10. 1. 4. 10.
ද්විතීය ආනන්ද සූත්රය
[සැවැත්]
වහන්ස, සඞ්ඝ සාමග්ගිය, සඞ්ඝ සාමග්ගිය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝයා සමග වේ දැයි?
ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණහු අධර්මය අධර්මයයි දක්වති, ධර්මය ධර්මය යි දක්වත්, අවිනය අවිනයයි දක්වති, විනය විනයයි දක්වති, තථාගතයන් විසින් අභාෂිත අලපිතය තථාගතයන් විසින් අභාෂිතය අලපිතය යි දක්වති, තථාගතයන් විසින් භාෂිත ලපිතය තථාගතයන් විසින් භාෂිත ලපිතය යි දක්වති, තථාගතයන් විසින් අනාචීර්ණය තථාගතයන් විසින් අනාචීර්ණය යි දක්වත්, තථාගතයන් විසින් ආචීර්ණය තථාගතයන් විසින් ආචීර්ණය යි දක්වති, තථාගතයන් විසින් අප්රඥප්තය තථාගතයන් විසින් අප්රඥප්තය යි දක්වති, තථාගතයන් විසින් ප්රඥප්තය තථාගතයන් විසින් ප්රඥප්තය යි දක්වති. ඔහු මේ දශ වස්තුයෙන් පිරිස නො ඇද ගනිති, අත්යර්ත්ථයෙන් නො ඇද ගනිත්, ආවෙනි කර්ම නො කෙරෙති, ආවෙනි ප්රාතිමෝක්ෂය නො උදෙසත් යි. ආනන්දයෙනි, මෙතෙක් කරුණින් සඞ්ඝයා සමග වේ යයි.
වහන්ස, බුන් සඟහු සමග කොට හේ කුමක් ප්රසව කෙරේ දැයි?
ආනන්දයෙනි, බ්රහ්ම පුණ්යය ප්රසව කෙරේ යයි.
වහන්ස, බ්රහ්ම පුණ්යය කවර?
ආනන්දයෙනි, ආයුෂ්කල්පයක් ස්වර්ගයෙහි සතුටු වෙයි.
1. සඟුන්ගේ සමගිය සුවැතියේ වෙයි. සමග සඟුන්ගේ අනුග්රහය ද සුවැතියේ ය. සමගියෙහි ඇලුනේ ධර්මස්ථ වූයේ යෝග ක්ෂේමයෙන් නො පිරිහෙයි. සඟුන් සමග කොට කපක් සගෙහි ප්රමොදිතවේ යයි.
සතර වැනි උපාලි වර්ග යි.
එහි උද්දානය:
උපාලි සූත්රය, පාතිමොක්ඛට්ඨපන සූත්රය, උබ්බාහිකා සූත්රය, උපසම්පදා සූත්රය, නිස්සය සූත්රය, සාමණේර සූත්රය, සඞ්ඝ භේද සූත්රය, සඞ්ඝ සාමග්ගි සූත්රය, ආනන්ද සූත්ර දෙක දැයි මේ වර්ගයෙහි සූත්ර දශයෙකි.
5. අක්කෝස වර්ගය
10. 1. 5. 1.
විවාද සූත්රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළකළහ:
වහන්ස, යම් හෙයෙකින් සඞ්ඝයාගේ භණ්ඩන කලහ විග්රහ විවාදයෝ උපදනාහු නම් භික්ෂූහු ද පහසු සේ නො වෙසෙත් නම් ඒ හේතු කවර, ඒ ප්රත්යය කවරැ? යි.
උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්මය ධර්මයයි දක්වත්, ධර්මය අධර්මයයි දක්වත්, අවිනය විනයයි දක්වත්, විනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාෂිතය අලපිතය තථාගතයන් විසින් භාෂිත ය ලපිත යයි දක්වත්, භාග්යවතුන් වහන්සේ විසින් භාෂිතය ලපිතය තථාගතයන් විසින් අභාෂිත ය අලපිත යයි දක්වත්, තථාගතයන් විසින් අනාචීර්ණය තථාගතයන් විසින් ආචීර්ණ යයි දක්වත්, තථාගතයන් විසින් ආචීර්ණය තථාගතයන් විසින් අනාචිර්ණයයි දක්වති, තථාගතයන් විසින් අප්රඥප්තය තථාගතයන් විසින් ප්රඥප්ත යයි දක්වත්, තථාගතයන් විසින් ප්රඥප්තය තථාගතයන් විසින් අප්රඥප්ත යයි දක්වත්, උපාලියෙනි, යම් හෙයෙකින් සඞ්ඝයා කෙරෙහි භණ්ඩන කලහ විග්රහ විවාදයෝ උපදනාහු නම්, භික්ෂුහු ද පහසු සේ නො වෙසෙත් නම් මේ ඒ හේතු ය, මේ ඒ ප්රත්යය යි.