10. 1. 2. 4.
චේතෝඛිල සූත්රය
[සැවැත් නුවර]
මහණෙනි, යම් කිසි මහණක්හුගේ වේවයි මෙහෙණකගේ වේවයි පඤ්ච චේතෝඛිලයෝ අප්රහීණ වෙත් ද පඤ්ච චේතෝවිනිබන්ධයෝ නුසුන්හු ද, ඔහට යම් රැයක් වේවයි දිනක් වේවයි පැමිණේ නම් කුසල ධර්මයන්හි හානියෙක් ම කැමැති විය යුතු, වෘද්ධියෙක් නො වේ.
ඔහුගේ කවර පඤ්ච චේතෝඛිලයෝ අප්රහීණ වෙත් ද යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කරනේය, විචිකිච්ඡා කරනේය, නිශ්චයට නො යෙයි. නො පහදනේ ය. මහණෙනි, යම් ඒ මහණෙක් ශෘස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො යේ ද, නො පහදී ද, ඔහු සිත ආතප්පයට අනුයෝගයට සාතත්යයට ප්රධන්වීර්ය්යයට නො නැමෙයි. යමක්හුගේ සිත ආතප්පයට අනුයෝගයට සාතත්යයට ප්රධන්වීර්ය්යයට නො නැමේ නම් මෙසේ ඔහුගේ මේ ප්රථම චේතෝකිලය අප්රහීණ වෙයි.
තවද මහණෙනි, මහණ ධර්මය කෙරෙහි සැක කෙරෙයි, ... සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, ... ශික්ෂායෙහි සැක කෙරෙයි. ... සබ්රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිතැතියේ ගැටුණු සිතැත්තේ හටගත් හුල් ඇතියේ වෙයි. ඔහු සිත ආතාපයට අනුයෝගයට සතතභාවයට ප්රධන්වීර්ය්යයට නො නැමෙයි. යමක්හුගේ සිත ආතාපයට අනුයෝගයට සතතභාවයට ප්රධන්වීර්ය්යයට නො නැමේ නම් මෙසේ ඔහුගේ මේ පඤ්චම චේතෝඛිලය අප්රහීණ වෙයි. මේ පඤ්ච චේතෝඛිලයෝ අප්රහීණ වෙත්.
ඔහුගේ කවර කවර පඤ්ච චේතෝවිනිබන්ධ කෙනෙක් නුසුන් වෙත් ද යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි පහ නොවූ රාග ඇතියේ පහ නොවූ ඡන්ද ඇතියේ පහ නොවූ ප්රේම ඇතියේ පහ නොවූ පිපාසා ඇතියේ පහ නොවූ පරිදාහ ඇතියේ පහ නොවූ තෘෂ්ණා ඇතියේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමයන්හි අවීතරාග වේ ද, අවීගතඡන්ද වේ ද, අවිගත පෙම වේද, අවිගත පිපාසා වේ ද, අවිගත පරිදාහ වේ ද, අවිගත තණ්හා වේ ද, ඔහු සිත ආතප්පයට, අනුයෝගයට, සාතත්යයට ප්රධන්වීර්ය්යයට නො නැමෙයි. යමක්හුගේ සිත ආතාපයට, අනුයෝගයට, සාතත්යයට ප්රධානයට නො නැමේ නම්, මෙසේ මේ ඔහුගේ ප්රථම චේතෝ විනිබන්ධය නුසුන් වෙයි.
තවද මහණෙනි, මහණ කයෙහි අවීතරාගි වෙයි ... රූපයෙහි අවීතරාග වෙයි ... කුසපුරා වළඳා ශය්යා සුඛයෙහි, ස්පර්ශ සුඛයෙහි, මිද්ධ සුඛයෙහි යෙදුනේ වාසය කරයි. එක්තරා දේවනිකායක් පතා බඹසර සෙරෙයි: “මම් මේ සිලින් හෝ වතින් හෝ තෙවෙන් හෝ බඹසෙරන් හෝ දෙවියෙක් හෝ අන්යතර දෙවියෙක් හෝ වෙම්ව”යි. මහණෙනි, යම් මහණෙක් එක්තරා දේවනිකායක් පතා බඹසර සෙරේ නම්: “මම් මේ සිලින් හෝ වතින් හෝ තෙවෙන් හෝ බඹසෙරන් හෝ දෙවියෙක් හෝ අන්යතර දෙවියෙක් හෝ වෙම්ව”යි. ඔහු සිත ආතාපයට අනුයෝගයට, සාතත්යයට ප්රධන්වීර්ය්යයට නො නැමේ. යමකුගේ සිත ආතාපයට අනුයෝගයට, සාතත්යයට ප්රධන්වීර්ය්යයට නො නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පඤ්චම චේතෝවිනිබන්ධයෝ නුසුන් වෙත්.
මහණෙනි, යම් කිසි මහණකුගේ වේවයි, මෙහෙණකගේ වේවයි, මේ පඤ්ච චේතෝඛිලයෝ අප්රහීණ වෙත් ද, මේ පඤ්ච චේතෝ විනිබද්ධයෝ නුසුන් වෙත් ද ඔහුගේ යම් රැයක් හෝ දවසක් හෝ ඒ නම් කුසල් දහම්හි හානියෙක් ම කැමැති විය යුතු, වෘද්ධියෙක් නො වේ.
මහණෙනි, යම් පරිදි පසඩමස්හි චන්ද්රයාගේ යම් බඳු රැයෙක් වේවයි දිනයෙක් වේවයි ඒ නම්, එය වර්ණයෙනුදු පිරිහේ මැයි, මණ්ඩලයෙනුදු පිරිහෙයි, ආභායෙනුදු පිරිහෙයි, ආරෝහ පරිණාහයෙනුදු පිරිහේ. මහණෙනි, යම් කිසි මහණක්හු හෝ මෙහෙණකගේ මේ පඤ්ච චේතෝඛිලයෝ අප්රහීණ වෙත් නම්, මේ පඤ්ච චේතෝවිනිබන්ධයෝ නුසුන් වෙත් නම් ඔහට යම් රැයක් වේවයි දවසෙක් වේවයි ඒ නම් කුශල ධර්මයන්හි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධියෙක් නො වේ.
මහණෙනි, යම් කිසි මහණක්හුගේ වේවයි මෙහෙණක්හුගේ වේවයි පඤ්ච චේතෝඛිලයෝ ප්රහීණ වෙත් නම්, පඤ්ච චේතෝවිනිබද්ධයෝ සමුච්ඡින්න වෙත් නම්, ඔහට යම් රැයෙක් හෝ දවසෙක් හෝ ඒ නම් කුශල ධර්මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නො වේ.
ඔහුගේ කවර පඤ්ච චේතෝඛිලයෝ ප්රහීණ වෙත් ද යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක නො කරයි. විචිකිච්ඡා නො කරයි. නිශ්චයට යයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, විනිශ්චයට යේ ද, පහදී ද ඔහු සිත ආතාපයට අනුයෝගයට සාතත්යයට ප්රධන්වීර්ය්යයට නැමෙයි. මෙසේ ඔහුගේ මේ ප්රථම චේතෝඛිලය ප්රහීණ වෙයි.