10. 1. 5. 10.
භණ්ඩන සූත්රය
එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවත අසල අනේපිඬු සිටුහුගේ ජේතවන නම් වූ අරම්හි වැඩවසන සේක. එකල්හි බොහෝ මහණහු පසුබත පිඬුවායෙන් වැළකියාහු උවටන් හල්හි රැස්ව හුන්නාහු සන්නිපතිත වූවාහු හටගත් පූර්වභාග කලහ ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධවාදයට පැමිණියාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙත්.
එකල්හි භාග්යවතුන් වහන්සේ සවස් කල පිළිසලනින් නැගි සේක් උවටන්හල් කරා වැඩි සේක. වැඩ ප්රඥප්තාසනයෙහි හුන් සේක. හිඳ භාග්යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක. “මහණෙනි, දැන් කවර කථායෙකින් හුන්නා ව? තොප විසින් කවර අතුරු කථායෙක් අඩාළ කරන ලද දැ” යි?
“වහන්ස, අපි මේ සැවැත පසුබත පිඬුවායෙන් පෙරළා පැමිණියමෝ උවටන් හල්හි හුන්නමෝ රැස්වූවමෝ හටගත් පූර්වභාග කලහ ඇතියමෝ හටගත් කලහ ඇතියමෝ විරුද්ධවාදයට පැමිණියමෝ උනුන් මුවසැතින් පෙළමින් වසම්හ”‘යි.
මහණෙනි, යම් හෙයකින් තෙපි හටගත් පූර්වභාග කළහ ඇතියහු, හටගත් කළහ ඇතියහු විවාදාපන්න වූවහු උනුන් මුවසැතින් පෙළමින් වසවු නම් මෙය සැදැහැයෙන් ගිහිගෙන් නික්ම අනගාර්ය්ය ශාසනයෙහි පැවිදි වූ කුලපුත් තොපට නුසුදුසු මැ යි.
මහණෙනි, මේ දස ධර්ම කෙනෙක් සාරාණීය වූවහු ප්රියභාවය කරන්නාහු ගුරුභාවය කරන්නාහු සඞ්ග්රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස එක් බව පිණිස වටනාහ. කවර දස දෙනෙක යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ආචාරගෝචර සම්පන්න වූයේ පාමොක් සංවරසිලින් සංවෘත ව වෙසෙයි. අණුමාත්ර වරදෙහිදු බිය දක්නාසුලු වැ සිකපෙදෙහි සමාදන් කොට ගෙන හික්මෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ සිල්වත් වේ ද ... සමාදන් කොට ගෙන සිකපෙදෙහි හික්මේ ද, මෙ දහමද සාරාණීය යී. ප්රිය කරණ යි. ගරුකරණ යි. සඞ්ග්රහ පිණිස අවිවාද පිණිස සමගි පිණිස එක් බව පිණිස වැටෙයි.
2. තවද මහණෙනි, මහණ ශ්රැතධර වූයේ රැස්කොට ගත් ශ්රැත ඇතියේ බහුශ්රුත වෙයි’ යම් මේ දහම් කෙනෙක් ආදිකල්යාණ ද මධ්යකල්යාණ ද පර්ය්යවසාන කල්යාණ ද සාත්ථසව්යඤ්ජන වූවාහු කේවල පරිපූර්ණ වූ පරිශුද්ධ වූ බ්රහ්මචර්ය්ය පවසත් නම් එබඳු ධර්මයෝ ඔහු විසින් ධෘත වූවාහු බහුශ්රුත වෙත්. වචනයෙන් පරිචිත වෙත්. මනසින් අනුප්රේක්ෂිත වෙත්. ප්රඥායෙන් සුප්රතිවිද්ධ වෙත්. මෙ දහමුදු සාරාණීය යි. ප්රියකරණ යි. ගරු කරණ යි. සඞ්ග්රහ පිණිස අවිවාද පිණිස සමගි පිණිස එක්බව පිණිස වැටෙයි.
3. තවද මහණෙනි, මහණ කලණ යහළුවන් ඇතියේ කලණයනට නැඹුරු වූයේ කල්යාණ මිත්ර වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ කලණ යහළුවන් ඇතියේ කලණයනට නැඹුරු වූයේ කල්යාණමිත්ර වේද මෙ දහමුදු සාරාණීය යි. ප්රියකරණ යි ... එක් බව පිණිස වැටෙයි.
4. තවද මහණ සුවචභාවය කරන ධර්මයෙන් සමන්වාගත වූයේ අවවාදක්ෂම වූයේ අනුශාසනය ප්රදක්ෂිණායෙන් ගන්නා සුලු සුවච වෙයි. මහණෙනි, යම්හෙයෙකින් මහණ සුවචභාවය කරන දහමින් සමන්වාගත වූයේ අවවාදක්ෂම වූයේ අනුශාසනය ප්රදක්ෂිණායෙන් ගන්නා සුලු සුවච වේ නම් මෙ දහම ද සාරාණීය යි. ප්රියකරණ යි. ගරු කරණ යි. සඞ්ග්රහ පිණිස අවිවාද පිණිස සමගි පිණිස එක්බව පිණිස වැටෙයි.
5. තවද මහණෙනි, මහණ සබ්රම්සරුන් පිළිබඳ කුම් කෙරෙම් දැයි පිළිවිස කටයුතු කුදුමහත් යම් ඒ කටයුතු වේ නම් එහි දක්ෂ වෙයි. අනලස් වූයේ තත්රෝපායවීමංසායෙන් සමන්වාගත වූයේ කරනට හා සංවිධානයට සමත් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ සබ්රම්සරුන් පිළිබඳ යම් ඒ කුදු මහත් කිංකර්තව්ය වේ නම් එහිත් දක්ෂ වූයේ වේද අනලස් වූයේ තත්රෝපායවීමංසායෙන් සමන්වාගත වූයේ කරනට හා සංවිධානයට සමර්ත්ථ වේද මෙ දහම ද සාරාණීය යි. ප්රියකරණ යි … එක් බව පිණිස වටනේ ය.
6. තවද මහණෙනි, මහණ ප්රිය සමුදාහාර ඇත්තේ අභිධර්මයෙහි අභිවිනයෙහි මහත් ප්රාමෝද්ය ඇත්තේ ධර්මකාම වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ප්රිය සමුදාහාර ඇත්තේ අභිධර්මයෙහි අභිවිනයෙහි මහත් ප්රාමෝද්ය ඇතියේ ධර්මකාම වේද මෙ දහම ද සාරාණීය යි. ප්රියකරණ යි. … එක් බව පිණිස වැටෙයි.