4. විපත්ති පච්චවාරය
1. ශීලවිපත්ති හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ශීලවිපත්ති හේතුයෙන් සිවු ඇවැතකට පැමිණෙයි: මෙහෙණ දැන දැන පරිජි ඇවැතක් සඟවා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇත්තී සඟවා නම් ථුලැසි ඇවැත් වෙයි, මහණ සඟවෙසෙසක් සඟවා නම් පචිති ඇවැත් වෙයි. තමාගේ තුළුල් ඇවැතක් සඟවා නම් දුකුළා ඇවැත් වේ. ශීලවිපත්ති හේතුවෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවු වැදැරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවු වැදැරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්ධයෙන් දැයි චතුරාපත්තිස්කන්ධයෙන් සඞ්ග්රහකරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන්ද සිතින් ද නගිත්. සිවු වැදෑරුම්අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
2. ආචාර විපත්තිහෙතුයෙන් කෙතෙක් ඇවැතුන්ට පැමිණේ ද යත්: ආචාර විපත්තිහෙතුයෙන් එක් ඇවැතකට පැමිණෙයි: ආචාරවිපත්තිය පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ. ආචාර විපත්තිහෙතුයෙන් මේ එක් ඇවැතට පැමිණේ.
ඒ ඇවැත සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජේ ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්:
ඒ ඇවැත සිවුවැදෑරුම් විපත් අතුරෙන් ආචාර විපත්තිසඞ්ඛ්යාත එක් විපතක් බෙජේ. සත්වැදෑරුම් ආපත්තිස්කන්ධයන් අතුරෙන් දුක්කටාපත්තිස්කන්ධසඞ්ඛ්යාත එක් ආපත්තිස්කන්ධයෙකින් සඞ්ග්රහ කරණ ලද. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් අපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ.
3. දිට්ඨිවිපත්තිහේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දිට්ඨිවිපත්ති හේතුයෙන් දෙ ඇවැතකට පැමිණෙයි: ලාමක දෘෂ්ටිහේතුයෙන් තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (එය) නො හරී නම් ඤත්තියෙන් දුකුළා වෙයි, කම්වදන් අවසන්හි පචිති ඇවැත් වේ. දිට්ඨිවිපත්තිහේතුයෙන් මේ දෙ ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් ආචාරවිපත්තිසඞ්ඛ්යාත එක් විපතක් බෙජෙත්. සත් වැදැරුම් ආපත්තිස්කන්ධයන් අතුරෙන් කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්ධයෙන් දැයි දෙ ආපත්තිස්කන්ධයෙන් සඞ්ග්රහ කරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨාන යෙකින් නගිති: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
4. ආජීව විපත්තිහෙතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ආජීවවිපත්ති හේතුයෙන් සඇවැතකට පැමිණෙයි: දිවිපැවැත්ම හේතුකොට දිවිපැවැත්ම කරුණු කොට ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඬනා ලද්දේ (තමන් කෙරෙහි) නැති අවිද්යමාන වූ උතුරු මිනිස්ධම් මතුකොට ප්රකාශ කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, දිවි පැවැත්ම හේතු කොට දිවිපැවැත්ම කරුණු කොට (ස්ත්රීපුරුෂයන් අතරැ) හැසිරීමට පැමිණේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, දිවිපැවැත්ම හේතු කොට දිවිපැවැත්ම කරුණු කොට “යම් මහණෙක් තොපගේ වෙහෙරෙහි වෙසේ නම් ඒ මහණ රහත්” යි කියා නම් දන්නහුට ථුලැසි ඇවැත් වෙයි, දිවිපැවැත්ම හේතුකොට දිවිපැවැත්ම කරුණු කොට මහණ පිණිස බොජුන් තමා පිණිස විනවා වළඳා නම් පචිති ඇවැත් වෙයි, දිවිපැවැත්ම හේතුකොට දිවිපැවැත්ම කරුණු කොට මෙහෙණ පිණි බොජුන් තමා පිණිස විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වෙයි, දිවිපැවැත්ම හේතු කොට දිවිපැවැත්ම කරුණු කොට නො ගිලන් වැ සූපයක් හෝ බතක් හෝ තමා පිණිස විනවා වළඳා නම් දුකුළා ඇවැත් වේ. ආජීවවිපත්තිහේතුවෙන් මේ සඇවතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙනෙක් විපත් බෙජෙත්ද ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙනෙක් ශමථයෙන් සන්හිදෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාර විපත්තිය දැ යි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්ති ස්කන්ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයා පත්තිස්කන්ධයෙන් ද,