15. සමථවාරය
1. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකායේන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි යේභුය්යසිකාව ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි යේභුය්යසිකාව ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්යාසිකාව නො ලැබෙයි, එහි තිණවත්ථාරකය නො ලැබේ.
2. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි සතිවිනය ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි සතිවිනය ලැබෙයි. එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්යසිකාව නො ලැබෙයි, එහි තිණවත්ථාරකය නො ලැබෙයි, එහි යේභුය්යසිකාව නො ලැබේ.
3. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි අමූළ්හවිනය ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි අමූළ්හවිනය ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්යසිකාව නො ලැබෙයි, එහි තිණවත්ථාරකය නො ලැබෙයි, එහි යේභුය්යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබේ.
4. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි පටිඤ්ඤාතකරණය ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි පටිඤ්ඤාතකරණය ලැබෙයි. එහි තස්සපාපිය්යසිකාව නො ලැබෙයි, එහි තිණවත්ථාරකය නො ලැබෙයි, එහි යේභුය්යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබේ.
5. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද තස්සපාපිය්යසිකාවෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි තස්සපාපිය්යසිකාව ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි තස්සපාපිය්යසිකාව ලැබෙයි. එහි තිණවත්ථාරකය නො ලැබෙයි, එහි යේභුය්යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබේ.
6. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් ද අධිකරණය සන්හිඳේ නම් යම් තැනෙක්හි තිණවත්ථාරකය ලැබේ නම් එහි සම්මුඛාවිනය ලැබෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය ලැබේ නම් එහි තිණවත්ථාරකය ලැබෙයි. එහි යේභුය්යසිකාව නො ලැබෙයි, එහි සතිවිනය නො ලැබෙයි, එහි අමූළ්හවිනය නො ලැබෙයි, එහි පටිඤ්ඤාතකරණය නො ලැබෙයි, එහි තස්සපාපිය්යසිකාව නො ලැබේ.
පසළොස්වන සමථවාරය නිමි.
16. සංසට්ඨවාරය
අධිකරණයැ යි හෝ ශමථයැ යි හෝ මේ ධර්මයෝ මිශ්ර වූවෝ ද නොහොත් අමිශ්ර වූවෝ ද, බෙදාලමින් මේ ධර්මයන්ගේ නානාත්වය පණවන්නට ලැබේ ද යත්:
“අධිකරණයැ යි හෝ ශමථයැ යි හෝ මේ ධර්මයෝ අමිශ්ර වෙති, මිශ්ර නො වෙත්. බෙදාලමින් මේ ධර්මයන්ගේ නානාත්වය පණවන්නට ලැබේ” යැයි (යමෙක් කියා නම්) හේ ‘මෙසේ නහමක් කිය’ යි කියයුතු වන්නේය. අධිකරණයැ යි හෝ ශමථයැ යි හෝ මේ ධර්මයෝ මිශ්ර වෙති. අමිශ්ර නො වෙත්. බෙදාලමින් මේ ධර්මයන්ගේ නානාත්වය පණ වන්නට නො ලැබේ. කවර හෙයිනැ යත්: භාග්යවතුන් වහන්සේ විසින් “මහණෙනි, මේ අධිකරණ සතරෙක, ශමථ සතෙක, අධිකරණයෝ ශමථයෙන් සන්හිඳෙති, ශමථයෝ අධිකරණයෙන් සන්හිඳෙත්.” යයි වදාරණ ලද්දේ නො වේ ද, මෙසේ මේ ධර්මයෝ මිශ්ර වෙති, අමිශ්ර නො වෙත්. බෙදාලමින් මේ ධර්මයන්ගේ නානාත්වය පණවන්නට නො ලැබේ මැ යි.
සොළොස්වන සංසට්ඨවාරය නිමි.
17. සම්මතිවාරය
විවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, අනුවාදාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, ආපත්තාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, කිච්චාධිකරණය කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්:
1. විවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද යේභුය්යසිකායේන් දැයි දෙ ශමථයෙන් සන්හිඳෙයි.
2. අනුවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද තස්සපාපිය්යසිකායෙන් දැයි සිවු ශමථයෙන් සන්හිඳෙයි.
3. ආපත්තාධිකරණය සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙයි.
4. කිච්චාධිකරණය සම්මුඛාවිනය සඞ්ඛ්යාත එක් මැ ශමථයෙන් සන්හිඳේ.