18. සම්මති න සම්මතිවාරය
විවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද, අනුවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද, ආපත්තාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද, කිච්චාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්:
1. විවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකායේන් දැයි දෙ ශමථයෙන් සන්හිඳෙයි. සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්යසිකායෙන් ද තිණවත්ථාරකයෙන් දැයි පස් ශමථයෙන් නො සන්හිඳේ.
2. අනුවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්ස පාපිය්යසිකායෙන් දැයි සිවු ශමථයෙන් සන්හිඳේ. යේභුය්යසිකායේන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් නො සන්හිඳේ.
3. ආපත්තාධිකරණය සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙයි. යේභුය්යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්යසිකායෙන් දැයි සිවු ශමථයෙන් නො සන්හිඳේ.
4. කිච්චාධිකරණය සම්මුඛාවිනයසඞ්ඛ්යාත එක් මැ ශමථයෙන් සන්හිඳෙයි. යේභුය්යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්යසිකායෙන් ද තිණවත්ථාරකයෙන් දැයි ෂට් ශමථයෙන් නො සන්හිඳේ.
5. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්යසිකායෙන් දැයි පස් ශමථයෙන් සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි දෙ ශමථයෙන් නො සන්හිඳේ.
6. විවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකායේන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි සිවු ශමථයෙන් සන්හිඳෙයි. සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්යසිකායෙන් දැයි තුන් ශමථයෙන් නො සන්හිඳේ.
7. විවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකායේන් දැයි දෙ ශමථයෙන් සන්සිඳෙයි. සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්යසිකායෙන් ද තිණවත්ථාරකයෙන් දැයි පස් ශමථයෙන් නො සන්සිඳේ.
8. අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්යසිකායෙන් ද තිණවත්ථාරකයෙන් දැයි ෂට් ශමථයෙන් සන්හිඳෙයි, යේභුය්යසිකාසඞ්ඛ්යාත එක් මැ ශමථයෙන් නො සන්හිඳේ.
9. අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්යසිකායෙන් දැයි සිවු ශමථයෙන් සන්හිඳෙයි. යේභුය්යසිකායේන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් නො සන්හිඳේ.
10. ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: ආපත්තාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙයි. යේභුය්යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්යසිකායෙන් දැයි සිවු ශමථයෙන් නො සන්හිඳේ.
11. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද ආපත්තාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තස්සපාපිය්යසිකායෙන් ද තිණවත්ථාරකයෙන් දැයි සප්ත ශමථයෙන් සන්හිඳේ.
12. විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කෙතෙක් ශමථයෙන් නො සන්හිඳේ ද යත්: විවාදාධිකරණය ද අනුවාදාධිකරණය ද කිච්චාධිකරණය ද සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකායේන් ද සතිවිනයෙන් ද අමූළ්හ විනයෙන් ද තස්සපාපිය්යසිකායෙන් දැයි පස් ශමථයෙන් සන්හිඳෙයි. පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි දෙශමථයෙන් නො සන්හිඳේ.