7. සාධාරණවාරය
කෙතෙක් ශමථයෝ විවාදාධිකරණයට සාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ විවාදාධිකරණයට අසාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ අනුවාදාධිකරණයට සාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ අනුවාදාධිකරණයට අසාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ ආපත්තාධිකරණයට සාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ ආපත්තාධිකරණයට අසාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ කිච්චාධිකරණයට සාධාරණ වෙත් ද, කෙතෙක් ශමථයෝ කිච්චාධිකරණයට අසාධාරණ වෙත් ද යත්:
1. දෙ ශමථයෝ විවාදාධිකරණයට සාධාරණ වෙති: සම්මුඛාවිනය යැ යේභුය්යසිකා යැ. පස් ශමථයෝ විවාදාධිකරණයට අසාධාරණ වෙති: සතිවිනය යැ අමූළ්හ විනය යැ පටිඤ්ඤාතකරණ යැ තස්සපාපිය්යසිකා යැ තිණවත්ථාරක යි.
2. සිවු ශමථයෝ අනුවාදාධිකරණයට සාධාරණ වෙති: සම්මුඛාවිනය යැ සති විනය යැ අමූළ්හවිනය යැ තස්සපාපිය්යාසිකා යි. තුන් ශමථයෝ අනුවාදාධිකරණයට අසාධාරණ වෙති: යේභුය්යසිකා යැ පටිඤ්ඤාතකරිණ යැ තිණවත්ථාරක යි.
3. තුන් ශමථයෝ ආපත්තාධිකරණයට සාධාරණ වෙති: සම්මුඛාවිනය යැ පටිඤ්ඤාතකරණ යැ තිණවත්ථාරක යැ. සිවු ශමථයෝ ආපත්තාධිකරණයට අසාධාරණ වෙති: යේභුය්යසිකා යැ සතිවිනය යැ අමූළ්හවිනය යැ තස්සපාපිය්යසිකා යි.
4. එක් ශමථයෙක් කිච්චාධිකරණයට සාධාරණ වෙයි: සම්මුඛාවිනය යි. ෂට් සමථයෝ කිච්චාධිකරණයට අසාධාරණ වෙති: යේභුය්යසිකා යැ සතිවිනය යැ අමූළ්හ විනය යැ පටිඤ්ඤාතකරණ යැ තස්සපාපිය්යසිකා යැ තිණවත්ථාරක යි.
සත්වන සාධාරණ වාරය නිමි.
8. තබ්භාගියවාරය
කෙතෙක් ශමථයෝ විවාදාධිකරණයට තද්භාගීය වෙත් ද, කොතෙක් ශමථයෝ විවාදාධිකරණයට අන්යභාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ අනුවාදාධිකරණයට තද්භාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ අනුවාදාධිකරණයට අන්යභාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ ආපත්තාධිකරණයට තද්භාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ ආපත්තාධිකරණයට අන්යභාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ කිච්චාධිකරණයට තද්භාගීය වෙත් ද, කෙතෙක් ශමථයෝ කිච්චාධිකරණයට අන්යභාගීය වෙත් ද යත්:
1. දෙ ශමථයෝ විවාදාධිකරණයට තද්භාගීය වෙති: සම්මුඛාවිනය යැ, යේභුය්යසිකා යි. පස් ශමථයෝ විවාදාධිකරණයට අන්යභාගීය වෙති: සතිවිනය යැ අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ තස්සපාපිය්යසිකා යැ තිණවත්ථාරක යි.
2. සිවු ශමථයෝ අනුවාදාධිකරණයට තද්භාගීය වෙති. සම්මුඛාවිනය යැ සතිවිනය යැ අමූළ්හවිනය යැ තස්සපාපිය්යසිකා යි. තුන් ශමථයෝ අනුවාදාධිකරණයට අන්යභාගීය වෙති: යේභුය්යසිකා යැ පටිඤ්ඤාතකරණ යැ තිණවත්ථාරක යි.
3. තුන් ශමථයෝ ආපත්තාධිකරණයට තද්භාගීය වෙති: සම්මුඛාවිනය යැ පටිඤ්ඤාතකරණ යැ තිණවත්ථාරක යි. සිවු ශමථයෝ ආපත්තාධිකරණයට අන්යභාගීය වෙති: යේභුය්යසිකා යැ සතිවිනය යැ අමූළ්හවිනය යැ තස්සපාපිය්යසිකා යි.
4. එක් ශමථයෙක් කිච්චාධිකරණයට තද්භාගීය වෙයි: සම්මුඛාවිනය යි. ෂට් ශමථයෝ කිච්චාධිකරණයට අන්යභාගීය වෙති: යේභුය්යසිකා යැ සතිවිනය යැ අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ තස්සපාපිය්යසිකා යැ තිණවත්ථාරක යි.
අටවන තබ්භාගියවාරය නිමි.
9. සමථ සමථයට සාධාරණවාරය
ශමථයෙන් ශමථයට සාධාරණයහ, ශමථයෝ ශමථයට අසාධාරණයහ. කිසිවිටෙක ශමථයෝ ශමථයට සාධාරණ වෙති, කිසිවිටෙක ශමථයෝ ශමථයට අසාධාරණ වෙත්.
කිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ සාධාරණ වෙත් ද, කිසිවිටෙක ශමථයෝ ශමථයට කෙසේ අසාධාරණ වෙත් ද යත්:
1. යේභුය්යසිකාව සම්මුඛාවිනයට සාධාරණ වෙයි, සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්ය සිකාවට තිණවත්ථාරකයට අසාධාරණ වේ.
2. සතිවිනය සම්මුඛාවිනයට සාධාරණ වෙයි, අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්යසිකාවට තිණවත්ථාරකයට යේභුය්යසිකාවට අසාධාරණ වේ.
3. අමූළ්හවිනය සම්මුඛාවිනයට සාධාරණ වෙයි, පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්යසිකාවට තිණවත්ථාරකයට යේභුය්යසිකාවට සතිවිනයට අසාධාරණ වේ.
4. පටිඤ්ඤාතකරණය සම්මුඛාවිනයට සාධාරණ වෙයි, තස්සපාපිය්යසිකාවට තිණවත්ථාරකයට යේභුය්යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට අසාධාරණ වේ.
5. තස්සපාපිය්යසිකාව සම්මුඛාවිනයට සාධාරණ වෙයි, තිණවත්ථාරකයට යේභුය්යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට අසාධාරණ වේ.
6. තිණවත්ථාරකය සම්මුඛාවිනයට සාධාරණ වෙයි. යේභුය්යසිකාවට සතිවිනයට අමූළ්හවිනයට පටිඤ්ඤාතකරණයට තස්සපාපිය්යසිකාවට අසාධාරණ වේ. මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට සාධාරණ වෙති, මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයට අසාධාරණ වෙත්.
නවවන සමථ සමථයට සාධාරණවාරය නිමි.