6. පරියායවාරය
1. විවාදාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද, ස්ථානයෝ කෙතෙක් ද, වස්තූහු කෙතෙක් ද, භූමීහු කෙතෙක් ද, හෙතූහු කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරින් විවාද කෙරෙත් ද, විවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද?
2. අනුවාදාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද, ස්ථානයෝ කෙතෙක් ද, වස්තූහු කෙතෙක් ද, භූමීහු කෙතෙක් ද, හෙතූහු කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරින් චෝදනා කෙරේ ද, අනුවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද?
3. ආපත්තාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද, ස්ථානයෝ කෙතෙක් ද, වස්තූහු කෙතෙක් ද, භූමීහු කෙතෙක් ද, හෙතූහු කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරින් ඇවැතට පැමිණේ ද, ආපත්තාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද?
4. කිච්චාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද, ස්ථානයෝ කෙතෙක් ද, වස්තූහු කෙතෙක් ද, භූමීහු කෙතෙක් ද, හෙතූහු කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරින් කෘත්‍යය හටගණී ද, කිච්චාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද?
1. විවාදාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද යත්: ලෝභය පූර්‍වඞ්ගම වෙයි, ද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, මෝහය පූර්‍වඞ්ගම වෙයි, අලෝභය පූර්‍වඞ්ගම වෙයි. අද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, අමෝහය පූර්‍වඞ්ගම වේ. ස්ථානයෝ කෙතෙක යත්: අටළොස් භේදකර වස්තූහු ස්ථාන වෙත්. වස්තූහු කෙතෙක යත්: අටළොස් භේදකරවස්තූහු වස්තු වෙත්. භූමීහු කෙතෙක යත්: අටළොස් භේදකරවස්තූහු භූමී වෙත්. හෙතූහු කෙතෙක යත්: හෙතූහු නව දෙනෙකැ: කුශලහේතු තිදෙන යැ, අකුශලහේතු තිදෙන යැ, අව්‍යාකෘත හේතු තිදෙන යි. මූලයෝ කෙතෙක යත්: මූලයෝ දොළොසෙකි. කෙතෙක් අයුරින් විවාද කෙරේද යත්: දෙ අයුරෙකින් විවාද කෙරෙයි: ධර්‍මදෘෂ්ටියෙන් හෝ අධර්‍මදෘෂ්ටියෙන් හෝ යි. විවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් දැයි දෙශමථයෙන් විවාදාධිකරණය සන්හිඳේ.
2. අනුවාදාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද යත්: ලෝභය පූර්‍වඞ්ගම වෙයි, ද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, මෝහය පූර්‍වඞ්ගම වෙයි, අලෝභය පූර්‍වඞ්ගම වෙයි, අද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, අමෝහය පූර්‍වඞ්ගම වේ. ස්ථානයෝ කෙතෙක යත්: (ශීල-ආචාර-දෘෂ්ටි-ආජීව යන) සිවුවැදෑරුම් විපත්තීහු ස්ථාන වෙත්. වස්තූහු කෙතෙක යත්: සිවුවැදෑරුම් විපත්තීහු වස්තු වෙත්. භූමීහු කෙතෙක යත්: සිවු වැදැරුම් විපත්තීහු භූමී වෙත්. හෙතූහු කෙතෙක යත්: හෙතූහු නවදෙනෙකැ: කුශල හේතු තිදෙන යැ අකුශලහේතු තිදෙන යැ අව්‍යකෘතහෙතු තිදෙනැයි. මූලයෝ කෙතෙක යත්: මූලයෝ තුදුසෙකි. කෙතෙක් අයුරෙකින් චෝදනා කෙරේ ද යත්: දෙ අයුරෙකින් චෝදනා කෙරෙයි: වස්තු වශයෙන් හෝ ආපත්ති වශයෙන් හෝ යි. අනුවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛා විනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හ විනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවු ශමථයෙන් අනුවාදාධිකරණය සන්හිඳේ.
