූයෙම් බොහෝ කොට වෙසෙම් දෝ අනභිධ්යාලුයෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. ව්යාපන්නචිත්තයෙම් බොහෝ කොට වෙසෙම් දෝ අව්යාපන්නචිත්තයෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. ථිනමිද්ධයෙන් මැඬුණෙම් බොහෝ කොට වෙසෙම් දෝ පහවූ ථිනමිද්ධ ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. උද්ධතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ අනුද්ධතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. විචිකිච්ඡා ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ තරණය කළ විචිකිච්ඡා ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. කිපෙන සුල්ලෙම් බොහෝ කොට වෙසෙම් දෝ නො කිපෙන සුල්ලෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි, සකිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ නො කිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි, ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ නො ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. කුසීතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ, ඇරඹූ වැර ඇතියෙම් බොහෝ කොට වෙසෙම් දෝ යි. අසමාහිතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ සමාහිතයෙම් බොහෝ කොට වෙසෙම් දෝ” යි.
මහණෙනි, ඉදින් මහණ ප්රත්යවේක්ෂා කරනුයේ මෙසේ දන්නේ නම්: “අභිධ්යාලූයෙම් බොහෝ කොට වෙසෙමි. ඛ්යාපන්නචිත්තයෙම් බොහෝ කොට වෙසෙමි. ථිනමිද්ධපරියුට්ඨතයෙම් බොහෝ කොට වෙසෙමි. උද්ධතයෙම් බොහෝ කොට වෙසෙමි. විචිකිච්ඡා ඇතියෙම් බොහෝ කොට වෙසෙමි. කිපෙන සුල්ලෙම් බොහෝ කොට වෙසෙමි. සකිලිටි සිතැතියෙම් බොහෝ කොට වෙසෙමි. ගිලන් කය ඇතියෙම් බොහෝ කොට වෙසෙමි. කුසීතයෙම් බොහෝ කොට වෙසෙමි. අසමාහිතයෙම් බොහෝ කොට වෙසෙමි”යි. මහණෙනි, එ මහණහු විසින් එම ලමු අකුසල දහමුන්ගේ ප්රහාණය පිණිස අධිමාත්ර ඡන්දයෙක් හා ව්යායාමයෙක් හා උත්සාහයෙක් හා මහවැරෙක් හා නො පසුබැස්මෙක් හා සතියෙක් හා සම්පජඤ්ඤයෙක් හා කටයුතු යි.