19. සමථාධිකරණවාරය
ශමථයෝ ශමථයෙන් සන්හිඳෙත් ද, ශමථයෝ අධිකරණයෙන් සන්හිඳෙත් ද, අධිකරණයෝ ශමථයෙන් සන්හිඳෙත් ද, අධිකරණයෝ අධිකරණයෙන් සන්හිඳෙත් ද යත්:
කිසිවිටෙක ශමථයෝ ශමථයෙන් සන්හිඳෙති. කිසිවිටෙක ශමථයෝ ශමථයෙන් නො සන්හිඳෙත්. කිසිවිටෙක ශමථයෝ අධිකරණයෙන් සන්හිඳෙති. කිසි විටෙක ශමථයෝ අධිකරණයෙන් නො සන්හිඳෙත්. කිසිවිටෙක අධිකරණයෝ ශමථයෙන් සන්හිඳෙති. කිසිවිටෙක අධිකරණයෝ ශමථයෙන් නො සන්හිඳෙත්. කිසි විටෙක අධිකරණයෝ අධිකරණයෙන් සන්හිඳෙති. කිසිවිටෙක අධිකරණයෝ අධිකරණයෙන් නො සන්හිඳෙත්.
(1)
කිසිවිටෙක ශමථයෝ ශමථයෙන් කෙසේ සන්හිඳෙත් ද, කිසිවිටෙක ශමථයෝ ශමථයෙන් කෙසේ නො සන්හිඳෙත් ද යත්:
යේභුය්යසිකාව සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. සතිවිනයෙන් නො සන්හිඳෙයි. අමූළ්හවිනයෙන් නො සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නො සන්හිඳෙයි. තස්සපාපිය්යසිකායෙන් නො සන්හිඳෙයි. තිණවත්ථාරකයෙන් නො සන්හිඳේ.
සතිවිනය සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. අමූළ්හවිනයෙන් නො සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නො සන්හිඳෙයි. තස්සපාපිය්යසිකායෙන් නො සන්හිඳෙයි. තිණවත්ථාරකයෙන් නො සන්හිඳෙයි. යේභුය්යසිකායේන් නො සන්හිඳේ.
අමූළ්හවිනය සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නො සන්හිඳෙයි. තස්සපාපිය්යසිකායෙන් නො සන්හිඳෙයි. තිණවත්ථාරකයෙන් නො සන්හිඳෙයි. යේභුය්යසිකායේන් නො සන්හිඳෙයි. සතිවිනයෙන් නො සන්හිඳේ.
පටිඤ්ඤාතකරණය සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. තස්සපාපිය්යසිකායෙන් නො සන්හිඳෙයි. තිණවත්ථාරකයෙන් නො සන්හිඳෙයි. යේභුය්යසිකායේන් නො සන්හිඳෙයි. තිණවත්ථාරකයෙන් නො සන්හිඳෙයි. යේභුය්යසිකායේන් නො සන්හිඳෙයි. සතිවිනයෙන් නො සන්හිඳෙයි. අමූළ්හවිනයෙන් නො සන්හිඳේ.
තස්සපාපිය්යසිකාව සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. තිණවත්ථාරකයෙන් නො සන්හිඳෙයි. යේභුය්යසිකායේන් නො සන්හිඳෙයි. සතිවිනයෙන් නො සන්හිඳෙයි. අමූළ්හවිනයෙන් නො සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නො සන්හිඳේ.
තිණවත්ථාරකය සම්මුඛාවිනයෙන් සන්හිඳෙයි. යේභුය්යසිකායේන් නො සන්හිඳෙයි. සතිවිනයෙන් නො සන්හිඳෙයි. අමූළ්හවිනයෙන් නො සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් නො සන්හිඳෙයි. තස්සපාපිය්යසිකායෙන් නො සන්හිඳේ.
මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයෙන් සන්හිඳෙති. මෙසේ කිසිවිටෙක ශමථයෝ ශමථයෙන් නො සන්හිඳෙත්.
(2)
කිසිවිටෙක ශමථයෝ අධිකරණයෙන් කෙසේ සන්හිඳෙත් ද, කිසිවිටෙක ශමථයෝ අධිකරණයෙන් කෙසේ නො සන්හිඳෙත් ද යත්:
සම්මුඛාවිනය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
යේභුය්යසිකාව විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
සතිවිනය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන් හිඳේ.
අමූළ්හවිනය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
පටිඤ්ඤාතකරණය විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණ යෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
තස්සපාපිය්යසිකාව විවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
තිණවත්ථාරකය විවාදායිකරණයෙන් නො සන්හිඳෙයි. අනුවාදාධිකරණයෙන් නො සන්හිඳෙයි. ආපත්තාධිකරණයෙන් නො සන්හිඳෙයි. කිච්චාධිකරණයෙන් සන්හිඳේ.
මෙසේ කිසිවිටෙක ශමථයෝ අධිකරණයෙන් සන්හිඳෙති. මෙසේ කිසි විටෙක ශමථයෝ අධිකරණයෙන් නො සන්හිඳෙත්.
(3)
කිසිවිටෙක අධිකරණයෝ ශමථයෙන් කෙසේ සන්හිඳෙත් ද, කිසිවිටෙක අධිකරණයෝ ශමථයෙන් කෙසේ නො සන්හිඳෙත් ද යත්:
විවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකායේන් ද සන්හිඳෙයි. සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්යසිකායෙන් ද තිණවත්ථාරකයෙන් ද නො සන්හිඳේ.