10. 1. 5. 6.
සකක්ය සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයෙහි කපිල වාස්තුයෙහි නිග්රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල බොහෝ සැහැ උවසුවෝ පොහෝ ලත් එදින භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස් ව හුන්හ. භාග්යවතුන් වහන්සේ එකත්පස් ව හුන් සැහැ උවසුවනට තෙල වදාළ සේක: “ශාක්යයෙනි, තෙපි අටඟින් යුතු පෙහෙවස් වසවුදැ”යි
වහන්ස, අපි කිසි දිනෙක අටඟින් යුත් පෙහෙවස් වසම්හ. කිසි දිනෙක නො වසම්හ යි. ශාක්යයෙනි, යම් බඳු තෙපි මෙසේ ශෝකයෙන් බිය ඇති දිවි වැටෙත් ම මරණයෙන් බිය ඇති දිවිවැටෙත් ම කිසි දිනක අෂ්ටාඞ්ග සමන්වාගත පෙහෙවස් වසව් නම් කිසි දිනක නො වසව් නම් ඒ තොපට අලාභයෙක. ඒ තොපට නපුරු කොට ලැබීමෙක. ශාක්යයෙනි, ඒ කෙසේ හඟිව් ද? මෙලොව පුරුෂයෙක් යම් ම කර්මාන්තයෙකින් අකුශලයට නො වදනේ දවසට අඩකහවණුවක් උපදවන්නේ ය. දක්ෂ පුරුෂයෙක. උත්ථාන වීර්ය්යසම්පන්නයෙකැයි කියනට නිසි වේ ද? වහන්ස එසේය.
ශාක්යයෙනි, එ කෙසේ හඟිවුද? මෙහි මෙලොව පුරුෂයෙක් යම් ම කර්මාන්තයෙකින් අකුශලයට නො වදනේ දවසට කහවණුවක් උපයනේ ය. දක්ෂ පුරුෂයෙක, උත්ථානවීර්ය්යසම්පන්නයෙකැයි කියනට නිසි වේ ද? වහන්ස, එසේ ය.
ශාක්යයෙනි, ඒ කිමැයි හඟිවු ද? මෙ ලොව පුරුෂයෙක් යම් ම කර්මාන්තයෙකින් අකුසලට නො වදනේ දවසට දෙකහවණුවක් උපයනේ ය ... තුන් කහවණුවක් උපයනේ ය ... සතර කහවණුවක් උපයනේ ය ... පස් කහවණුවක් උපයනේ ය ... ස කහවණුවක් උපයනේ ය ... සත් කහවණුවක් උපයනේ ය. ... අට කහවණුවක් උපයනේ ය ... නව කහවණුවක් උපයනේ ය ... දස කහවණුවක් උපයනේ ය ... විසි කහවණුවක් උපයනේ ය ... තිස් කහවණුවක් උපයනේ ය ... සතලිස් කහවණුවක් උපයනේ ය ... පනස් කහවණුවක් උපයනේ ය. “දක්ෂ පුරුෂයෙක, උත්ථාන වීර්ය්ය සම්පන්නයෙකැයි කියන්නට නිසි වේ ද? වහන්ස, එසේය.
ශාක්යයෙනි, ඒ කිමැයි හඟිවු ද? ඒ පුරිස් දවස දවස කහවණු සියක් කහවණු දහසක් උපයනේ ලද ලද කහවණු නික්ෂේප කරනුයේ ශතවර්ෂායුෂ්ක සියක් වස් දිවි වටනුයේ මහත් භෝගස්කන්ධයක් ලබන්නේ දැයි? වහන්ස, එසේය.
ශාක්යයෙනි, එ කුමක් හඟිව් ද? ඒ පුරිස් භෝගහේතුවෙන් භොගනිදානයෙන් භෝගාධිකරණයෙන් එක් රැයක් වේව යි එක් දවසක් වේවයි අඩ රැයක් වේවයි. අඩ දවසක් වේවයි ඒකාන්තසුඛ විඳින සුලුයේ වාසය කෙරේ දැයි? වහන්ස, තෙල නො වේ ම ය.
එ කවර හෙයින යත්:
වහන්ස, කාමයෝ වනාහි අනිත්යයහ, තුච්ඡයහ, මෘෂාය. නස්නා සුල්ලහයි.
ශාක්යයෙනි, මෙ සස්නෙහි මාගේ සව්වෙක් දස වසක් අප්රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇතියේ ප්රහිතාත්ම වූයේ වාසය කරනුයේ මා විසින් යම්සේ අනුසස්නා ලද නම් එසේ පිළිපදනේ සියවසකුදු සියවස් සියයකුදු සියවස් දහසකුදු සියවස් සියදහසකුදු ඒකාන්තසුඛ විඳිනුයේ වාසය කෙරෙයි. හෙද වනාහි සකෘදාගාමි හෝ අනාගාමි හෝ අවිරුද්ධ කොට සෝවාන් හෝ වෙයි. ශාක්යයෙනි, දසවසක් තිබේවා,