2. කතාපත්තිවාරය
1. පළමුවන ආපත්තිසමුට්ඨානයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: පළමුවන ආපත්තිසමුට්ඨානයෙන් පස් ඇවැතකට පැමිණෙයි: මහණ කැපැයි හැඟීම් ඇති වැ තමා අල්වා ගත් උපකරණයෙන් නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්ම වූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ ද, පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නො පත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත් කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ කැපැයි හැඟීම් ඇති වැ නො කල්හි බොජුන් වළඳා නම් පචිති ඇවැත් වෙයි, මහණ කැපැයි හැඟීම් ඇතිවැ ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වේ. පළමුවන ආපත්තිසමුට්ඨානයෙන් මේ ඇවැත්පසට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, සවැදැරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහකරණ ලදහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසි විටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලවච්චායාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාටිදේසනීයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි පඤ්චාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: කයින් නගිති, වචනයෙන් නො නගිති, සිතින් නො නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
2. දෙවන ආපත්තිසමුට්ඨානයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දෙවන ආපත්තිසමුට්ඨානයෙන් සිවු ඇවැතකට පැමිණේයි: මහණ කැපැයි හැඟීම් ඇති වැ “මට කුටියක් කරව” යි කියා ද, ඒ මහණහට නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්මවූ උවදුරු සහිත වූ උපචාර රහිත කුටියක් කරත් නම් පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නො පත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත් කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ කැපැයි හැඟීම් ඇති වැ අනුපසපනක්හට පදවශයෙන් ධර්‍මය කියවා නම් පචිති ඇවැත් වේ. දෙවන ආපත්තිසමුට්ඨානයෙන් මේ සිවු ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, ... සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධ යෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි චතුරාපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිති: වචනයෙන් නගිති. කයින් නො නගිති, සිතින් නො නගිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණය. සත් වැදැරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛයාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.
3. තුන්වන ආපත්තිසමුට්ඨානයෙන් කිහි ඇවැතකට පැමිණේ ද යත්: තුන්වන ආපත්තිසමුට්ඨගානයෙන් පස් ඇවතකට පැමිණෙයි: මහණ කැපැයි හැඟීම් ඇති වැ සංවිධාන කොට නො දෙසන ලද කුටිවාස්තු ඇති පමණ ඉක්මවූ උවදුරු සහිත උපචාර රහිත වූ කුටියක් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, එක් පිඬක් නොපත් කල්හි ථුලැසි ඇවැත් වෙයි, ඒ පිඬ පත්කල්හි සඟවෙසෙස් ඇවැත් වෙයි, මහණ හැඟීම් ඇති වැ පිණි බොජුන් තමා පිණිස විනවා වළඳානම් පචිති ඇවැත් වෙයි, මහණ කැපැයි හැඟීම් ඇතිවැ අණවන මෙහෙණ නො වළක්වා වළඳානම් පිළිදෙස්නී ඇවැත් වේ. තුන්වන ආපත්තිසමුට්ඨානයෙන් මේ පස් ඇවැතට පැමිණේ.