3. ආපත්තාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේද යත්: ලෝභය පූර්‍වඞ්ගම වෙයි ද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, මෝහය පූර්‍වඞ්ගම වෙයි, අලෝභය පූර්‍වඞ්ගම වෙයි, අද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, අමෝහය පූර්‍වඞ්ගම වේ. ස්ථානයෝ කෙතෙක යත්: සප්තආපත්ති ස්කන්‍ධයෝ ස්ථාන වෙති, වස්තූහු කෙතෙක යත්: සප්තආපත්තිස්කන්‍ධයෙන් වස්තූ වෙති. භූමීහු කෙතෙක යත්: සප්තආපත්තිස්කන්‍ධයෝ භූමී වෙති. හෙතූහු කෙතෙක යත්: හෙතූහු නවදෙනෙකැ: කුශල හේතු තිදෙන යැ අකුශලහේතු තිදෙන ය අව්‍යකෘතහෙතු තිදෙන යි. මූලයෝ කෙතෙක යත්: සවැදැරුම් ආපත්තිසමුට්ඨානයෝ මූල වෙති. කෙතෙක් අයුරෙකින් ඇවැතට පැමිණේ ද යත්: අලජ්ජීබව යැ නො දැනීම්බව යැ කුකුස් පියවි කොට ඇතිබව යැ නො කැපයෙහි කැපැයි හැඟීම් ඇතිබව යැ කැපයෙහි නො කැපැයි හැඟීම් ඇතිබව යැ සිහිමුළාබවැයි ස අයුරකින් ඇවැතට පැමිණේ. ආපත්තාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද සම්මුඛා විනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ.
4. කිච්චාධිකරණයට කුමක් පූර්‍වඞ්ගම වේ ද යත්: ලෝභය පූර්‍වඞ්ගම වෙයි. ද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, මෝහය පූර්‍වඞ්ගම වෙයි, අලෝභය පූර්‍වඞ්ගම වෙයි, අද්වේෂය පූර්‍වඞ්ගම වෙයි, අමෝහය පූර්‍වඞ්ගම වේ. ස්ථානයෝ කෙතෙක යත්: සිවුවැදෑරුම් කර්‍මයෝ ස්ථාන වෙති. වස්තූහු කෙතෙක යත්: සිවුවැදෑරුම් කර්‍මයෝ වස්තූ වෙති. භූමීහු කෙතෙක යත්: සිවුවැදෑරුම් කර්‍මයෝ භූමී වෙති. හෙතූහු කෙතෙක යත්: හෙතූහු නවදෙනෙකැ: කුශල හේතු තිදෙන යැ අකුශල හේතු තිදෙන යැ අව්‍යකෘතහෙතු තිදෙන යි. මූලයෝ කෙතෙක යත්: එක් මූලෙකැ: සඞ්ඝ තෙමේ යැ. කෙතෙක් අයුරෙකින් කෘත්‍යය හටගණී ද යත්: දෙ අයුරෙකින් කෘත්‍යය හටගණියි: ඤත්තියෙන් හෝ අපලෝකනයෙන් හෝ යි. කිච්චාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛාවිනය නම් එක් ශමථයෙන් කිච්චාධිකරණය සන්හිඳේ.
ශමථයෝ කෙතෙක යත්: ශමථයෝ සත් දෙනෙකි. සම්මුඛාවිනය යැ සති විනය යැ අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ යේභුය්‍යසිකා යැ තස්සපාපියාසිකා යැ තිණවත්‍ථාරක යැ. මොහු සප්ත ශමථයෝ යි.
කිසිවිටෙක මේ සප්ත ශමථයෝ දශ ශමථයෝ වෙති. කිසිවිටෙක වස්තු වශයෙන් ද පර්‍ය්‍යාය වශයෙන් ද දශ ශමථයෝ සප්ත ශමථයෝ වෙත්.
කෙසේ වන්නේ ද යත්: විවාදාධිකරණය පිළිබඳ ශමථයෝ දෙදෙනෙකැ, අනුවාදාධිකරණය පිළිබඳ ශමථයෝ සිවුදෙනෙකැ, ආපත්තාධිකරණය පිළිබඳ ශමථයෝ තිදෙනෙකැ, කිච්චාධිකරණය පිළිබඳ එක් ශමථයෙකි. මෙසේ මේ සප්ත ශමථයෝ වස්තු වශයෙන් හා පර්‍ය්‍යාය වශයෙන් දශ ශමථයෝ වෙති, දශ ශමථයෝ සප්ත ශමථයෝ වෙත්.
සවන අධිකරණ පරියාය වාරය නිමි.