3. ආපත්ති සමුට්ඨාන ගාථා
1. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායසමුට්ඨාන කෙනෙක් වදාරණ ලදහු ද, එයින් නැගී ඇවැත්හු කෙතෙක් දැයි ඔබ විචාරමි. එය කියනු මැනැව.
2. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශීවූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කාය සමුට්ඨාන කෙනෙක් වදාරණ ලදහු ද, එයින් නැගී ඇවැත්හු (දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, පිළිදෙස්නී) යි පසෙකි. තොපට මෙය කියමි.
3. විභඞ්ගකෝවිද, විවේකදර්ශීවූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් වාචසිකසමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ වාචසිකසමුට්ඨානයෙන් නැංගාවූ, ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
4. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් වාචසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද ඒ වාචසිකසමුට්ඨානයෙන් නැංගාවූ ඇවැත්හු (දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති යි) සිවු දෙනෙකි. තොපට මෙය කියමි.
5. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායිකවාචසිකසමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායිකවාචසිකසමුට්ඨානයෙන් නැංගාවූ ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
6. විභඞ්ගකෝවිද විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායිකවාචසිකසමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායිකවාචසිකසමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු (දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, පිළිදෙස්නීයි) පසෙකි. තොපට මෙය කියමි.
7. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
8. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු (පරිජි, දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, පිළිදෙස්නී යි) සදෙනෙකි. තොපට මෙය කියමි.
9. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීද්‍රයන් විසින් යම් වාචසික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ වාචසික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
10. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් වාචසික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ වාචසික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු (පරිජි, දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, දුබැසි යි) සයෙකි. තොපට මෙය කියමි.
11. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායික වාචසික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායික වාචසික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
12. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්‍ද්‍රයන් විසින් යම් කායික වාචසික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායික වාචසික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු (පරිජි, දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, පිළිදෙස්නී යි) සදෙනෙකි. තොපට මෙය කියමි.
තෙවන ආපත්ති සමුට්ඨාන ගාථා නිමි.
4. විපත්ති පච්චවාරය
1. ශීලවිපත්ති හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ශීලවිපත්ති හේතුයෙන් සිවු ඇවැතකට පැමිණෙයි: මෙහෙණ දැන දැන පරිජි ඇවැතක් සඟවා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇත්තී සඟවා නම් ථුලැසි ඇවැත් වෙයි, මහණ සඟවෙසෙසක් සඟවා නම් පචිති ඇවැත් වෙයි. තමාගේ තුළුල් ඇවැතක් සඟවා නම් දුකුළා ඇවැත් වේ. ශීලවිපත්ති හේතුවෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවු වැදැරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවු වැදැරුම් විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි චතුරාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහකරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් ද වචනයෙන්ද සිතින් ද නගිත්. සිවු වැදෑරුම්අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
2. ආචාර විපත්තිහෙතුයෙන් කෙතෙක් ඇවැතුන්ට පැමිණේ ද යත්: ආචාර විපත්තිහෙතුයෙන් එක් ඇවැතකට පැමිණෙයි: ආචාරවිපත්තිය පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ. ආචාර විපත්තිහෙතුයෙන් මේ එක් ඇවැතට පැමිණේ.
ඒ ඇවැත සිවුවැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජේ ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: