ඛන්ධකපුච්ඡා
1. නිදාන සහිත නිර්දේශ සහිත උපසම්පදාඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ (ඇවැත් පැණ වූ පදයන්ගේ) ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත උපසම්පදාඛන්ධකය විසඳමි, උත්කෘෂ්ටපදයන්ගේ (පචිති - දුකුළා) ඇවැත් දෙකෙකි.
2. නිදාන සහිත නිර්දේශ සහිත උපෝසථක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන් ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත උපෝසථක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
3. නිදාන සහිත නිර්දේශ සහිත වස්සූපනායිකක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත වස්සූපනායිකක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
4. නිදාන සහිත නිර්දේශ සහිත පවාරණක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත පවාරණක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
5. නිදාන සහිත නිර්දේශ සහිත චම්මක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙනෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත චම්මක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
6. නිදාන සහිත නිර්දේශ සහිත භෙසජ්ජඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත භෙසජ්ජඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
7. නිදාන සහිත නිර්දේශ සහිත කඨිනක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත කඨිනක්ඛන්ධකය විසඳමි. එහි උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් නැති.
8. නිදාන සහිත නිර්දේශ සහිත චීවරක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත චීවරක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - නිසඟි පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
9. නිදාන සහිත නිර්දේශ සහිත චම්පෙය්යක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන් ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත චම්පෙය්යක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
10. නිදාන සහිත නිර්දේශ සහිත කෝසම්බකක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත කෝසම්බකක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
11. නිදාන සහිත නිර්දේශ සහිත කම්මක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත කම්මක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
12. නිදාන සහිත නිර්දේශ සහිත පාරිවාසිකක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත පාරිවාසිකක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
13. නිදාන සහිත නිර්දේශ සහිත සමුච්චයක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සමුච්චයක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
14. නිදාන සහිත නිර්දේශ සහිත සමථක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සමථක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදයන්ගේ (පචිති - දුකුළා) ඇවැත් දෙකෙකි.
15. නිදාන සහිත නිර්දේශ සහිත ඛුද්දකවත්ථුකක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත ඛුද්දකවත්ථුකක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
16. නිදාන සහිත නිර්දේශ සහිත සේනාසනක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සේනාසනක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති - දුකුළා) ඇවැත් තුණෙකි.
17. නිදාන සහිත නිර්දේශ සහිත සඞ්ඝභේදකක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ට පදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත සඞ්ඝභේදකක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (ථුලැසි - පචිති) ඇවැත් දෙකෙකි.
18. නිදාන සහිත නිර්දේශ සහිත වත්තක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත වත්තක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
19. නිදාන සහිත නිර්දේශ සහිත පාතිමොක්ඛඨපනක්ඛන්ධකය පුළුවුස්මි. උත්කෘෂ්ටපදයන්ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත පාතිමොක්ඛඨපනක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ එක් (දුකුළා) ඇවැතෙකි.
20. නිදාන සහිත නිර්දේශ සහිත භික්බුනීක්ඛන්ධකය පුළුවුස්මි, උත්කෘෂ්ටපදයන් ගේ ඇවැත් කෙතෙක යත්: නිදාන සහිත නිර්දේශ සහිත භික්බුනීක්ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ටපදයන්ගේ (පචිති - දුකුළා) ඇවැත් දෙකෙකි.