21. භජතිවාරය
1. විවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් බෙජේ ද, කිනම් අධිකරණයක් ඇසුරු කරණ ලද ද, කිනම් අධිකරණයකට ඇතුළත් ද, කිනම් අධිකරණයෙකින් සඞ්ග්‍රහ කරණ ලද ද,
2. අනුවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් බෙජේ ද, කිනම් අධිකරණයක් ඇසුරු කරණ ලද ද, කිනම් අධිකරණයකට ඇතුළත් ද, කිනම් අධිකරණයෙකින් සඞ්ග්‍රහ කරණ ලද ද,
3. ආපත්තාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයක් අතුරෙන් කිනම් අධිකරණයක් බෙජේ ද, කිනම් අධිකරණයක් ඇසුරු කරණ ලද ද, කිනම් අධිකරණයකට ඇතුළත් ද, කිනම් අධිකරණයෙකින් සඞ්ග්‍රහකරණ ලද ද,
4. කිච්චාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයක් බෙජේ ද, කිනම් අධිකරණයක් ඇසුරු කරණ ලද ද, කිනම් අධිකරණයකට ඇතුළත් ද, කිනම් අධිකරණයෙකින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්:
1. විවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් විවාදාධිකරණය බෙජෙයි. විවාදාධිකරණය ඇසුරු කරණ ලදි. විවාදාධිකරණයට ඇතුළත් ය. විවාදාධිකරණයෙන් සඞ්ග්‍රහ කරණ ලදි.
2. අනුවාදාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් අනුවාදාධිකරණය බෙජෙයි. අනුවාදාධිකරණය ඇසුරු කරණ ලදි. අනුවාදාධිකරණයට ඇතුළත් ය. අනුවාදාධිකරණයෙන් සඞ්ග්‍රහ කරණ ලදි.
3. ආපත්තාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණය බෙජෙයි. ආපත්තාධිකරණය ඇසුරු කරණ ලදි. ආපත්තාධිකරණයට ඇතුළත් ය. ආපත්තාධිකරණයෙන් සඞ්ග්‍රහ කරණ ලදී.
4. කිච්චාධිකරණය සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිච්චාධිකරණය බෙජෙයි. කිච්චාධිකරණය ඇසුරු කරණ ලදි. කිච්චාධිකරණයට ඇතුළත් ය. කිච්චාධිකරණයෙන් සඞ්ග්‍රහ කරණ ලදි.
1. විවාදාධිකරණය සත්වැදැරූම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයන් බෙජේ ද, කෙතෙක් ශමථයන් ඇසුරු කරණ ලද ද, කෙතෙක් ශමථයන්ට ඇතුළත් ද, කෙතෙක් ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද,
2. අනුවාදාධිකරණය සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයන් බෙජේ ද, කෙතෙක් ශමථයන් ඇසුරු කෙරේ ද, කෙතෙක් ශමථයන්ට ඇතුළත් ද, කෙතෙක් ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද.
3. ආපත්තාධිකරණය සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයන් බෙජේ ද, කෙතෙක් ශමථයන් ඇසුරු කෙරේ ද, කෙතෙක් ශමථයන්ට ඇතුළත් ද, කෙතෙක් ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද.
4. කිච්චාධිකරණය සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයන් බෙජේ ද, කෙතෙක් ශමථයන් ඇසුරු කෙරේ ද, කෙතෙක් ශමථයන්ට ඇතුළත් ද, කෙතෙක් ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්:
1. විවාදාධිකරණය සත්වැදැරූම් ශමථයන් අතුරෙන් දෙශමථයන් බෙජෙයි, දෙශමථයන් ඇසිරි කෙරෙයි. දෙශමථයන්ට ඇතුළත් යැ. දෙශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලදි. සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් දැයි දෙශමථයෙන් සන්හිඳේ.
2. අනුවාදාධිකරණය සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් සිවුශමථයන් බෙජෙයි. සිවුශමථයන් ඇසිරි කෙරෙයි. සිවුශමථයන්ට ඇතුළත් යැ. සිවුශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලදි. සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් දැයි සිවුශමථයෙන් සන්හිඳේ.
3. ආපත්තාධිකරණය සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් තුන් ශමථයන් බෙජෙයි. තුන්ශමථයන් ඇසිරි කෙරෙයි. තුන්ශමථයන්ට ඇතුළත් යැ. තුන්ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලදි. සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන්ශමථයෙන් සන්හිඳේ.
4. කිච්චාධිකරණය සත්වැදැරූම් ශමථයන් අතුරෙන් එක් ශමථයක් බෙජෙයි. එක් ශමථයක් ඇසිරි කෙරෙයි. එක් ශමථයකට ඇතුළත් යැ. එක් ශමථයෙන් සඞ්ග්‍රහ කරණ ලදි. සම්මුඛාවිනය සංඛ්‍යාත එක් ශමථයෙන් සන්හිඳේ යයි.
එක්විසිවන භජතිවාරය නිමි.
සමථභේදය නිමියේ යි.
එහි නාමාවලිය:
අධිකරණ යැ පරියාය යැ සාධාරණ යැ තද්භාගී යැ ශමථාශමථසාධාරණ යැ සමථ තද්භාගීය යැ.
ශමථ සම්මුඛාවිනය යැ කුශලවාරය සමග යත්‍ථවාර යැ ශමථ යැ සංසට්ඨ යැ සම්මති යැ න සම්මති යැ ශමථාධිකරණ යැ සමුට්ඨාපන යැ භජතිවාර යි.